සිංහල බ්ලොග්කරණ තරගාවලිය පිළිබඳ සුභාරතී ගුවන්විදුලි සාකච්ඡාව

June 8, 2009 · සම්පාදනය සාහිත්‍ය ඒකකය විසිනි

ආයුබෝවන්,
කොළඹ රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා විද්‍යාලය විසින් පැවැත්වීමට යෙදෙන සිංහල බ්ලොග්කරණ තරගාවලිය පිළිබඳ කෙරෙන සුභාරතී ගුවන්විදුලි සාකච්ඡාව හෙට (2009 ජුනි 07) උදෑසන 07ට ස්වදේශීය සේවය නාලිකා‍ව හරහා ශ්‍රාවක ඔබට සවන්දීමේ හැකියාව ඇත. මෙම වැඩසටහන සඳහා කොළඹ රාජකීය විද්‍යාලයේ ක්‍රීඩා හා සංගම් භාර ආචාර්ය M. T. A. රවුෆ් ගුරු පියාණන් මෙන්ම කොළඹ රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය නියෝජනය කරමින්…
එහි සභාපති,
ලක්පති විජේසේකර
සිංහල බ්ලොග්කරණ තරගාවලියේ ව්‍යාපෘති නිලධාරී,
සුපුන් සුදාරක
සහභාගී වීමට නියමිතයි.

මෙදින www.සාහිත්‍ය.lk වෙබ් අඩවිය සහ සිංහල බ්ලොග්කරණ තරගාවලිය පිළිබඳ
වැදගත් තොරතුරු රැසක් ශ්‍රාවක ඔබට දැනගැනීමට හැකියාව ලැබෙනු ඇත. මෙම වැඩසටහන ඔබට සජීවීව. ගුවන්විදුලි සංස්ථා වෙබ් අඩවිය වන www.slbc.lk වෙබ් අඩවියෙන් සහ පහත ගුවන්විදුලි සංඛ්‍යාත හරහා සවන්දීමේ හැකියාව ඇත.

90.3 MHz (යටියන්තොට)
90.3 MHz (හපුතලේ)
97.0 MHz (නුවරඑළිය)
98.3 MHz (කොළඹ)
99.6 MHz (දෙනියාය)
102.0 MHz (හුන්නස්ගිරිය)
107.6 MHz (කරගහතැන්න)

අතුරු කතාවන්…

ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය තුළ නිර්මාණය කර ඇති www.සාහිත්‍ය.lk ප්‍රවර්ධන පිටුව වෙත ඔබගේ දායකත්වය ලබා දී නවතම තොරතුරු සමඟින් යාවත්කාලීන වන්න…

සිංහල බ්ලොග්කරණ තරගාවලියට සහභාගී වී ඇති බ්ලොග් අඩවි ගවේෂණය සඳහා සාහිත්‍ය – බ්ලොග් කියවනය වෙත පිවිසෙන්න.

ඔබේ ප්‍රතිචාරය

පූර්ණ අනුග්‍රහය

Sponsors

සම අනුග්‍රහය

microsoft