සිරිමාවියන්ට ෆේස්බුක් සමාජ ජාලය තහනම් ‍කෙරේ….

July 7, 2009 · සම්පාදනය සාහිත්‍ය ඒකකය විසිනි

වර්තමාන අන්තර්ජාල පරිශීලකයන් අතර ජනප්‍රිය වෙබ් අඩවියකි, ෆේස්බුක් වෙබ් අඩවිය. අන්තර්ජාල හරහා පිටස්තර ලෝකයේ පුද්ගලයින් හා මිතුරන් සමඟ සම්බන්ධ වී අන්තර්ක්‍රියාකාරී ආකාරයෙන් කටුයුතු කිරීමට නිර්මාණය වී ඇති මෙම වෙබ් අඩවියේ වර්තමාන සාමාජිකයන් සංඛ්‍යාව මේ වන විට මිලියන 200ද ඉක්මවයි. වෙබ් අඩවියේ ඇති ආකර්ෂණීය බව නිසාම වර්තමානයේ බොහෝමයක් දෙනා මෙම වෙබ් අඩවියට ඇබ්බැහි වී ඇති බවක් පෙන්නුම් කරයි. ලොව පුරා මෙම වෙබ් අඩවිය හරහා සිදුවූ විවිධාකාර සිදුවීම්ද මේ වන විට වාර්තා වී ඇත.

කෙසේ නමුත් ලෝකයේ විවිධ අධ්‍යාපන ආයතන, රැකියා ස්ථාන ‍තම ආයතනයේ සිසුන්ට, රැකියා නියුක්ත පිරිසට ‍ෆේස්බුක් වෙබ් අඩවිය තහනම් කර ඇත්තේ  මෙම ඇබ්බැහී වීම නිසාත්, ඒ හරහා සිදුවන අකටයුතුකම් පිළිබඳව පූර්ව නිගමනවලට එළැඹීමෙනි.

‍මේ අතර ප්‍රථම වතාවට ශ්‍රී ලංකාව තුළ අධ්‍යාපන ආයතනයක් තම සිසුවියන්ට ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය තහනම් කරනු ලබයි. ඒ, මාතෘකාවෙන් දැක්වෙන පරිදිම කොළඹ සිරිමාවෝ බාලිකා පාසලයි. මේ සම්බන්ධයෙන් අපහට ප්‍රථමයෙන් වාර්තා වූයේ ‍කොළඹ සිරිමාවෝ බාලිකා ශිෂ්‍යාවන්ට අන්තර්ජාලය තහනම් කර ඇති බවයි. එහෙයින් එහ සෘජුවම හා වක්‍රාකාරයෙන් සාහිත්‍ය බ්ලොග්කරණ තරගාවලියට බලපාන නිසාවෙන් අපි මේ පිළිබඳව එම විදුහල්පතිතුමිය සමඟ සම්මුඛ සාකච්ඡාවක් පවත්වන අටියෙන් ප්‍රථමයෙන් දුරකථනය හරහා සිරිමාවෝ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිතුමිය සම්බන්ධකරගැනීමට සමත් වුනෙමු.

පාසල් ශිෂ්‍යාවන්ට අන්තර්ජාලය තහනම් කර ඇති බව දැනගැනීමට ලැබෙන බවත්, මේ සම්බන්ධ සත්‍යාසත්‍යභාවය කුමක්දැයි අපි ප්‍රථමයෙන් විදුහල්පතිතුමියගෙන් විමසීමු. එයට පිළිතුර ලෙස විදුහල්පතිතුමිය පැවසූ කාරණය වූයේ, එම විද්‍යාලය තුළ අන්තර්ජාලය තහනම් කර නොමැති බවත්, පරිගණක විද්‍යාගාර තුළ පවා අන්තර්ජාල පහසුකම් යම් කිසි පෙරහන් ක්‍රමයකට අනුකූලව සිසුවියන්ට ලබාදෙන බවත්, එනමුත් ෆේස්බුක් වෙබ් අඩවිය සමස්ත වශයෙන්ම පාසල් ශිෂ්‍යාවන්ට තහනම් කර ඇති බවකි.

ඒ අනුව කිසිදු පාසල් ශිෂ්‍යාවක් ෆේස්බුක් වෙබ් අඩවියේ ලියාපදිංචි වී නොසිටිය යුතු අතර, දැනටමත් ලියාපදිංචි වී ඇතිනම් වහාම ගිණුම අත්හිටුවිය යුතු බවත්, එසේ නොකරනු ලබන ශිෂ්‍යාවන්ගේ ශිෂ්‍යභාවය අත්හිටුවනු ලබන බවත් අපට වෙනත් තොරතුරු මාර්ග වලින් දැනගැනීමට ලැබිණ.

අප මේ පිළිබඳව තව දුරටත් විදුහල්පතිතුමියගෙන් විමසීමේදී එතුමිය පැවසූයේ ෆේස්බුක් වෙබ් අඩවිය හරහා නොයෙකුත් අකටයුතුකම් සිදුවන බවත්, පාසලට අගෞරව වන ආකාරයේ සිදුවීම් පවා සිදුවී ඇති බවත්, එමනිසාවෙන් ෆේස්බුක් වෙබ් අඩවිය ශිෂ්‍යාවන්ට භාවිතා කිරීම තහනම් වනබවත් ය. පාසලෙන් ඉවත්වීමෙන් පසු තමන්ට ෆේස්බුක් ගිණුම් භාවිතා කිරීමට පූර්ණ නිදහස හිමිවන බව එතුමිය වැඩිදුරටත් අප සමඟ පැවසීය. මේ සම්බන්ධයෙන් අප විදුහල්පතිතුමිය හමු වී සම්මුඛ සාකච්ඡා ස්වරූපයෙන් සංවාදයක් පැවැත්වීම සඳහා වූ ඉල්ලීම විදුහල්පතිනිය‍ගේ මේ දිනවල පාසලේ කාර්යබහුලත්වය නිසාවෙන් ප්‍රතික්ෂේප කිරීමට සිදුවන බව එතුමිය පැවසුවා ය.

මේ ෆේස්බුක් වෙබ් අඩවිය වාර්තාගත ආකාරයට ශ්‍රී ලංකාවේ පාසලක් තුළ තහනම් කෙරුන ප්‍රථම අවස්ථාවයි. මේ පිළිබඳව ඔබේ මතය කුමක්ද? ඔබේ ප්‍රතිචාර පහත ප්‍රතිචාර එකතු කිරීමේ පෝරමය හරහා අප වෙත යොමු කරන්න. අප විසින් ඔබගේ මත හා ගැටලු සලකා බලා නැවත වාරයක් සිරිමාවෝ බණ්ඩාරණායක විද්‍යාලයේ විදුහල්පතිතුමිය සමඟ සංවාදගත වන මොහොතේ එතුමියගෙන් ඔබේ මතවාද සහ ගැටලු විමසීමට අපි බලාපොරොත්තු වෙමු.

සංවාදයට විවෘතයි!



ප්‍රතිචාර 88 to “සිරිමාවියන්ට ෆේස්බුක් සමාජ ජාලය තහනම් ‍කෙරේ….”
  1. මෙය සම්පූර්ණයෙන්ම හෙළාදැකිය යුතු ක්‍රියාවක්.

    ශිෂ්‍යයන්ගේ පෞද්ගලික ජීවිතයට ඇඟිලි ගැසීමට පාසල් වෙත බලය පවරා ඇත්තේ කුමන නීතියක් යටතේ ද ?

  2. @an says:

    @budda

    Are you also going to take the responsibility of thier lives ?

  3. විදුහල්පතිනිය ගෙන තියෙන තීරණය හරි.

    මෙහෙම scenario එකක් වෙන්න පුළුවන්:
    එක බාලිකාවකට facebook හරහා සම වයස් පිරිමි ළමයෙක් මුණ ගැහෙනවා
    මොවුන් දෙදෙනා මිතුරු වෙනවා
    මිතුරුකම දුර දිග යනවා
    මීළඟ පියවර කොහේදි හරි මුහුණට මුහුණ හමු වීම
    මෙන්න අර සමවයස් පිරිමි ළමයා අවුරුදු 30-40 තරම් වැඩිහිටියෙක්!
    ඒ වැඩිහිටියා ළමා අපයෝජකයෙක් වෙන්න පුළුවන්.

