භාෂිත සිංහල යුනිකේත අනුගත අක්ෂරය මුදා හැරේ!

September 3, 2009 · සම්පාදනය සාහිත්‍ය ඒකකය විසිනි

භාෂිත යුනිකේත අනුගත අක්ෂර මුදාහැරීමසිංහල යුනිකේත සම්මතයේ ඉදිරිගම‍නේ සංධිස්ථානයක් සනිටුහන් කරමින් අද දින, එනම් වර්ෂ දෙදහස් නවයක්වූ සැප්තැම්බර මස තුන්වන බ්‍රහස්පතින්දා දින යුනිකේත අනුගත අක්ෂර වර්ගයක් වන භාෂිත අක්ෂර වර්ගය පොදු භාවිතය සඳහා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය විසින් මුදා හරින ලදී.

සිංහල යුනිකේත භාවිතාකරුවන් අතර වර්තමානය වන විට භාවිතා වන්නේ ඉතාමත් සීමිත අක්ෂර හැඩතල සංඛ්‍යාවක් පමණි. එය ඉංග්‍රීසි භාෂා අක්ෂර හා සසඳන විට ඉතාමත් සැලකිය යුතු ප්‍රතිශතයකින් අඩු අගයක් ගන්නා බව මෙහිදී සඳහන් කළ යුතුය. එම නිසා විවිධ නිර්මාණ කටයුතු සඳහා යුනිකේත භාවිතා කිරීමේ පසුබෑමක් දක්නට ලැබුනු අතර මින් ඉදිරියට භාෂිත අක්ෂරයේ පෙරළිය සමඟින් මින් ඉදිරියට තවත් යුනිකේත අනුගත අක්ෂර නිර්මාණයට අක්ෂර නිර්මාණකරුවන් පෙළැඹවීම නිසාවෙන් මින් ඉදිරියට එම අඩුව පිරවෙනු ඇති බව අපගේ විශ්වාසයයි.

මෙම අක්ෂර ඔබට ඉදිරි‍යේදී නිල වශයෙන් “සියබස්” වෙබ් අඩවිය හරහා ලබාගැනීමට හැකිවනු ඇති අතර. දැන් ඔබට පහුත යොමුව හරහා මෙම අක්ෂර ඔබගේ පරිගණයට භාගත කරගැනීමට හැකිවනු ඇත.

භාෂිත යුනිකේත අක්ෂර ලබාගන්න



ප්‍රතිචාර 5 to “භාෂිත සිංහල යුනිකේත අනුගත අක්ෂරය මුදා හැරේ!”
  1. කවුද මේක හදලා තියෙන්නේ ?

  2. indika says:

    බොහොම සතුටුදායක වැඩක්..!

  3. මම මේක හොඳයි කියල දකින්නේ මේ හේතු නිසා,
    1. මම කැමතිම හා මෙතෙක් මා දැක ඇති ලස්සනම යුනිකෝඩ් ෆොන්ට් එක Malithi Web වුවත්, එහි ඉංග්‍රීසි අකුරු නැහැ. ඒ නිසා සම්පූර්ණයෙන්ම මලිති ෆොන්ටය පාවිච්චි කරන්න අමාරුයි
    2. Iskole Potha ෆොන්ටයේ ඉංග්‍රීසි අකුරු ටික කිසිම ලස්සනක් නෑ විතරක් නෙමෙයි ඒවා හරිම පොඩියි.

    අලුත් භාෂිත ෆොන්ටයේ මේ ප්‍රශ්ණ දෙකම නිරාකරණය වී තිබීම සතුටට කරුණක්. කලින් ජංගම දුරකථන වලට සිංහල ෆොන්ට් දැමීම ලොක් ප්‍රශ්ණයක් වුනේ මම කලින් කී ගැටලු දෙක නිසා ඒ එකක්වත් දුරකථන සඳහා සුදුසු නොවීම (වැඩි දෙනා කලේ ෆොන්ට් දෙකක් එකත් කර නව ෆොන්ට් එකක් හදාගෙන දුරකථනයට දාගැනීම) මේ භාෂිත ෆොන්ටය ජංගම දුරකථන සඳහා සුදුසු වනු ඇතැයි මම හිතනවා.

  4. හපොයි..
    කලින් කමෙන්ට් එකේ කිව්ව තරං භාෂිත ෆොන්ට් එක හොඳ නෑ වගේ. ඒකෙ සිංහල අකුරු නං එච්චර ලස්සන නෑ.
    හැබැයි ජංගම දුරකථනයකට දාගන්න නං නරක නෑ.

  5. නිරෝෂන් රත්නායක says:

    පැරණි සිංහල අක්ෂර සහ බැඳි අකුරු භාවිතා කරන්න ලැබීම ගැන සතුටුයි…

ඔබේ ප්‍රතිචාරය

පූර්ණ අනුග්‍රහය

Sponsors

සම අනුග්‍රහය

microsoft