අප භාෂා හා සාහිත්‍ය ඒකකය විසින් සංවිධානය කරන ලද අසෙනිය කුසුම සාහිත්‍ය කලා මහෝත්සවයේ ඡායාරූප අන්තර්ජාලය වෙත නිකුත් කර ඇත. ෆේස්බුක් වෙබ් අඩවියේ පහත යොමු හරහා ඔබට එම ඡායාරූප ලබාගැනීමට හැකියාව ලැබෙනු ඇත.
ඇල්බමය අංක එක - http://www.facebook.com/album.php?aid=187909&id=1118179407
ඇල්බමය අංක දෙක - http://www.facebook.com/album.php?aid=187911&id=1118179407
කොළඹ රාජකීය විද්‍යාලය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය විසින් 2009ක්වූ නොවැම්බර් මස 27වෙනි දින රාජකීය විද්‍යාලයීය නවරඟහල් ශාලාවේ අති උත්කර්ෂවත් අන්දමින් සංවිධානය කරන ලද අසෙනිය කුසුම සාහිත්‍ය කලා මහෝත්සවයෙහි වීඩියෝ දර්ශන මෙසේ අප ඔබ දෑස් මත දිගහරින්නෙමු.
http://www.youtube.com/user/leroyaletv#grid/user/C6B497D484FEF3F3
කොළඹ රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය විසින් සංවිධානය කරනු ලැබූ "අසෙනිය කුසුම" සාහිත්‍ය කලා මහෝත්සවය 2009ක්වූ නොවැම්බර් මස 27වෙනි සිකුරාදා දින උත්සවාකාරයෙන් පැවැත්විණි. මෙහිදී පාසල තුළ පැවැත්වූ භාෂා හා සාහිත්‍ය තරගාවලි අතුරෙන් ජයග්‍රහණය ලැබූ විද්‍යාලයීය ශිෂ්‍යයින්, රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය විසින් සංවිධානය කරනු ලැබූ සමස්ත ලංකා අන්තර් පාඨශාලයීය භාෂා හා සාහිත්‍ය තරගාවලියේ ජයග්‍රාහකයින් සහ ප්‍රථම ...