    මේක මගේ අදහසක් නෙමෙයි. ස්වකීය දස හැවිරිදි නැගණියට facebook තහනම් කිරීම ගැන ලන්ඩනයේ වෙසෙන මගේ ඥාතියෙකුගෙන් විමසුවාම ඔහු මට දුන් පිළිතුර තමයි ඔය. මෙවැනි සිද්ධි ඕනැතරම් ලෝකයේ සිද්ධ වෙලා තියෙනවා. ඒරොප්පෙත් එහෙම නම් මෙහේ ගැන කවර කතාද?

  4. පාසල තුල අන්තර්ජාල කටයුතු අධ්‍යාපනික දෑ වලට පමණක් සීමා කිරීම, ඒ සඳහා Facebook, Twitter, Messenger ආදිය block කිරීම එකක්.

    ලමයින්ට ෆේස්බුක් ගිණුම් තියාගැනීම තහනම් කියන එක වෙන එකක්.

    පළවෙනි එක හැම රටකම වගේ ක්‍රියාත්මකයි.. ඒත් දෙවෙනි එක ඇහුවමයි… :P

  5. Thilina says:

    Facebook එකට වෙලා කාලය කනවට වඩා පාසලේ වැඩක් කිරිම සුදුසුයි.

  6. says:

    මම නම් මේකට එකඟයි
    http://www.lakbima.lk/archive/last_05_07_09/Mandakiniya/manda_3.htm
    මේකත් බලන්න මෙහෙම දේවලුත් වෙන එකේ මේක හොඳ වැඩක්
    මේ වගේ දේවල් ගොඩක් ලංකාවේ වෙලා තියෙනවා

  7. ටීචර්:ඔන්න ළමයි ඉස්කෝලෙන් අස්වෙන්න ලේසිම ක්‍රමය කියන්න. :D
    ළමයි:ෆේස්බුක් ගිණුමක් තියෙන එක ටීචර් :P

  8. පාසල තුල FB එක තහනම් කිරීමේ කිසිම වැරද්දක් නැහැ. නමුත් ළමයින් සතු FB Accounts වසා දමන්න නියෝග කරන්න කිසිම අයිතියක් නැහැ.

    ඒක ළමයින්ගේ පෞද්ගලික ජීවිතයට ඇඟිලි ගැසීමක්. ඒක මමත් හෙලා දකිනවා.

  9. අපේ පාසලෙත් ඕවා ඔක්ක්කොම ෆිල්ටර් කරලා තිබ්බෙ,මම දන්න විදියට මුලු schoolnet ම එහෙමයි,ඒත් ගෙදරදී නෙට් එකේ කරන වැඩ තහනම් කරන්න පුලුවන්ද?
    මානව හිමිකම් ;)

  10. පාසල් වෙලාව තුළදී ළමයින්ට Facebook, Hi5, Twitter යාමට නොදීම සාධාරණයි. ඒක කොහොමත් බොහොමයක් තැන් වල සිදුවෙනවා. 

    ඒත් පාසලෙන් පිටදී එය භාවිතා කිරීමට තහනම් පැමිණීමට පාසලට බලයක් ලැබෙන්නේ කොහෙන්ද? ඒක ළමයින්ගේ පෞද්ගලික වැඩක් නේ…

  11. Facebook User says:

    මේ ගැන හොඳ නරක කියනවට වඩා මෙ වැඩේ සාර්ථකත්වය ගැනනම් සැක මතුවෙනව.

    හැමෝම දන්නව මූණුපොතේ ව්‍යාජ ගිණුම් ඕන තරම් තියෙනව කියල. ඒ නිසා යම් ශිෂ්‍යාවක් ගිණුමක් පවත්වාගෙන ගියා කියල චෝදනාවට ලක් වුනොත් ඒ තමන් හදපු ගිණුමක් නෙවෙයි කියල ගැලවිල යන්න පුලුවන්. මේක උසාවිය දක්වා යන්න පුලුවන් දෙයක්. සමහර විට ඒකෙන් හානි වෙන්නෙ විද්‍යාලයට වෙන්න පුලුවන්.

    සමහරවිට එහෙම දෙයක් වෙලා එක කෙල්ලෙක් අස් කරොත් ඒ කෙල්ල අනිත් කෙල්ලන්ගෙ ව්‍යාජ ගිණුම් හදල ප්‍රශ්න ඇති කරන්නත් බැරි නෑ….ඊර්ෂ්‍යාව හොනද කරන්න අමාරුඉ නෙ…විශේෂයෙන්ම කාන්තාවන්ගෙ.

    ඉතින් ඒ නිසා මේ වගෙ දෙයක් කරන්න කලින් ඒකෙ නීතිමය පසුබිමත්, ප්‍රායෝගික තත්ත්වයත් පරීක්ෂා කරන එක වැදගත්. නැත්තම් ඒක ඉල්ලං කෑමක් වෙන්න බැරි නෑ.

  12. මේක මාර මගුලක්නෙ, පාසලක උනත් ලමයින්ගෙ පෞද්ගලික ජීවිතයට ඇගිලි ගැසීමේ සීමාවක් තියෙන්න ඹ්න. අනික මෙහෙම හිතමු. මම ඹ්කෙ කෙල්ලෙක් එක්ක තරහයි කියමු, එයාව පාසලෙන් අස් කරවන එක මට සිම්පල්. එයාගෙ නමින් Facebook account එකක් හදල විදුහල්පතිනියට කිව්ව නම් හරි..

  13. L Xshan says:

    Oka harima lesi wedak nangi. Account settings gihin name eka change karanna. One nam e-mail account 1th change karanna. Eeta passe search kalath hoya ganna amarui.

    Katwath ayithiyak naa facebook accounts delete karanna kiyanna.

  14. Chrishan says:

    අනේ __කේ !!! මේ වගේ මෝඩයෝ කොහොමද විදුහල්පති කෙනෙක් වෙන්නෙ ??
    @ සමීර ශාකුන්තල
    දැන් ඕක වෙන්නෙ හින්ද විතරද ??
    කවුරු හරි ශාරීරික අවශ්‍යතාවකට වැසිකිලි යන්න ගිහින් වැසිකිලියෙදි අතවරයකට ලක්වුනොත් වැසිකිලි යන එක තහනම් කරයිද දන්නෙ නෑ !!!

  15. මේක මූලික අයිතිවාසිකම් උල්ලන්ගනය කිරීමක්…

  16. Angelo says:

    personally, i would hate it if my school forced me to delete my account on fb. but that doesn’t mean that from the perspective of a school administration, such an idea is all that unjustified. I mean, sri lankan schools have always had the best interests of their students at heart, despite some competition with/violation of human rights. in the school arena human rights become irrelevant, so long as such irrelevance is meant for the benefit of the student.

    (PS: sorry i couldn’t type this in sinhala, i dont know how to work with sinhala keyboard layout.) :)

  17. අනූ says:

    අන්තර්ජාලය හරහා නොයෙක් අකටයුතුකම් සිදුවන බව ඇත්ත. ෆේස්බුක් වලින් එහෙමෙ නරක දෙයක් සිද්දවෙන්න පුලුවන්. ඒත් ඉතිං ඕක තහනම් කරන්න ඕනිද?

    එතකොට ඔය එක එක ඩොට් කොම් නාම වලින් තියන ලංකාවෙ චැට් රූම්? ඒව ගැන මොකද කියන්නෙ?

    Hi5 ගැන කිව්වොත් නම් ඒකෙ වැඩි හරියක් ඉන්නෙ අනවශ්‍ය අය.

    බාලිකාවියන් ෆේස්බුක් එකේ නරක දෙයක් කරන්නෙ නැත්තං කාටවත් තියන අමාරුව මොකද්ද?

  18. Sahan says:

    Mehemane machanla.. Iscole athule FB thahanam kalaata kamak na. danatamath eka ehema karana school thiyenawa.. habai account ekak thiyaganna epa kiyala kiyannna kaatawath ba..
    habai me lipiye ehema deyak principle kiwwa kiyala na neda?
    meke thiyenne
    “ඒ අනුව කිසිදු පාසල් සිසුවියක් ෆේස්බුක් වෙබ් අඩවියේ ලියාපදිංචි වී නොසිටිය යුතු අතර, දැනටමත් ලියාපදිංචි වී ඇතිනම් වහාම ගිණුම අත්හිටුවිය යුතු බවත්, එසේ නොකරනු ලබන සිසුවියන්ගේ ශිෂ්‍යභාවය අත්හිටුවනු ලබන බවත් අපට වෙනත් තොරතුරු මාර්ග වලින් දැනගැනීමට ලැබිණ.”

    wenath thorathuru wala aththa naththa api danne na neda..
    meka hoyala balana eka hondai..

