සිංහල භාෂා හා සාහිත්‍ය තරගාවලි දිනය 2009
November 1, 2009 · සම්පාදනය සාහිත්‍ය ඒකකය විසිනි
රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය විසින් සංවිධානය කෙරෙන අන්තර් පාඨශාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය තරගාවලි දිනය මෙවර 2009 ඔක්තෝබර් මස 31වෙනි සෙනසුරාදා දින රාජකීය විද්‍යාලයීය භූමියේදී පැවැත්වින. ඒ සඳහා දිවයින පුරා විවිධ ප්‍රදේශ වල පාසල් නියෝජනය කරමින් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහභාගි විය. එදින තරග අවසානයේ විද්‍යාලයේ නවරඟහල වෙත රැස්වූ එම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ හැකියාවන් තව දුරටත් කළ එළි නංවනු පිණිස ඔවුනටද අවස්ථාවන් ලබාදෙමින් කුඩා විනෝදාත්මක ඉසව්වක් සංවිධානය විය. එදින නිවේදිත තරග ප්‍රතිඵල වලින් ජයග්‍රහණය කළ ජයග්‍රාහකයින් සඳහා එම විවිධ ප්‍රසංගය අතරතුර ත්‍යාග හිමි වූ අතර, ඉදිරියේදී පැවැත්වෙන “අසෙනිය කුසුම” සාහිත්‍ය කලා උළෙලේදී එම සියලු ජයග්‍රාහකයින් වෙත සම්මාන සහ සහතික පත්‍ර ප්‍රදානය කෙරෙනු ඇත. තරග ප්‍රතිඵල ඉදිරියේදී මෙම වෙබ් අඩවිය හරහා ඉදිරිපත් කෙරෙනු ඇත.
[nggallery id=2]



සාහිත්‍ය තරඟාවලි දිනය අපටත් කිව්වනම් අපිත් එනවනෙ.
සිංහල භාෂා හා සාහිත්‍ය තරගාවලිය ගැන දැනුවත් කරල. ඒ ගැන අපි ලියුම් තැපැල් කරා හැම පාසලකටම වගේ…
සුපුන් ජායාරූප මෙච්චරද?
මගේ නංගිත් ගියා 9-13 වසර දක්වා ජ්‍යේෂ්ඨ අංශය නැටුම් තරගාවලිය නියෝජනය කරන්න.එහිදී ඇගේ පාසල දෙවන ස්ථානය ලබාගෙන.
ඒ ජායාරූප තියනවනම් මේල් කරනවද ලොකු උදව්වක්.
ස්තුතියි.
dasart77@gmail.com