ගූගල් සහ ෆේස්බුක් දැන්වීම් සිංහලෙන්!
August 2, 2009 · සම්පාදනය සාහිත්‍ය ඒකකය විසිනි
ලොව ප්‍රචලිතම වෙබ් අඩවි ලෙසින් සැලකෙන ගූගල් වෙබ් සෙවුම් යන්ත්‍ර වෙබ් අඩවිය හා සමාජ ජාලයක් වශයෙන් ආන්දෝලනාත්මක. එමෙන්ම ජනප්‍රියම සමාජ ජාලයක් වන ෆේස්බුක් වෙබ් අඩවිය වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ ජනප්‍රිය වෙබ් අඩවිය යුගලයක්. මෙම වෙබ් අඩවි යුගලයම අන්තර්ජාලය තුළ වෙනම ආකාරයේ විප්ලවයක් සඳහා දායක වූ, එමෙන්ම ඉදිරියටද ජාලගත විප්ලවයක් සඳහා දායකත්වය දක්වනු ලබන වෙබ් අඩවි යුගලයක් බව ඔබට අමුතුවෙන් හඳුන්වාදීමට අවශ්‍ය නොවනු ඇත. අන්තර්ජාලය සමාජගත කිරීම සඳහා මෙම වෙබ් අඩවි යුගලයෙන් ලබාදෙන දායකත්වය මෙපමණයැයි පැවසීමට නොහැකි තරමින් අද්විතීයයි.
වර්තමානය වන විට යම් කිසි නිෂ්පාදනයක් හෝ යම් කිසි මතවාදයක් ඉතාමත් බලසම්පන්න ආකාරයෙන් ප්‍රවර්ධනය උදෙසා භාවිතා කළ හැකි මාධ්‍යයකි, අන්තර්ජාලය. එය වාණිජමය වශයෙන් ඉතාමත් වැදගත් උපායමාර්ගයක්. මෙම වෙබ් දැන්වීම් කලාවට නවමු විප්ලවයක් රැගෙන ආයේ ගූගල් වෙබ් අඩවිය බව ඔබට අන්තර්ජාල දැන්වීම්කරණ ඉතිහාසය සොයාබැලීමේදී පසක් වනු ඇත. අකුරු මත පදනම් වූ, සෙවුම් ප්‍රතිඵල හා මනාව සැසඳෙන අයුරින් වෙබ් පරිශීලකයාට ඉතාමත් හිතකර හා ප්‍රියමනාප ආකාරයෙන් දැන්වීම් රැගෙන ඒම බොහෝ වෙබ් පරිශීලකයන් අතර ජනප්‍රිය වීම මෙහිදී සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරනු ලැබූ කාරණයක්. එමෙන්ම එක්තරා කොටසකට පමණක් සීමාවූ ජාලගත දැන්වීම්කරණය පුළුල් පරාස ප්‍රජාවක් කෙරේ ව්‍යාප්ත වූවාක් මෙන්ම, වඩාත් ලාභදායීද වූ බව නොරහසක්.

අක්ෂර මත සංවේදී ගූගල් වෙබ් අඩවියේ ගූගල් ඇඩ්වර්ඩ්ස් (Google Adwords) පහසුකම භාවිතාවෙන් බොහෝ දැන්වීම් ලොව පුරා විවිධ භාෂාවන්ගෙන් වර්තමානය වන විට ප්‍රචාරණය වන නමුත්, සිංහල භාෂාවෙන් ප්‍රචාරණය වන දැන්වීම් අප දන්නා පරිදි නොමැති තරම්. එය එසේනම්, කොළඹ රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය ප්‍රථම වතාවට ගූගල් අඩවියට හා ඒ සමඟ අනුබද්ධිත සමස්ත ගූගල් ඇඩ්සෙන්ස් ජාලය තුළ සිංහල යුනිකේත භාවිතයෙන් සිංහල භාෂාවෙන් දැන්වීම් ප්‍රචාරණය කිරීමේ ගෞරවය හිමිකරගනු ලබන බව පවසන්නේ ආඩම්බරයකින් නොව අප කණ්ඩායමට ඇතිවූ සතුට ඔබත් සමඟ බෙදාගැනීටමයි.