    Kanishka kiwwa wage.. mama kawru hari ekka tharaha nam..mama ee kellage namimn FB profile ekak haduwoth kellata badu banis!

    Shakunthala ge kathaawata mama eknga na!

  19. Chamitha says:

    කලින් මියුසියස් එකෙත් ඔය වගේම වැඩක් කරල තියනවලු නේද? පස්සෙ impractical නිසා අයින් කරාලු. නීතියක් විදියට ක්‍රියාත්මක කිරීමට නම් බොහොම අමාරු කාර්යයක්…

  20. Sony says:

    i do agree with this as a teacher but yes it is a personnel issue, maybe it is the high time for you’ll to find out what really happened. i don’t think headmistress will tell that but u can always find it out from a girl in that school. maybe there is a big scene behind it. nywy i saw a comment saying that Musaeus also did the same. but that’s not true. because it never happened. I think it is up to the children to know their limits, whether they re in fb or whatever it is. Sorry to use English in sinhala web page but i couldnt find my singlish converter now.

  21. facebook තහනම් කලාට පරළ වෙලා උඩ පනින අයට,

    මොකද්ද ඔය facebook එකේ තියෙන ප්‍රයෝජනේ? පිටරට යාලුවො හම්බ වෙන්න වගේ ගොන් කතා නම් කියන්න එපා.

    ඇබ්බැහි වෙන දෙයක් තහනම් කලා කියන එක පිළිගන්න හුඟක් අයට අමාරුයි. තමනුත් ඇබ්බැහි වෙලා ඇත්තේ.

    ශිෂ්‍යන්ගේ මානව අයිතිවාසිකම් ගැන කතා කරන අය පොඩ්ඩක් බලන්න කොළඹින්, නුවරින්, ගාල්ලෙන් පිටට ගිහින් පරිගණකයක් දැකලවත් නැති පොඩි අයගේ ශිෂ්‍ය අයිතිවාසිකම් ගැන.

    • Jayantha says:

      පිටස්තරයා වෙත : FaceBook වල ප්‍රයොජනයක් නොතේරෙන එකම, ඔබේ අනෙකුත් අදහස් වල අන්තර්ගතයේ ගතයුත්තක් නෑති බවට ලියු පෙරවදනක් වගෙ.

      තමන් දරන මතයක් ප්‍රකාශ කලාම ඌට “ඇබ්බැහියා” කියල හන්වඩු ගහන එක “ලදරු”කමක් වගේම ඔබේ දෙබිඩි පිලිවෙත පෙන්වීමක්.

      ඊළගට ඈත පලාත් වල ලමයින්ට අඩු පහසුකම් ලැබුනු පමණින් වෙන කුමන හො පාසලක ලමයින්ගෙ අයිතිවාසිකමක් නැතිවීමක් විවේඡනය කරන්න බැයිද?

      සන්සුන්ව හිතුවොත් කැමතිද පිලිගන්න?

      • A well written answer, I should say, assuming that you are a new Facebook user.

        Seems like we have very very important uses of Facebook. Raising IT awareness, promoting ICT to rural areas of Sri Lanka, helping the poor and unprivileged to experience IT.. the list goes on forever. Whoa!!!

        Well I should give a blow to your head pal. I had a facebook account for a damn long time. I don’t need you to point out its uses.

        And someone please justify this comment. I mean someone with an understanding, not by people like this little බුධාජීව who has no knowledge of whats going on around him.
        “ඊළගට ඈත පලාත් වල ලමයින්ට අඩු පහසුකම් ලැබුනු පමණින් වෙන කුමන හො පාසලක ලමයින්ගෙ අයිතිවාසිකමක් නැතිවීමක් විවේඡනය කරන්න බැයිද?”

        The main thing I cannot understand here is the fact that people who are speaking out about rights never made a pooping sound for other instances when human rights of this country was seriously deteriorating.

        Having a Facebook account is a right. Wow, I should write that down and paste it somewhere.

        And admit it friend. It is much more harder to admit to addiction than getting rid of one.

        (Sorry for English. XP SP3 is not good with Sinhala)

        • [said:පිටස්තරයා]
          little බුධාජීව who has no knowledge of whats going on around him
          [/said]

          තෑන්ක්ස් ! :-D

        • Jayantha says:

          මාගේ comment එකට පිටස්තරයා දුන් පිලිතුර දුටිමි.ඡේදයෙන් ඡේදය වෙනම වචන ගොනු කරන්නට මත්තෙන් ඔහු සිතන්න ඇත්තේ මෙසේ විය හැක.

          Facebook වලින් ගන්නා ප්‍රයෝජන ගැන කොපමණ සිතුවත් මගේ සිහියට එන්නේ මේ මළ විකාර අදහස් ටික පමණක්මය.වෙන අයෙක් කියනා දෙයක් ගැන සන්සුන්ව සිතා බලනා පුරුද්දක්ද මට නොමැති අතර ජයන්තගේ අදහස් විමසා පසුව ඒවායේ ගතයුත්තක් තිබී පාඨකයින් දුටුවොත් නිවැරදි අවබෝධයක් ඇති අයකු ලෙස පෙන්වන මගේ තත්වයට හරි නැති නිසා කෝකටත් කරුණු නොදක්වන ලෙස දැන්වීම නුවණක්කාරය.
          බොහෝ කාලයක සිට මට Facebook ගිණුමක් තිබූ නමුදු මම එයින් ප්‍රයෝජනයක් ගැනීමට නොදැන සිටීම මගේ ප්‍රශ්නයක් මිස රටට ලෝකයට චෝදනා කිරීම නිරර්ථක වුවද Facebook හි මගේ පළපුරුද්ද, ජේ‍ය්ෂ්ඨත්වය,ලොකුකම කියා හෝ අන් මත නිහඩ කළ යුතුය

          මගේ මතය නොඉවසන අන් මතයක් දරන කෙනා අවබෝධයෙන් තොර තැනැත්තෙක් වන අතර මා ප්‍රශ්නකරුගේ දෙවැනි කරුණ මගහැර තුන්වන කරුණට ගොස් ඇතිබව නොදැක; මගේ සහයට එන ඕනැම කෙනෙකුට මම “නියම අවබෝධයක් ඇති පුද්ගලයකු ” කියා මානසික අල්ලසක් දීමට සූදානම්ය.එහෙමවත් අල්ලසක් ගැනීමට පිනක් නැති එවුන් සිටිය හැකි නිසා “පැනලා දෙන” බුධාජීව මඩ ගසා නිහඩ කරමි.

          උක්ත comment එක දැක මගේ සිතට ආවේ තරහක් මිස වෙනකක් නොවන නිසා ඔහු පෙන්වා දුන් තුන්වන කරුණ ගැනද බුද්ධිමත්ව නොසිතා පරණ යාන්හෑල්ලම කිව යුතුය.එහිදී
          1.මෙවැනි පුවරු වල කුමන ආකාරයක ලිපියක් පළ වුවද comment දැක්වීමේදී රටේ බරපතලෙට උල්ලoඝනය වන මානව හිමිකම් ගැනම කතා කළ යුතු මිස එය මාර්තුකාවට අදාලද නැද්ද යන්න වැදගත් නොවේ.
          2.පහසුකම් ලබන(යන්තම් හෝ) පැළැන්තියට හෙණ ගැහුවත් පහසුකම් අඩුවෙන්ම ලබන මිනිසුන් ගැන පමණක් කතා කල යුතු අතර ඔවුන් නැති වූ දිනෙක අවශ්ය නම් නැවත මානව හිමිකම් ගැන කතා කල හැක.
          3.මානව හිමිකම්ද සුරැකුනු දිනෙක පමණක් පහසුකම් ලබන(යන්තම් හෝ) පැළැන්තියට වන අසාධාරණ ගැන කතා කිරීමට අවසර ඇත.

