ආරාධනාවයි – අසෙනිය කුසුම 2009
නොවැම්බර් 18, 2009 · සම්පාදනය සාහිත්‍ය ඒකකය විසිනි
අනුරාධපුර,
පොළොන්නරුව,
දඹදෙනිය,
යාපහුව,
කුරුණෑගල,
ගම්පොල,
කෝට්ටේ,
මහනුවර,
කොළඹ,
??????
ඊළඟට
අපි
කොහාට ද?
අපේ භාෂාවේ
අපේ සාහිත්‍යයේ
අනාගත හැඩතලය
අපි දකින
භාෂාවේ අනාගතය…
අන්තර්ජාලය
තාක්ෂණය
තොරතුරු
භාෂාව
සාහිත්‍යය
අපි?
කොතැන ද?
කොතැනට ද?
එන්න,
අනාගතය
අද දකින්න
2009ක්වූ නොවැම්බර් මස
27වෙනි දින
2.30ට
නවරඟහලට…
ආයුබෝවන්,
කොළඹ රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය විසින් සංවිධානය කරන ලද සිංහල බ්ලොග්කරණ තරගාවලියට සහභාගීත්වය පළ කරමින් ඔබ අප වෙත දැක්වූ දායකත්වය වෙත අපි අපගේ කෘතඥතාව පළ කරමු.
අප සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය විසින් සංවිධානය කරනු ලබන “අසෙනිය කුසුම” සාහිත්‍ය කලා මහෝත්සවය 2009 නොවැම්බර් මස 27 වෙනි දින සවස 2.30ට පැවැත්වෙනු ලබන අතර සිංහල බ්ලොග්කරණ තරගාවලියෙන් ජයග්‍රහණය කරනු ලැබූ ජයග්‍රාහක බ්ලොග් අඩවි එදින නිවේදනය කරනු ඇත. එබැවින් කරුණාකර ඔබ හෝ ඔබ නියෝජනය කරමින් කවරෙකු හෝ අප සාහිත්‍ය කලා උළෙල වෙනුවෙන් සහභාගි කරවන මෙන් අපි ඉල්ලා සිටිමු.
ඔබ වෙත ජයග්‍රහණය හිමි වුවහොත් ඔබට සභාව ඇමතීමට අප විසින් ඉඩ ලබාදෙනු ලබන අතර. ඔබගේ කතාව උපරිම වශයෙන් විනාඩියකට පමණක් සීමා කරන මෙන් අපි කාරුණිකව ඉල්ලා සිටිමු. ඔබගේ කතාව විනාඩියකට වඩා කාලයක් ඉක්මවීම සිදුවුවහොත් අප විසින් අපගේ සංගීත ඛණ්ඩයක් වාදනය කරවනු ඇත. පාසල් භූමියට ගැලපෙන ඇඳුමකින්. සවස 2.00ට ප්‍රථම අප විද්‍යාලයීය නවරඟහල් ශාලාව වෙතට පැමිණෙන මෙන් අපි කාරුණිකව ඉල්ලා සිටිමු.
මීට අමතරව ඔබගේ ජංගම දුරකථනය හරහා ඔබගේ Twitter යාවත්කාලීන කිරීමට, අදාල GPRS හෝ වෙනත් සැකසුම් සකසාගෙන පැමිණීමෙන්, එම අවස්ථාවේ ඔබට තවත් ආකර්ශණීය ඉසව්වකට සහභාගී වීමට අවකාශ අප විසින් සලසා දෙනු ඇත. එදින කලා උළෙල පැවැත්වෙන අවස්ථාවේ “@sahithyalk” යෙදුම සහිතව ඔබගේ Twitter ගිණුම යාවත්කාලීන කිරීමෙන් ඔබ තවත් තරග ඉසව්වකට ඇතුළත් කරගනු ලැබෙනු ඇත. එදින ඔබ විසින් යාවත්කාලීන කෙරෙන සටහන්. LED තිරයක අප විසින් ප්‍රදර්ශනය කරනු ලැබේ. තෝරාගත් Twitter යාවත්කාලීන කිරීම් සඳහා ඇගයීමක් අප විසින් සිදු කෙරෙනු ඇත.
ස්තූතියි.








මම මේ ගැන දන්නෙ දැන්.. පරක්කුයි වගේ…..
කමක් නෑ….
මට පුළුවනිද ඔයගොල්ලන්ගෙ “අසෙිය කුසුම 2009″ බලන්න විතරක් එන්න.
ඒ අවස්ථාව දෙන්න පුළුවනි නම් මට ඊ මේල් 1ක් එවන්න
බොහොම සිතූතියි…