සාහිත්‍ය.lk ගම්පහ දිස්ත්‍රික් වැඩමුළුව
July 10, 2009 · සම්පාදනය සාහිත්‍ය ඒකකය විසිනි
සිංහල භාෂාව, අන්තර්ජාල ජනමාධ්‍යකරණය හා සිංහල බ්ලොග්කරණය පිළිබඳව පාසල් සිසුන් දැනුවත් කිරීමේ අරමුණෙන් දිවයින පුරා පැවැත්වෙන වැඩමුළු මාලාවේ ඊළඟ පියවර ලෙසින් අද (2009 ජූලි මස 10 වැනිදා) දින ගම්පහ ප්‍රදේශයේ තෝරාගත් පාසල් සඳහා ගම්පහ තරුණ බෞද්ධ සංගම් ශාලාවේ සාහිත්‍ය.lk වැඩමුළුව පැවත්විණ. ගම්පහ ප්‍රදේශයේ රාජකීය විද්‍යාල සිසුන් වෙත එල්ලවී තිබූ තර්ජන හේතුවෙන් අප හට පොලිස් ආරක්ෂාව ලබා දෙමින් ගම්පහ පොලිස් ස්ථානය අප හට ආරක්ෂාව සැපයීමට ඉදිරිපත් විය. වැඩමුළුව අතරතුර සහභාගී වූ පාසල් වෙතින් හොඳ අන්තර්ක්‍රියාකාරීත්වයක් දක්නට ලැබීම මෙහි සුවිශේෂී කරුණක් විය.
[nggallery id=1]
සහභාගී වූ පාසල් වෙත අපගේ හදපිරි ස්තූතිය පුදකරනු ලබන අතර. ආරක්ෂාව සැපයූ ගම්පහ පොලිස් ස්ථානයටත්, එහි කාර්යමණ්ඩලයටත් අපගේ උපරිම ස්තූතිය පුදකරනු ලබන බව මෙහි සඳහන් කළ යුතුම ය. එමෙන්ම නන් අයුරින් අප වෙත සහයෝගය දැක්වූ සියලු දෙනාටම අපි අපගේ ස්තූතිය පුදකරමු.
–
සම්පාදනය – සුපුන් සුදාරක



[said]
ගම්පහ ප්‍රදේශයේ රාජකීය විද්‍යාල සිසුන් වෙත එල්ලවී තිබූ තර්ජන හේතුවෙන් අප හට පොලිස් ආරක්ෂාව ලබා දෙමින් ගම්පහ පොලිස් ස්ථානය අප හට ආරක්ෂාව සැපයීමට ඉදිරිපත් විය
[/said]
:-O ???
“ගම්පහ ප්‍රදේශයේ රාජකීය විද්‍යාල සිසුන් වෙත එල්ලවී තිබූ තර්ජන හේතුවෙන් අප හට පොලිස් ආරක්ෂාව ලබා දෙමින් ගම්පහ පොලිස් ස්ථානය අප හට ආරක්ෂාව සැපයීමට ඉදිරිපත් විය”
:-O why is that???
threat from whom??
මෙයාල අර ගත්ත පිතූරවල (gampaha27.jpg)නම් හෙන ලොක්කො වගෙ ඒත් ගම්පහ කොල්ලන්ට බයයි හික්.. හික්.. හික්..
ඇයි මේගොල්ලෝ කොළඹ තියෙන බිග්මැච් එකක් ගැන ගම්පහ තාප්ප වල ලියන්ඩ ඇවිත් ගම්පහ තහනම් කරල තියෙන්නේ…
ඒකනෙ පොලිසියෙන් අවසර අරන් හුන්ඩුවක් විතර හෝල් එකක කරන්ඩ උනේ
අපේ ඉස්කෝලේ කස්ටියත් ඉන්නවනේ…