          දිනපොතක් දැරීමට මිනිසෙකුට අයිතියක් ඇතත් Facebook ගිණුමක් දැරීමට මිනිසෙකුට ඒ හා සමානව ඇති අයිතිය මම පිලි නොගනිමි.එවන් ව බොදව ඇති මගේ විචාර බුද්ධිය වියැකී යාමට පෙර “එය එසේ නොවේ” කියා කොහේ හෝ ලියා ගත යුතුය.
          මා මේ වැටී තිබෙන තත්වයෙන් ගොඩ ඒමට කොතරම් ආසාවුවද නොහැකිව සිටින්නේ මමත් මගේ මතයටම “ඇබ්බැහි” වී එහි පතුලේ ගිලී,මිරිකී,ඇඹරී සිටින නිසාය.අවසාන වශයෙන් මා තරම් හොදින් වෙන කෙනෙකු ඇබ්බැහිවීම නොදන්නා බැවින් මිතුර,ඔබ ද ඇබ්බැහි වී ඇති බව පිලිගන්න.

          • ෆේස්බුක් ගිණුමෙන් ඉතාමත් වැදගත් ප්‍රයෝජන ගන්නා ජයන්ත මහතා දැන් දැන් අනුන්ගෙ සිත් කියවීමටද පටන් ගෙන ඇත. එම නිසා පවසන දේ පිළිබඳ ප්‍රවේශම් විය යුතුය. නැතහොත් මේ කියන දෙයින් මා පදිංචිව සිටින ස්ථානය වුවද සොයා දැන ගැනීමට ඔහුට හැකි වනු ඇත.

            ජයන්ත මහතාණෙනි. පිළිතුරු දෙන්නාගේ ජාතකය සෙවීම ඔබට පමණක් ආවේණික රෝගයක් නොවේ. එය මා දන්නා කිහිප දෙනෙකුත් ඇතුළුව ලංකාද්වීපයේ බහුතරයකට වැළඳී ඇති භයානක රෝගයකි. බොහෝ විට පිළිතුරු දී ගැනීමට නොහැකි වූ විට කතා කර ෂේප් කර ගැනීමට වෙනත් දෙයක් සෙවීම (අර අපි කියන්නේ සබ්ජෙක්ට් මාරු කරනවා කියලා) මගින් ජාතකයට පැනීම පින් ඇත්තන්ගේ පුරුද්දයි. එම නිසා වහා ප්‍රතිකාර සෙවීමට ඔබ කලබල විය යුතු නැත. (නමුත් ප්‍රතිකාර ලබා ගැනීමට මම අවවාද කරමි. ජාතකය සෙවීමට ගොස් වලේ වැටුන බොහෝ අය මම දන්නා නිසාය.) පෝළිමට එක් වන්න.

            රෝමයට ගියාට පස්සේ රෝමයේ විදියට හැසිරෙන්න ඕනේ කියනවලු. එම නිසා මම දැන් ඔබේ ජාතකය මඳක් සොයන්නම්. සිසුන්ගේ දිනපොත් තබා ගැනීමේ අයිතිය සමඟම ෆේස්බුක් පරම අයිතිය පිළිබඳ කතා කරන මානව හිතවාදී ඔබව, මා කලින් සඳහන් කල පරිදි රටේ වෙනත් මානව හිමිකම් පිළිබඳ ගැටළු වලදී කට හොල්ලනවා දැක නැත. බොහෝ අය විප්ලව වාදීන් ව්න්නේ තමන්ට කෙළ වෙන විට බව මා කොහේදී හෝ දුටුවෙමි. දැන් ඔබටද විප්ලවවාදී වීමට අවස්ථාවක් ඇත. ෆෙස්බුක් අයිතිය ඉල්ලා සටන් වැදීමට හැක. පාසල් සිසුන් අතර ජනප්‍රිය විය හැක. මඳක් රැවුල වවාගතහොත් ඇඳුම් පැළඳුම් වල මුද්‍රණය වීමට ද ඉඩක් ලැබිය හැක. පහසුකම් ලබන පැළැන්තියේ අයිතිවාසිකම් වෙනුවෙන් නැගී සිටිය හැක.

            මතය නොඉවසීම දැන් දැන් අඩු පහසුකම් ලද ෆෙස්බුක් වාදීන් ද ප්‍රයෝජනයට ගනු පළමු වරට දුටුවේ අද ය. මෙරටේ මත නොඉවසීම මහා පරිමාණයෙන් සිදුවන බව සැබෑය. නමුත් එයට ඇති විය යුතු විරෝධය බඩට කන්න හාලක් නැතත් ෆේස්බුක් ලැබිය යුතු යැයි සිතන්නන්ගේ සටන් පාඨයක් වීම එක අතකින් කලකින් දුටු හොඳ ජෝක් එකකි. දැන් අපට මෙම තර්කය අනෙකුත් අයටද ආදේශ කල හැක. මරිජුවානා උරන්නන්ගේ මතය නොඉවසා යටපත් වී ඇති බව දැන් අපට පසක් වේ. ස්ත්‍රී දූෂකයන්ගේ මතයද ඉතා නිර්දය ලෙස යටපත් වී ඇත. මදක් සැර අඩු කර බැලුවොත් දකින දකින කෙල්ලන් තම ප්‍රෝෆයිලට එකතු කර ගැනීමට ඇබ්බැහි වී අයගේ මතයද දරුණු ලෙස මර්ධනයට නතු වී ඇත.

            දැන් ඔබ මේ පිළිතුරද අන්වීක්ෂයක් තුළය දමා සිත් කියවීම ආරම්භ කිරීමට පරීක්ෂණාගාරයට යවන බව මම දනිමි. එය කිරීමට පෙර යමක් මතක් කිරීමට කැමැත්තෙමි. මා බොහෝ දේ වලට ඇබ්බැහි වී ඇත. නමුත් ෆෙස්බුක් ඉන් එකක් නොවෙන බව සාඩම්බරයෙන් පැවසිය හැකිය. ඒ වෙනකක් නොව මා ඊට ඇබ්බැහි වූවා නම් ඔබ වැන්නන් හා එක පෙළට සිටීමට මටද සිදු වන නිසාය.

            අවසාන වශයෙන් nice try යැයි පැවසීමට සිතුනත් පළමු වරට වඩා දෙවන වර දියුණු වේ යැයි බලාපොරොත්තුවෙන් එසේ නොපැවසීමට සිතා ගතිමි.

          • Jayantha says:

            ඔබේ මතයට තදින්ම ඇබ්බැහි වී ඇති බවට මා දැන් හොදින්ම දන්නා චමිල වෙත, තොප්පිය හරි නම් දා ගන්න…..මා කිවේ “මෙසේ විය හැක” කියාය.සන්සුන් ව පසුව මාගේ ලිපිය කියවා බලන්න.පිලිතුරු දී ගත පිළිතුරු දී ගැනීමට නොහැකි ව ඇත්තේ මටද ඔබටද? පාඨකයෝ තීරණය කරත්වා !

          • “මෙසේ විය හැක”, “එසේ විය හැක” යනුවෙන් ඔබ කර ඇත්තේ මගේ මානසික හැසිරීම අවබෝධ කර ගැනීමට දැමූ සෙල්ලම් ගෙදර ෆ්‍රොයිඩ් වීමට ගත් උත්සහයකි. ඒ හැර ප්‍රශ්න වලට අත්තර දී ඇති ආකාරයක් මට නොපෙනේ. මගේ මානසික හැසිරීම මා එල්ල කර ඇති ප්‍රශ්න වලට සම්බන්ධ වන කිසියම් හෝ ආකාරයක් තිබේ නම් පාඨකයාට බෝලය පාස් කරමින් ලිස්සා යාමට තනන ඔබගේ මානසිකත්වයද ඔබ දෙන පිළිතුරු වලට ඒ ආකාරයෙන්ම සම්බන්ධ වියයුතුය.

            කරුණාකරන ඉහත ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න.

            ඔබ දෙවන වර දියුණු වී නොමැත.

    • Jayantha ගේ පිළිතුරට මමත් දැඩි එකඟත්වය දක්වනවා.

  22. බූමින්ද අනුෂ්ක says:

    මේක ප්‍රායොගික වෑඩ්ක් නෙවේ. කෑම්පස් වල තියෙන firewall කඩාගෙන fb යන අපේ ඈයන්ට මෙක බොහොම simple වෑඩක්. අනික ත්මුන්ගෙ profile එක පාසලට අහු උනත් ඒක තමුන්ගෙ නෙවේය fake profile එකක්ය කියල බේරෙන්න පුලුවන්. මේ ඔක්කටම වඩා මේක සිසුන්ගෙ පොද්ගලික ජීවිත වලට පාසලෙන් කෙරෙන අයුතු බලපෑමක් වගේම සිසුන්ගෙ මානව අයිතිවාසිකම් කඩ්කිරීමක් කියලත් කියන්න පුලුවන්.

