හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන් ශ්‍රී ලංකා ධරණි තලය මත පහළවූ ශ්‍රේෂ්ඨතම සාහිත්‍යධරයකු බව අප සියල්ලන්ම දන්නා කරුණකි. තොරතුරු තාක්ෂණය ප්‍රවර්ධනය වෙනුවෙන් කැපවුනු මෙවන් වසරක මේ අපගේ උත්සාහය සාහිත්‍යධරයා සහ විද්‍යාධරයා අතර වර්තමානයේ පවතින දුරස්ථභාවය පිළිබඳව සංවාදයට ගැනීමටයි. ඒ, අදට යෙදෙන එතුමාගේ 119වෙනි ජන්ම දිනය වෙනුවෙනි.
මාර්ටින් වික්‍රමසිංහ යනු හුදෙක් සාහිත්‍යධරයෙක් පමණක් නොව ශ්‍රේෂ්ඨ විද්‍යාධරයෙකුද වන බවට මනා සාක්ෂියකි, "ග්‍රාමීය විද්‍යා ...
"කාලයේ දුහුලින් වැසී ගිය ශ්‍රී ලාංකේය චුල සංස්කෘතියේ අක්මුල් සොයා යන්නට" විශාකා විද්‍යාලීය කලා මංගල්‍යය සංවිධානය වී තිබිණි.
"ශ්‍රී සම්බුද්ධ වර්ෂ දෙදහස් පන්සීය පනස් තුනක් වු වෙසක් මස විසි හත් වන බුධ දින. නිසයුරු අවර සොයා දෙහෝරාවක් පියමන් කළ සඳ, සමන් චන්ද්‍රරණසිංහ ඇදුරාණන්ගේ මුලසුන් හෙබවීමෙන් මිගාර මාතා කරළියේ, සකල ප්‍රර්ථනාවෝ අභිනන්දනය කරමින් දොරට වඩින විශාඛා කලා මහෝත්සවයයේ දැහැන් ගත වන්නට" කළ ...
කොළඹ රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන “අසෙනිය කුසුම” සිංහල භාෂා හා සාහිත්‍ය කලා උළෙල හා සමගාමීව පැවැත්වීමට යෙදෙන සිංහල භාෂා හා සාහිත්‍ය තරග අතරට එක්වන සිංහල බ්ලොග්කරණ තරගාවලිය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාව කොළඹ රාජකීය විද්‍යාලයීය සම්මන්ත්‍රණ ශාලාවේ පසුගිය බ්‍රහස්පතින්දා (2009 මැයි මස 21 වැනිදා) උදෑසන 9.30ට පැවැත්විණි.
මෙම අවස්ථාව කොළඹ රාජකීය විද්‍යාලයේ ...
සාමාන්‍යයෙන් ඹ්නෑම මාධ්‍ය සාකච්ඡාවකදී පිටුපස තිරයට ඩිජිටල් ක්‍රමයට මුද්‍රණය කරන පසු තිර භාවිතා කිරීම අනිවාර්ය අංගයක්. කැමරාවල එම මාධ්‍ය සාකච්චාවට අදාල ආයතන වල ලාංඡන සනිටුවන් කරවීමයි මෙමඟින් බලාපොරොත්තු වන්නේ.
www.sahithya.lk වෙබ් අඩවිය, අන්තර්ජාලයට එක් කරමින් පැවැත්වු මාධ්‍ය සාකච්ඡාවේදී අපි පුංචි උත්සාහයක යෙදුනා ඩිජිටල් මුද්‍රණ තාක්ෂණය වෙනුවට විකල්ප තාක්ෂණික ක්‍රමයක් යොදා ගැනීමට.
මේ සඳහා යොදා ගනු ලැබුවේ ඩිජිටල් ප්‍රක්ෂේපණ යන්ත්‍රයක්. කථිකයන් ගේ පිටුපස ...