සාහිත්‍ය කණ්ඩායම සමඟින් “මයික්‍රොසොෆ්ට්” අත්වැල් බැඳගනී!

July 20, 2009 · සම්පාදනය සාහිත්‍ය ඒකකය විසිනි

කොළඹ රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය සිංහල භාෂාව අන්තර්ජාලය තුළ ප්‍රවර්ධනය කිරීමේ ප්‍රමුඛ අරමුණෙන් සංවිධානය කෙරෙනු ලබන සිංහල යුනිකේතය, අන්තර්ජාල ජනමාධ්‍යකරණය හා සිංහල බ්ලොග්කරණය ප්‍රවර්ධනය කිරීමේ ජාතික ව්‍යාපෘතිය වෙනුවෙන් සිය අනුග්‍රාහක දායකත්වය ලබා දීමට “මයික්‍රොසො‍ෆ්ට්” ආයතනය පසු දා කොළඹ රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය සමඟින්  එකඟතාවකට එළැඹිණි.

මේ අනුව සිංහල බ්ලොග්කරණ තරගාවලියේ ඒ ඒ අංශ යටතේ ජයග්‍රහණය ලබන ජයග්‍රාහකයින්, ජයග්‍රාහක කණ්ඩායම් වෙත ත්‍යාග, සම්මාන හා සහතික පත්‍ර ප්‍රදානය වෙනුවෙන් ත්‍යාග සඳහා අනුග්‍රාහක දායකත්වය “මයික්‍රොසොෆ්ට්” ආයතනය සපයනු ඇත.

මෙම ජාතික ව්‍යාපෘතිය වෙනුවෙන් සිය අනුග්‍රාහකත්ව දායකත්වය ලබා දීමට එකඟතාව පළ කරන ලද “මයික්‍රොසොෆ්ට්” ආයතනයට සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය වශයෙන් අපි අපගේ කෘතඥතාව පුදකරනු කැමැත්තෙමු.


සම්පාදනය – සුපුන් සුදාරක



ප්‍රතිචාර 2 to “සාහිත්‍ය කණ්ඩායම සමඟින් “මයික්‍රොසොෆ්ට්” අත්වැල් බැඳගනී!”
  1. [said:author]
    මේ අනුව සිංහල බ්ලොග්කරණ තරගාවලියේ ඒ ඒ අංශ යටතේ ජයග්‍රහණය ලබන ජයග්‍රාහකයින්, ජයග්‍රාහක කණ්ඩායම් වෙත ත්‍යාග, සම්මාන හා සහතික පත්‍ර ප්‍රදානය වෙනුවෙන් ත්‍යාග සඳහා අනුග්‍රාහක දායකත්වය “මයික්‍රොසොෆ්ට්” ආයතනය සපයනු ඇත.
    [/said]

    :-D

    බිල් අයියගෙ මොළේ තමයි මොළේ !

    සහතිකවලටයි තෑගි වලටයි නම දාගත්තම, නිකම්ම ප්‍රසිද්ධ වෙන්න බැරියැ !

  2. තෙලා says:

    මේක තමයි සියවසේ විහිලුව !
    FACEBOOK එකවුන්ට් එකක් තිබුන කියල ඉස්කෝලෙන් අස් කරන්න්නෙ කොහොමද?
    හීන බලනව වගේ කට්ටිය :D

ඔබේ ප්‍රතිචාරය

පූර්ණ අනුග්‍රහය

Sponsors

සම අනුග්‍රහය

microsoft