  23. chathurarcrc says:

    පසලක මුලික අරමුන වන්නේ කුමක්ද?දැනුමෙන් හෙබි යහපත් වැඩදායි පුද්ගලයෙක් බිහි කිරීම නොවෙද?සාමජයේ යහපත් හා අයහපත් බාවය පාසලින් පිට වන සිසුවා මත බලපයි.එසෙනම් පාසලට පැවරි ඇති වගකීම විශාලය.පාසලින් පිට කල යුත්තේ පරිපුර්ණ අයෙක් විය යුතුය

    Facebook වානහි නිවරදිව ප්‍රයොජන ගන්නෙනම් වටිනා වස්තුවක් වේ.විවිධ වු අපයෝජන එහි නැතුවාමයි පැවසිය නොහැක.තම බුද්ධිය යොදවා ඒයින් ප්‍රයොජන ගත යුතුය.

    පාසලක සිසුවකුට facebook තහනම් කිරිම කල යුත්තක්ද?නැත.මදකට සිතන්න…..

    පාසල් සිසුවා පසල තුල facebook තහනම් කිරිම හේතු කොටගෙන පසල් ජිවිත කලය තුලදි පමනක් එයින් මිදි සිටි.නමුත් පසලෙන් බැහෙර වු විට ඔහු හො ඇය මෙයින් මිදි සිටිවිද?නැත.පාසලින් බැහෙර වු පසු ඔහු හො ඇය අපයොජනයකට ලක් වුවහොත් ඒයින් පාසලට අපකිර්තියක් නොවන්නේද?

    මෙයින් පාසල් සිසුවා තාවකලිකව රැක ගැනිමක් පමනක් සිදුව ඇත.එසෙනම් පාසලෙන් ඉටු විය යුතු වගකිම නිවරදිව ඉටු වන්නේද?නැත.

    තාව කලිකව වැට කඩලු බදිනවද නැතිනම් ශක්තිමත් බැම්මක් බදිනවද?සිතන්න…

    Facebook මුලු ලොකෙන්ම තුරන් කල හැකිනම් ගැටලුවක් නැත.එහෙත් එය ප්‍රයොගික නොමැත.එසේනම් කල යුත්තේ කුමක්ද?පසල කාලය තුලදි පමනක් නොව ඉන් මතුවටත් දරුවා අරක්ශා කරගැනිමයි

    පාසල මගින් තහන්චි දමා තාව කාලිකව වැට කඩලු බදින්නෙ නැතුව සිසුවා දනුවත් කර එමගින් ඔහුගෙ හො ඇයගෙ බුද්ධිය වර්ධනය කිරිම සිදු කරන්නෙනම් තිරසාර ප්‍රතිපලයක් අපට දැක ගත හැකි නොවන්නෙද?

    ඔබෙ මනසින් සිතන්න……..

    කෙටිකාලිනද….
    තිරසාරද ……

  24. චාමර says:

    ඕක හරියන වැඩක් නෙමෙයි. අපචාර වල ගැන කතා කලොත් අන්තර්ජාලය පළාතේ වත් නැති කාලේ උන ඒවා ගැන ඇහුවොත් ඉතින් කියලා වැඩක් නැනේ නේ. පාසලේදී ඕක තහනම් උනාට ගෙදරදි බැලුවොත් මොකෝ කරන්නේ? දැන් ඩයලොග් මොබිටෙල් වලින් උනත් ෆේස් බුක් යන්න පුලුවන්නේ? තාක්ෂණයට වැ‍ට බැදීම හරියට වක්කඩේ හකුරු හැන්ගුවා ‍වගේ තමයි.

  25. මා මේ ලිපිය දැක්කේ ප්‍රමාද වෙලායි. මුලින් කී පාසල් ජාලය තුල සමාජ වෙබ් අඩවි තහනම් කිරීම මේ රටවල (මා සිටින්නේ විදේශික රටකයි) තහනම් කර තිබෙන අතරම ඇතැම් Colleges හා විශ්ව විද්‍යාල වලත් සැන්දෑ යාමය වන තුරුව පෙරහන්කරණය කර තිබෙයි. ළමා නොව වැඩිහිටි වයස් වල අයටත් ක්‍රියාත්මක කරන කල අපේ රටේ ක්‍රියාත්මක කල යුතුයි. නමුත් එසේ කිරිමේදි Facebook, Hi5, Myspace, Twitter වගේ ප්‍රකට ඒවායින් නොනැවති සියලු සමාජ අඩවි වලින් පෙරහන් කල යුතුයි ( මා ගිය පාසැලක එහි School Board මගින් Yahoo!හි Index Database සමඟ සම්බන්ධ වී ක්‍රියාත්මක කරන්නේ. ඒ නිසා සමාජ අඩවි සිට Shoutbox, ImageShack වුවත් Block වී තිබුණා.

    දෙවැන්න කිරිම යම් දුරට සාධාරණයි මෙහි බහුතරයකගේ මතය කුමක් වුවත්, ඒත් මෙතරම් දරුණු කිරිම නම් හාස්‍යජනකයි (අපේ රටේ එපා කියන දේම කෙසේ හෝ කරන්නත් අයුතු ප්‍රයෝජන ගන්නටත් යොදා ගන්න ඒක බහුල බව විදුහල්පතිනිට අමතක වීම පුදුමයකි). විදේශරටවල නම් පොලිසියේ නිලධාරින් අවුරුදු 18ට අඩු ව්‍යාජ ගිණුම් තනා ඒ ඔස්සේ අපරාධකරුවන්, ළමා අපයෝජකයන් (අවුරුදු 16ට අඩු කෙනෙක් සමඟ ඔවුන්ගේ දෙමව්පියන්ගේ ‍දැනුවත්කම නොමැතිව සම්බන්ධතා පැවැත්වීම අපචාරයට තැත් කිරීමට සමානයි) අල්ලා ගන්නා අතරම සමාජ අඩවි වලට ඇතුලු වන්නට ඔවුන්ට තාක්ෂණය දී තිබෙන අතර ඊට සමාජ අඩවි වලම හා මයික්‍රෝසොෆට්හි සම්බන්ධතාවට අනුව කටයුතු කරන්නේ. නමුත් මෙතරම් තහනම් කිරිමේදී Blackmail කිරීම්, පරණ පෙම්වතියගෙන් පළි ගැනීමට උපක්‍රමයක් ලෙස වැනි බොහෝ අනතුරුදායික බවක් මතු වෙයි. හැරත් මෙරටවලදී උපක්‍රමයකින් කිසියම් 16ට අඩු දරුවෙකුට ගිණුමක් තිබේදැයි සොයා බලන අතර පන්ති වෙලාවල් තුලදී දැනුවත් කිරීම් කරනු ලබනවා. තම සිසුවන්ගේ පාසැලෙන් පිට ක්‍රියාවලී වලට වැට බැදීම වෙනුවට දෙමාපියන් හා මිතුරන් ක්‍රේන්ද්‍රීය කර ගත් වැඩ පිළිවෙලක් සකස් කරන්නත් එහි අනතුරුදායක බව නිතර දැනුවත් කරන්නටයි තිබ්බේ, මේ එකක් දෙකක් විතරයි තවත් ඇති ඕනෑ තරම්. නමුත් අවුරුදු 16ට අඩු අයගේ ගිණුම් ගැන තදින් සුපරික්ෂා වීමටත් අවශ්‍ය විටෙක ඒවා ගැන පියවර ගැනීමත් වැදගත් වෙයි.

    චමිල විසින් සඳහන් කරන දේට මම එකඟයි. වෙස් පොතෙන් යාලුවන් මිත්‍රකම ඇති කිරිම වෙනුවට ලෝකයට තමාව Promote කිරිමක් වැනි දේවලුයි වෙන්නේ. කෙසෙත් නොදන්නා අයව තොග පිට එකතු කිරිමත් පෞදගලිකත්වය නැති කර ගැනීමකුයි දැන් වැඩියෙන් සිදුවෙන්නේ. නාගරික සිසුවන්ගේ එවැනි දේට වැට බැදීමක් කතා කරත් පාසැලට යන්න තබා ගෙදර සිටින්නට නැති දරුවන් ගැන, යාලු මිත්‍රයන් ‍මැද නොසිට වැඩ කරන අය ගැනත් මැණික් ෆාම්හි අය ගැන Comments වැටෙන්නේත් කලාතුරකින්.

