අසෙනිය කුසුම හෙටයි!

නොවැම්බර් 26, 2009 · සම්පාදනය සාහිත්‍ය ඒකකය විසිනි

කොළඹ රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය විසින් සංවිධානය කරනු ලබන අසෙනිය කුසුම සාහිත්‍ය කලා මහෝත්සවය හෙට දින. එනම් 2009ක්වූ නොවැම්බර් මස 27වෙනි දින පස්වරු 2.30ට රාජකීය විද්‍යාලයීය නවරඟහල් ශාලාවේ පැවැත්වෙනු ඇත. ඒ සඳහා සියලු වැඩකටයුතු මේ වන විට කඩිනමින් සූදානම් වෙමින් පවතී.

සිංහල බ්ලොග්කරණ තරගාවලියෙන් ජයග්‍රහණය ලැබූ බ්ලොග්කරුවන්, අන්තර්පාඨශාලයීය භාෂා හා සාහිත්‍ය තරගාවලියෙන් ජයග්‍රහණය ලැබූ සිසු සිසුවියන් සහ විද්‍යාලය තුළ පැවැත්වූ භාෂා හා සාහිත්‍ය තරගාවලි අතුරින් ජයග්‍රහණය ලැබූ සහෝදර රාජකීයයන් එදින සිය සම්මාන, සහතික පත්‍ර සහ ත්‍යාග ලබාගනු ඇත.

බ්ලොග්කරණ තරගාවලියේ සම්මාන සඳහා නිර්දේශිත නාමයන්, කලා උළෙල අවස්ථාවේදී ප්‍රකාශයට පත් කිරීමට අපි තීරණය කළෙමු.

සිංහල බ්ලොග්කරණ තරගාවලිය සඳහා ඉදිරිපත් වූ සියලුම බ්ලොග්කරුවන්ගේ පැමිණීම එදින අපි අපේක්ෂා කරමු.



එක් ප්‍රතිචාරයක් to “අසෙනිය කුසුම හෙටයි!”
  1. neranji පවසන්නේ:

    අපිට තරඟෙට එක් වෙන්න පුළුවන්ද 2010 දි

ඔබේ ප්‍රතිචාරය

පූර්ණ අනුග්‍රහය

Sponsors

සම අනුග්‍රහය

microsoft