සාහිත්‍යකරණයේ නව මානයන් සොයා දකුණු පළාතට…
June 21, 2009 · සම්පාදනය සාහිත්‍ය ඒකකය විසිනි
කොළඹ රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය, ජනාධිපති කාර්යාලය යටතේ ක්‍රියාත්මක ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ පූර්ණ අනුග්‍රහය යටතේ සංවිධානය කරනු ලබන සිංහල බ්ලොග්කරණ තරගාවලිය ඉලක්ක කරගමින් සිංහල භාෂාව, සාහිත්‍යකරණය, ජනමාධකරණය, සිංහල යුනිකේතය, සිංහල බ්ලොග්කරණය, අන්තර්ජාලය යන පුළුල් පරාසය ආවරණය වන පරිදි වැඩමුළු පැවැත්වීමට මේ වන විට කටයුතු සූදානම් කර අවසන් අතර මතු දැක්වෙන දිනයන්හී ඒ ඒ වැඩමුළු පැවැත්වෙන පාසල් අවට සිංහල භාෂා හා සාහිත්‍ය ඒකක වල සිසුන් එක්කර ගනිමින් ඔවුන්ව දැනුමෙන් සන්නද්ධ කරවීමට නියමිත වේ.
ජුනි 22වැනි සඳුදා – ශාන්ත ඇලෝෂියස් විද්‍යාලය. ගාල්ල.
ජුනි 23වැනි අඟහරුවාදා – සුජාතා විද්‍යාලය. මාතර.
ජුනි 24වැනි බදාදා – ථේරපුත්ත මධ්‍ය මහා විද්‍යාලය. අම්බලන්තොට.
ජුනි 25වැනි බ්‍රහස්පතින්දා – දෙබරවැව මධ්‍ය මහා විද්‍යාලය. තිස්සමහාරාමය.
මෙදින ආවරණය කිරීමට නියමිත විෂය ක්ෂේත්‍ර මෙසේය,
• සාහිත්‍යකරණය
• සිංහල භාෂාවේ ඉදිරිගමන
• තොරතුරු තාක්ෂණය
• සිංහල යුනිකේතය
• වෙබ් 2.0 පරම්පරාව
• අන්තර්ජාල ජනමාධ්‍යකරණය
• සිංහල බ්ලොග්කරණය
• අන්තර්ජාලයේ පාසල් සිසුවාගේ නියෝජනය
• අන්තර්ජාලයේ සිංහල භාෂා භාවිතයේ වැදගත්කම
• සිංහල ෆයර්ෆොක්ස්
• අන්තර්ජාලයේ පුද්ගලිකත්වය ආරක්ෂා කරගැනීම
• සිංහල බ්ලොග්කරණය තරගාවලිය
මෙම වැඩමුළු හැකි අයුරින් තාක්ෂණික ගැටලු මඟහරවාගනිමින් http://live.leroyale.tv හරහා සජීවි ලෙසින් විකාශය කිරීම අපගේ අරමුණයි. ගමන අතරතුර “ට්විටර්” (Twitter) සහ ෆේස්බුක් හී සාහිත්‍ය.lk නිල ප්‍රවර්ධන පිටුව හරහා ඔබව දැනුවත් කිරීමට අප සූදානම්…