  26. Kaushalya says:

    ඇත්තටම මේක මහ මෝඩ බොළඳ තීරණයක්! හරියට දේෂපාලකයොන්ගෙ ගැලරිය පිනවන කතාවක් වගේ.
    මෙහෙම බැලුවොත් ඇත්තටම අද අපේ රටේ බස් එකක වත් නිදහසේ යන්න පුලුවන් තත්වයක් නෙවෙයි තියෙන්නෙ. සමාජයෙන් හැන්ගෙන එක නෙවෙයි කරන්න ඕන, සමාජයේ සිදුවන අකටයුතුකම් වලට හසු නොවී සිටින ආකාරය ගන දැනුවත් වීමයි.

    තාම ලංකාවෙ ඉන්න ගොඩක් අයට online account වල security ගැන දැනුවත්කමක් නෑ.
    අනික කොහොමද facebook හෝ ඕනම social networking accountඑකක අයිතිකාරය තමන් කියල ඔප්පු කරන්නෙ?

    ඔය වගේ දේවල් කරන්න facebookම ඕනද? හඳපානෙ පැනල ගියේ computer ගැන අහලවත් තිබුන කාලෙද?

  27. ක‍රන්න පුළුවන් දෙයක් නම් හොඳයි.
    ඒත් මේක ප්‍රායෝගික නෑ නෙ!

    ඕනැම දෙයක් හොඳ වගේම නරක විදිහට යොදා ගන්න පුළුවන්.

    ඒත් FB එක ඇත්තටම වැඩකට ඇති දෙයක් විදිහට මම දකින්නෙ නෑ. හැබැයි මාත් ඒකට ඇබ්බැහි වෙලා ඉන්නෙ :/

    මේක බේබදු පියා පුතාට බොන්න එපා කියනව වගේ දෙයක් තමයි. මොනව උනත් අවවාද දෙන පියා බෙබා කියල ඒ අවවාදය ගනන් නොගෙන ඉන්න එක හොඳද?

    :|

    • [said:Akila Dakshina]
      ක‍රන්න පුළුවන් දෙයක් නම් හොඳයි.
      [/said]
      මෙය කරන්නට පුළුවන් දෙයක් නෙවෙයි. එහෙම පුළුවන් වුනත් මේක “හොඳ” දෙයක් නෙවෙයි.

  28. “ඒ අනුව කිසිදු පාසල් සිසුවියක් ෆේස්බුක් වෙබ් අඩවියේ ලියාපදිංචි වී නොසිටිය යුතු අතර, දැනටමත් ලියාපදිංචි වී ඇතිනම් වහාම ගිණුම අත්හිටුවිය යුතු බවත්, එසේ නොකරනු ලබන සිසුවියන්ගේ ශිෂ්‍යභාවය අත්හිටුවනු ලබන බවත් අපට වෙනත් තොරතුරු මාර්ග වලින් දැනගැනීමට ලැබිණ.”

    සමාවෙන්න. කලබලේට ලිපිය කියවද්දි මේ කොටස මඟහැරිලා මට. විදුහල්පතිනිය තරමට වඩා පවර් එක පෙන්නන එක නං අනුමත කරන්න බැහැ. අදාළ බාලිකාවන්ට පාසල තුළදී facebook තහනම් කළාට ඔවුන් වෙනත් තැනකදී facebook පාවිච්චි කරනවද නැද්ද යන එක තීරණය කරන්න අයිතියක් විදුහල්පතිනියට නැහැ. ඒ ගැන ඒ ළමයින්ගේ දෙමව්පියන් බලාගනී (මොළේ තියෙනවනං).

  29. ධනික says:

    පාසැල තුල facebook හි සැරිසැරීම නැවැත්වීම යහපත් දෙයක්. එමගින් ඊට ඇබ්බැහිවීම නිසා පාසැල තුල අධ්‍යාපන කටයුතු වලට සිදුවන හානිය පාලනය වෙනවා. නමුත් එය මේ වගේ ප්‍රසිද්ධියෙ සිදු නොකර facebook අඩවියට පාසැල් පරිගණක වලින් සම්බන්ධවිය නොහැකි ලෙස පෙරහනක් යෙදීම මගින් ඉතා ලේසියෙන් උපායශීලීව කරන්න තිබුණා.

    නමුත් facebook ගිණුම් අවලංගු කරන්න යැයි බල කිරීම ඇත්තටම බොළඳ ක්‍රියාවක්. මන්ද කලින් ප්‍රතිචාර වල සඳහන් වී තිබුණා වගේම එය කිසිසේත් ප්‍රායෝගික නොවන ක්‍රියාවක්. අනික facebook ගිණුමක් තිබුණාය කියා ශිෂ්‍යභාවය අත්හිටවනු ලැබීම වැනි දැඩි දඬුවමක් කිසිසේත් අනුමත කරන්න බෑ.

  30. You can do whatever you like in the school (like banning the website) as Facebook can be treated useless under education.

    But forcing people to remove their FB accounts (related to personal life) is a human rights violation. Principal could be charged for it and this is not a joke if you know the law.

    Tell her to stop BS and start blocking some IP’s, which is practical (anyway I’m not sure about this too … you know what happened to tamilnet ban)

  31. @kaushalya: Yes I agree to the fact that you can’t actually prove the account is someone’s. This is because even I can gain some info about a Sirimavo girl and build a profile, even she doesn’t know what the hell FB is!
    It’s evident that knowledge about FB on parents/teachers is very low. Some teacher has said to burn FB before she finds it to the students in a class room!

  32. namal says:

    පාසල තුල Face book තහනම් කිරීම ප්‍රශ්ණයක් නැහැ… නමුත් පිටතදි එයට වැටකඩොලු යෙදීම ප්‍රයෝගික නැහැ… මෙය පාසලේ විනයට බලපානවනම් මෙසේ අත්හිටුවීමට බලකල පමනින් එය විසදෙන්නේ නැහැ… හොරට වැඩ කරන්න ඕන කෙනෙක්ට අවස්තාව තිබෙනවා… අන්තර්ජාලයට වැට දැමිමට වැට කඩන්න දන්න එක්කෙනා වැට කඩනවා…

  33. mahasen says:

    These Social Networking Sites are different than wring a blog etc. It can reveal your privacy a lot. This has to be taken into account as well.

    Nobody can ban using FB at home. It is upto their parent to keep eye on their children. Only thing is to educate them how to use them. What details to put and what not. This is not a perfect world.

    My wife’s FB page is getting lot of friend requests from lot of unknown people, where as I am only getting known people. Banning things will not work. But educating the students and their parent will work. For examples have love affairs are prohibited in schools. But you know how many are doing that and how many get into trouble. But there are some who manage to do it without getting into trouble. So this is the same thing.

    (Sorry for writing in English.)

  34. sahan says:

    මේකනම් තම තනතුර සහ ඒකාධිපත්ත්වය හුවා දැක්වීමට ගත් ක්‍රියාවක් ලෙසයි මමනම් දකින්නෙ, මොකද මෙවැනි දෙයක් පාසල තුල සිදුකලත් (ෆේස් බුක් ෆිල්ටර් කිරීම ) ඉන් පිටතදී මෙය ප්‍රායෝගික නොවෙයි. මොකද අනිත් කමෙන්ට් වල කියා තිබුන අයුරින් යමෙකුට තවත් ශිෂ්යාවකගේ නමින් profile එකක් සෑදීම සුලු දෙයක් එවිට විදුහල්පති විසින් ගන්නා තීරනය ශිෂ්යාවකගේ මුලු ජීවිත්යටම බලපාන්නක්.මම දන්නා පරිදි ලන්කාවේ බොහෝ පාසැල් විශ්වවිද්යාල වල මේවැනි social networks, chat roms, ආදිය filter කර ඇති අතර ඉන් පිටතදී එම අඩවි භාවිතයට තහන්චි දමා නැත. මේ නම් මහා අමනෝඥ්ඥ ක්‍රියාවක්.

