සිංහල බ්ලොග්කරණ තරගාවලිය ඇරඹේ!

June 1, 2009 · සම්පාදනය සාහිත්‍ය ඒකකය විසිනි

කොළඹ රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය විසින් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායනයේ පූර්ණ අනුග්‍රහය යටතේ පවත්වනු ලබන සිංහල බ්ලොග්කරණ තරගාවලිය මෙසේ ඇරඹෙන වගයි! 2009 ජුනි මස පළමුවන දා සිට අගෝස්තු මස 30වෙනි දින දක්වා පැවැත්වෙන අතර සැප්තැම්බර් මස පැවැත්වීමට නියමිත “අසෙනිය කුසුම” සිංහල භාෂා හා කලා උළෙල අතරතුරදී සම්මාන හා ත්‍යාග ප්‍රදානයට නියමිතයි. සිංහල භාෂාව, සිංහල යුනිකේතය හා අන්තර්ජාල ජනමාධ්‍යකරණය ප්‍රවර්ධනයට ඉදිරි පියවරක් වශයෙන් මෙම සිංහල බ්ලොග්කරණ තරගාවලිය සැලකිය හැකියි. එසේනම්, එක්වන්න සිංහල බ්ලොග්කරණ තරගාවලිය සමඟින්!

බ්ලොග්කරණයට පිවිසෙමු.
සිංහල බ්ලොග්කරණ තරගාවලිය.
තරග නීති රීති සහ කොන්දේසි.
ලාංඡන.
තරගාවලියට ඇතුළත් වීම.

ඔබට ජය!



ප්‍රතිචාර 9 to “සිංහල බ්ලොග්කරණ තරගාවලිය ඇරඹේ!”
  1. Thilina says:

    මෙම තරගයේ අප දැමිය යුතු කිසියම් නියම්ත පෝස්ට් ගණනක් තිබිය යුතුද? (උදා :- බීලොග් මැරතන් වලදී විනාඩි 15 න් 15 ට පෝස්ට් දැමීම වැනි දෙයක්)

  2. තිළිණ වෙත- නැහැ. එසේ නියමිත සටහන් ගණනක් නැහැ. නමුත්, වැඩිපුර බ්ලොග් සටහන් ඇතුලත් කිරීම ඔබට වාසිදායක වනු ඇත.

  3. chinthaka says:

    මේ වන විට මාගේ බ්ලොග් පිටුව ඇතුලත මාගේ නොවන නිර්මාණ අතලොස්සක් ඇත හුදෙක්ම ඒවා රස වින්දනය කල යුතු බැවින් යහපත් චේතනාවෙන් පල කලෙමි එය මට භාදාවක් වේවිද? මේ තරගාවලියට සහභාගී වීමට?

  4. චින්තක වෙත- ප්‍රමාද වූ ප්‍රතිචාරය වෙත සමාවන්න. එම වෙනත් නිර්මාණ වල හිමිකාරත්වයද සහිතව ඔබගේ බ්ලොග් අඩවියේ ප්‍රකාශයට පත් කර ඇත්නම් එහි ගැටලුවක් නැත. නමුත් විවෘත අංශය යට‍තේ ඉදිරිපත් වන බ්ලොග් අඩවි විනිශ්චයට ලක් කරනු ලබන්නේ ස්වතන්ත්‍ර නිර්මාණ වේ.

  5. බ්ලොග්කරණ තරගාවලියට බ්ලොග් අඩවිය ඇතුලු වුනාද යන්න අපි සොයාගන්නේ කෙසේද?

  6. චාමර වෙත,
    ඔබේ බ්ලොග් අඩවිය සිංහල බ්ලොග්කරණ තරගාවලියට ඇතුළත් කරගත් පසු ඔබට E-Mail ලිපියක් මඟින් දන්වනු ඇත. එමෙන්ම ඔබට http://reader.sahithya.lk වෙතට ඇතුළත් වී ඔබේ බ්ලොග් අඩවිය එහි තරගකරු බ්ලොග් අඩවි ලැයිස්තුවේ ඇත්දැයි පරික්ෂා කර හැක.

  7. sampath says:

    කෝ මගේ නම එතන නෑ නේ?

  8. අනූ says:

    අපි ප්‍රමාද වැඩි ද?

  9. Geeth says:

    මම මෙම තරගාවලීය සදහා අයදුම් පතක් ගිය සිකුරාදා Email කල අතර තවමත් මගේ අඩවිය ඔබ තරගාවලීයට ඇතුලත් තරගෙන නොමැත. ඒ පිළිබදව සොයා බලන මෙන් කරුණිකව ඉල්ලා සිටිමි.

ඔබේ ප්‍රතිචාරය

පූර්ණ අනුග්‍රහය

Sponsors

සම අනුග්‍රහය

microsoft