ෆේස්බුක්. අප ඔබට ප්‍රථමයෙන් පැවසූ පරිදි ඉතාමත් බල සම්පන්න අඩවියකි මේ. සමාජ ජාලයක් වශයෙන් විවාදානුසම්පන්න වෙබ් අඩවියක් වන මෙය අන්තර්ජාලය භාවිතාකරනු ලබන බොහෝ දෙනෙකුගේ නිරන්තර අවධානය යොමු වන වෙබ් අඩවියක්. මෙම වෙබ් අඩවිය තුළද පර්යේෂණ මට්ටමින් අප අපගේ දැන්වීම යොමු කරන ලද්දේ සිංහල යුනිකේත භාවිතයෙන්, සිංහල භාෂාවෙන්. මෙම දැන්වීම යොමු වූයේ අපගේ නිල ෆේස්බුක් පිටුව වෙතයි. මේ හරහා සැලකිය යුතු පිරිසක් අපගේ නිල ෆේස්බුක් පිටුව වෙත ආකර්ෂණය කරගැනීමට හැකිවූ බව මෙහි සතුටින් සඳහන් කළ යුතුම කරුණක්.
ගූගල් වෙබ් අඩවියේ දැන්වීම් පළකිරීමේදී අප මුහුනදුන් ගැටලු රාශියකි. විශේෂයෙන්ම එහි ඇති සංකීර්ණත්වයයි. දැන්වීම සඳහා සිංහල ඉඟිවදන් (Keywords) ඇතුළත් කිරීමේදී එම ඉඟිවදන් වෙබ් අඩවිය විසින් ප්‍රතික්ශේප කරන ලදී. එයට බොහෝ විට හේතුවක් වීමට ඉඩක් ඇත්තේ සිංහල වදන් එකතුවක් නොමැති වීම විය හැක. එසේත් නැතිනම් ගූගල් හරහා වැඩි වශයෙන් සිංහල වදන් යුනිකේත භාවිතාවෙන් නොසෙවෙන නිසා වීමට බොහෝ ඉඩකඩ ඇත. කෙසේ නමුත් ෆේස්බුක් දැන්වීම් ඇතුළත් කිරීම ඉතාමත් සරල වූ බව මෙහිදී සඳහන් කළ යුතුම කරුණකි. ගූගල් වෙබ් අඩවියේ දැන්වීම් පළකිරීමට ප්‍රථම ඒ පිළිබඳව මනා අවබෝධයක් ආධුනිකයින් විසින් ලබාගත යුතු බව අපහට පසක් වූ අතර. ෆේස්බුක් මත ඉතාමත් පහසුවෙන් දැන්වීම ඇතුළත් කිරීමට ඔවුන් ඉඩකඩ සලසා ඇති බව අපි දුටුවෙමු.
පර්යේෂණ මට්ටමින් දියත් කරනු ලැබූ මෙම අන්තර්ජාල දැන්වීම්කරණ කාලය මේ වන විට අවසානයි. කෙසේ නමුත් මෙයි ප්‍රතිඵල පිළිබඳව අප කණ්ඩායම තෘප්තිමත් බව මෙහිදී සඳහන් කළ යුතුයි.
–
සම්පාදනය,
සුපුන් සුදාරක – http://blog.sudaraka.com



මට සුදාරකව කන්ටැක්ට් කරගන්න පුලුවන් වෙන විදියක් කියනවද? මට කාලයක් තිස්සේ දැනගන්න උවමනා කරන විස්තර ඔයාගෙන් හරියටම දැනගන්න පුුලවන් කියල මම හිතනවා. ලොකු දෙයක් මට ඔයා සමග ගණුදෙන් කරගන්න පුල්වන් විධියක් හදනවනම්, sanjeewa1122@gmail.com