  35. Sarath Gunatunga says:

    විදුහල් පතිනියක් හැටියට ඔබගේ තීරණය සමග මම එකඟ වෙනවා. පිටරටක ජීවත් වෙන මමත් කියන්නේ දැන් සමාජයීය විපර්යාස නිසා ලමයින්ට නිදහස වැඩියි. ඔය නිදහස නිසා බොහෝ විට බාල පරම්පරාව නොමග ගොස් තිබෙනවා. ලමයින්ට ජීවිතයේ අත්දැකීම් බොහොම අඩුයි, අත් දැකීම් නොමැති නිසා ඔවුන් අමාරුවේ වැටෙනවා. ඔය ෆේස් බුක් නිසා ලිංගික අපයෝජන ආදී සිදුවිය නොයුතු දේ කොපමණ බටහිර රටව්ලින් වාර්තා වෙනවාද? ගරු විදුවල් පතිනියනි, ඔබගේ නිර්භය පිලිවෙතට, මගේ හෘදයාංහම ස්තුතිය සහ ගෞරවය!!!

  36. @an says:

    ප්‍රයොගික නෙමෙ කියන එක පර්ශ්නයට උත්ත‍රක් නොවෙ. එක ගැලවිම සදහ කියන එකක්. වැඩෙ හ‍රිනම් එච්ච‍රයි.

  37. @Sarath Gunatunga :
    පුළුවන් නම් අපි ඔක්කොම නීත දාල පාලනේ කරමු ?

  38. Sarath Gunatunga says:

    මේ වගේ ප්‍රශ්නයක දෙපැත්තක් තිබෙනවා. එකක් විදුහල්පතිනියක් හැටියට තම පාසැලේ සිටින සිසුවියන් පිලිබඳ වගකීම. ඒ වගකීම මේ විදුහල්පතිනිය ඉතාමත් උසස් අන්දමින් භාරගෙන තියෙනවා. ඒකයි FB තහනම් කරේ. යම්කිසි සිසුවියක් ඒ තහංචියට විරුද්ධව හොරෙන් තහනම් කරපු දෙය කරොත් ඒකෙ හොඳ /නරක විඳ ගන්නට සිදුවෙන්නෙත් ඒ සිසුවියට. ඒක එදත් එහෙමයි අදත් එහෙමයි. තාක්ෂණය දියුණු වුනාට ගුණධර්ම පිරිහිලා නැහැ. ඒ ගුණධර්ම රැකගන්න තමයි මේ විදුහල්පතිනිය හදන්නෙ. ඒකට සහාය දීම හෝ නොදීම තමතමාට අයිති වැඩක්. අවසානයේ කවුරුවත් දිනන්නෙත් නැහැ පරදින්නෙත් නැහැ. තිත වැටෙන්නෙත් නැහැ. ඒ සිසුවියන්, සමාජය සහ දෙමාපියන් දැන් තියෙන තත්වය අනුව ක්‍රියා කිරීමෙන් යම කිසි ප්‍රථිඵලයක් ලබනව නම් ඒ ප්‍රථිඵලය තමයි වෙනස් වෙන්නෙ.

    • සෑම කෙනෙක්ම තම තමන්ගේ සීමාවන් හඳුනාගත යුතුයි. අදාළ විදිහල්පතිවරිය (මා “තුමිය” යන වදන භාවිතා නොකරන්නේ සවිඥානිකවමයි.) තමාගේ සීමාව හඳුනාගත්තේනම් මෙවන් ක්‍රියාවක් කිරීමට ඇයට කිනම් ස්ථානයකවත් බලයක් පැවරී නැති බව හොඳින් වැටහේවි.

    • මෙය කොහෙත්ම අදාළ සිසුවියන්ට කැමතිනම් දායකවන්න යන ආකාරයෙන් කළ ඉල්ලීමක් නොවේ. නොකරන්නේ නම් ශිෂ්‍යභාවය අහෝසි කරන බව දන්වමින් කළ තර්ජනයකි.

  39. Lishwish says:

    නීතිය කුමක් වුවත් එය කරනා විධිය අනුව දෘශ්ටිය වෙනස් වන්නට පුලුවන්… සාධු චෛතසිකයකින් කලත්, ප්‍රථිපලය ගැටලු නම් හොඳම ක්‍රමය වන්නේ.. නිවැරදි භාවිතාව කියා දීම හා ඉන් එන අතුරු ප්‍රථිපල පිළිබඳ ළමුන් දැනුවත් කිරීමයි.

    අස්සයෙක් වතුරක් ගාවට ගෙන යන්නට පුලුවන් ඒත් ඌට වතුර පෙවීම උගහටයි….

  40. ප්‍රින්සිපල්ගෙ දුව ෆේස්බුක් එකේ ගිහින් මොනව හරි කරගත්තද දන්නෑ…

    • මොනව කරගත්තත් ඒක ෆේස්බුක්වල වැරැද්දක් නෙවේ. ඒක භාවිතා කරන කෙනාගෙ වැරැද්දක්.

  41. slblow says:

    Sorry I don’t know how to type in sinhala.

    Is Sri Lanka going to be CHINA ??? or may be Iran or Saudi Arabia!!!

    I call such restrictions one word : SICKNESS !!!!

  42. Facebook අඩෙවිය ආරම්භ වුණේත් හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සමාජ ජාලයක් හැටියට. ඉස්සර .edu ඊමේල් ලිපිනයක් නොතිබ්බොත් ඒකෙ ගිණුමක් හදන්නත් බැහැ. ඉතින් පළමු කොටම ඒක ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා වූ ජාලයක්. දැන් නම් විවෘත සේවාවක්. ඒ වුණත් මම හිතන්නෙ අදටත් ඒකෙ සංයුතියෙන් වැඩි ප්‍රමාණයක් එහෙමයි. ලොව වටා ශිෂ්‍ය ශිෂ්‍යාවො. මේක බොහොම පලදායකව භාවිත කරන්න පුළුවන් සේවාවක්. පලදායක ව භාවිත කරන සේවාවක්. නමුත් අනිත් ඕනැම දෙයක වගේම මේකෙත් නරක යොදාගැනීම් තියෙන්න පුළුවන්.

    බාලිකා පාසැලකින් සාහිත්‍ය තරගයකට හරි නැත්නම් ක්‍රීඩා තරගයකට ගියා කියල හිතමු. ඒ වගේ තැනක දී වුණත් ඔය කියන අනාරක්ෂිත තත්ව හටගන්න පුළුවන්. ශිෂ්‍යාවන් බසයේ පාරෙ තොටේ දී පාසැලේ පාලනයෙන් බැහැර ජීවිත ගත කරනවා. නොදන්නා පුද්ගලයින් මුණගැසීමෙන් ශිෂ්‍ය ශිෂ්‍යා දෙපිරිස ම අනතුරුවල වැටෙනවා මගතොටේ දී, පාසැලේ දී, තරගාවලිවලදී, කඳවුරුවලදී සහ තවත් නොයෙක් තැන්වල දී.

    එහෙම වුණා කියල ඒ තැන්වලට යන එක තහනම් කරන එක ද හරි? නැත්නම් ඒ ඒ තැන්වල නිසි පරිදි ආරක්ෂිත ව ජීවත් වෙන්න අවශ්‍ය දැනුම හා මගපෙන්වීම ලබා දෙන එක ද හරි? අපි පාසැලකින් බලාපොරොත්තු වෙන්නෙ මෙයින් දෙවැන්න නේද?

  43. Anju says:

    ඕක හරියන වැඩක්නම් නෙමෙහි. කොච්චර උඩ පැන්නත් ෆේස්බුක් යනඑකා නවත්වන්නෙ කොහොමද? ඔය විදුහල්පතිනියට වැඩිය, ළමයින්ට තොරතුරු තාක්ෂණය පිළිබදව දැනුමක් තියෙන බවට නම් කිසිම සැකයක් නැහැ. ඒක නිසා ඔය වැඩේ නම් එච්චර නුවණට හුරු දෙයක් කියලා මමනම් හිතන්නෑ.

  44. මෝඩ තීණයක් කියල කියන්න පුලුවන්. හරි පිළියමෙන් බැහැර වීමක්.

  45. නදුන් says:

    මම ඔබ සමඟ එකඟයි විදුහල්පතිනියනි.
    පාසැල් සිසුවියකට හෝ සිසුවෙකුට ෆේස් බුක් හරහා කිසිදු දැනුමක් ලැබිය නොහැකියි.

    ඹය මානව හිමිකම් ගැන කතා කරන අය කියයි… පාසැල් කාලයෙන් පසු සිගරැට් බිව්වත් කමක් නෑ කියයි. පාසැල් පැය කීපයට පමණක් නොව සිසුවියගේ මුළු ජීවිතයම තම වගකීමක් බව සිතට ගත් විදුහල්පතිනියක්.

    අ‍පි පාසැල් ගිය කාලෙත් හිටියා සමහර ගුරු-මෑණිවරු,පියවරු අපි ගැන හොඳට හොයල බැලුවා.ඒ රැකියාවට එහා ගිය ජාතික වගකීම තේරුම් ගත් ගුරු-මෑණිවරු,පියවරු. ඒ අයට අපි හැමදාමත් ආදරෙයි. අද එදාට වැඩියෙන් ලෝකය විවිධයි.

    මම කියන්නේ ජංගම දුරකතන හරහා හුවමාරුවන වීඩියෝ ගැනත් දැඩි තීරණයක් ගන්න කල් ඇවිත්.

    @slblow: මේක අරාබිය වත්,චීනයවත්,එංගලන්තයවත්,ඇමෙරිකාවවත් නොව
    ශ්‍රී ලංකාව යි. ඒබව සිහියට නගාගන්න…

    • [said:නදුන්]
      පාසැල් සිසුවියකට හෝ සිසුවෙකුට ෆේස් බුක් හරහා කිසිදු දැනුමක් ලැබිය නොහැකියි.
      [/said]
      ඉතිං මොකක්ද එතන තියන point එක ? “දැනුම” ලබන්න විතරද ජීවිතේ තියෙන්නෙ ?

      [said:නදුන්]
      ඹය මානව හිමිකම් ගැන කතා කරන අය කියයි… පාසැල් කාලයෙන් පසු සිගරැට් බිව්වත් කමක් නෑ කියයි
      [/said]
      සිගරට් බීමයි Facebook භාවිතයයි ඔබ සමාන ලෙද දකිනවානම් මේ සංවාදයේදී ඔබ දක්වන අදහස් සතයක්වත් වටින්නේ නෑ.

      [said:නදුන්]
      @slblow: මේක අරාබිය වත්,චීනයවත්,එංගලන්තයවත්,ඇමෙරිකාවවත් නොව
      ශ්‍රී ලංකාව යි. ඒබව සිහියට නගාගන්න…
      [/said]
      ඔබ පළමුව slblow කී දේ තේරුම් ගන්න ඔහු කියා ඇත්තේ ශ්‍රී ලංකාව අරාබිය, චීනය බව නෙවෙයි. ඒ රටවල ක්‍රියාත්මක වන වර්ගයේ අන්තර්ජාල සම්බාධක ලංකාවේ පනවන්නට හදනවාද යන්නයි ඔහු ප්‍රශ්න කර ඇත්තේ.

      එම ලයිස්තුවට එංගලන්තයත් ඇමරිකාවත් ඇතුලත් කිරීමෙන් පෙනෙන්නේ එය හුදෙක් රටවල් කිහිපයක නම් ලෙස හැරෙන්නට ඔබ වෙන යමක් නොදකින බවයි. ඒකයි slblowගේ ලයිස්තුවේ නැති මෙන්ම කොහෙත්ම අදාළ නැති රටවල් දෙකක නම් සඳහන් වෙන්නෙ.

      ඔබ කතා කරන්නේ තර්කයක් මත පිහිටල නෙවෙයි.

  46. Rasith says:

    A wiser move.

  47. Rasith says:

    IMO, this is a wiser move because nowadays many school students are exposing about themselves too much (Videos, Pictures). They come to FB and create an account because of the trend, like the HI5 trend few years back.
    But in the mean time it is important to make them aware about these social networking sites and pros and cons of www because no one will be able to keep all of them out just by imposing a rule.
    Students must be taught to make take the maximum use of www, because it’s going to be a major part in the future society.

  48. Uvais says:

    nothin

  49. vin says:

    (sorry to write in english, i dnt hv sinhala font facility)

    as a person who knows about sirimavo more than any of the people commented,i wud lik to giv my point of regarding this matter..

    eka paratama meka hari ho waradi kayala label gahanna epa..metana comment karana kaurut sirimavo bandaranaika balika vidyalaye abyantharaya danne na..me tiranayata manawa himikam ullanganaya wenawa kiyana aya pasale tibena anek nithti gana dannawa nam mona kiyaida kiyala hithanna wat ba..

    namut eka deyak man itha wagakimen pahadiliwa kiyanawa..me pasale tibena nithi rithi tikak tadai kiyala kenekta hithenna puluwan,namut kawama dawat a nithti pili padimen lamainta kisima waradak wela na..wennet na..
    pasalak tulin tama anagathaya goda nagenne..eya sama atinma hariyakarwa sidu wiya yuthui..

    sirimavo bandaranaika vidyalaye me nithi nisa,ehi sisuwiyan ein pita wanne dadi winayak ati pirisak lesai..eya ownge idiri jivithayata vishala shaktiyak bawa mama kiyanne athdakimen..

    anek de mewan nithiyak ati kirimen wadima yahapatha sidu wanne, antayakata nogihin ataramaga inna pirisatai..
    anaturak tiyena deyak gana lamaint anaturu angawanna puluwan hodama widiya tama ounwa in walakwima..

    anek karanaya tamai,kenek kiyala tiyenawa pasaledi witharak ehenan natara karala hari yanna ita passet natara kala yutui kiyala…nmut oba siyalu denama amataka karana deyak tiyanawa…ay apa samajaya tuala “wadi hitiyanta pamanai” kiyala dewal label karala lamaingen ewa at karanne..ekata wyasa 18 kiyana simawa panawanne ay..
    mokada e wayasa pasu karana turu hari warada tora gena hoda de jivithayata ekatu karaganna hakiyawak nati nisai…
    ma udaharanayak dennam…. wayasa auruddaka pamana punchi daruwekuta kathurak athata dunnot..eken karanna oni kola kapana eka,ahahta ana ganna eka neme..ahata ana ganna eka naraka wadak kiyana eka a lamaya dannawada na..itin amma mokada karanne katura eyagen at karala tiyanawa..eyata katura allanna tahanam karanwa, eken a lamayage manawa himikam ullanganaya wenawada??..eyata katuren kara ganna puluwan hoda de gana danimak apu kaleta amma eka eyata denawa…
    me dema nemeida garu viduhalpathi maniyan kale??

    namut fb account ekek tibi asu uwahot shishya bawaya ahosi karnawa yai kiyana deya nam man kohomatawat piliganne na..pasale nithi paddathiya gana itha hoda danimak tiyana kenek widiyata man ita wagakimen kiyanawa…lamayekuge shishya bawaya ahosi kirimata pera a gana itha gamburin salaka balanwa..a wagema mewani dewal nisa ewan tirana ganne na..
    man illimak karanawa sahithya blog eken me gana viduhal pathi maniyange adahasa wimasa mehi pala karana lesa..

    e wagema tawat punchi yojanawak..me sambandawa kati kawatak ati kirima gana sabawinma hoda kriyawaki..namut pasale nama bawitha nokata “prasidda balika pasalak” lesa bawitha kala nama uchitha yai sithami.. meya balika pasalaki..oba siyalu dena tama tamnge kona walin karana prakash walin awasanaye amantranaya wanne kelinma ounwa.. onama pasalaka gurawa rakima samajayema wagakimak..

  50. divya says:

    i agree with this banning of FB in schools and appreciate the initiative step taken by the sirimavo bandaranaike vidyala. the reason behaind that is, i believe, we need FB when we cross over, not when we are in the school. school is the place where we build good frenships and make good frens. FB helps us to keep in touch with them and to be in contact, updated. we ve real frens at schools, real people, so there a very little need to go for new, unknown, foreigh frens. but of course when we are out of school, universities and caught in our bust working life, FB comes as a bliss, to take us back to the school days. this s my personal idea. what do u people think?

    i salute sirimavo again for taking the action, once again they are proving that they are thye best at disciplines.. (i m not a sirimavian)

ඔබේ ප්‍රතිචාරය

පූර්ණ අනුග්‍රහය

Sponsors

සම අනුග්‍රහය

microsoft