අසෙනිය කුසුම 2009
December 1, 2009 · සම්පාදනය සාහිත්‍ය ඒකකය විසිනි
කොළඹ රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය විසින් සංවිධානය කරනු ලැබූ “අසෙනිය කුසුම” සාහිත්‍ය කලා මහෝත්සවය 2009ක්වූ නොවැම්බර් මස 27වෙනි සිකුරාදා දින උත්සවාකාරයෙන් පැවැත්විණි. මෙහිදී පාසල තුළ පැවැත්වූ භාෂා හා සාහිත්‍ය තරගාවලි අතුරෙන් ජයග්‍රහණය ලැබූ විද්‍යාලයීය ශිෂ්‍යයින්, රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය විසින් සංවිධානය කරනු ලැබූ සමස්ත ලංකා අන්තර් පාඨශාලයීය භාෂා හා සාහිත්‍ය තරගාවලියේ ජයග්‍රාහකයින් සහ ප්‍රථම වතාවට පැවැත්වූ සිංහල බ්ලොග්කරණ තරගාවලියේ ජයග්‍රාහකයින් සිය සම්මාන සහ සහතික පත්‍ර හිමි කරගන්නා ලදී.
දිවයින පුරා පාසල් නියෝජනය කරමින් පැමිණි එම පාසල්වල පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටත්, සිංහල බ්ලොග්කරණ තරගාවලියේ තරගකරුවන්ටත්, අප විද්‍යාලයීය සිසුන්ටත්, අප විද්‍යාලයීය ගුරුභවතුන් ටත්, ජ්‍යේෂ්ඨ ක්‍රීඩා හා සංගම් භාර ආචාර්ය එම්. ටී. ඒ. රවුෆ් ගුරුමහත්මාටත්, නියෝජ්‍ය විදුහල්පතිනී සුමේධා ජයරත්න මැතිණියටත්, මයික්‍රොසොෆ්ට් ආයතනය නියෝජනය කරමින් පැමිණි චන්න ද සිල්වා මහතා සහ වෙලින්ටන් පෙරේරා මහතාටත්, අප ආරාධනය ලබමින් සපැමිණි ජයත් වික්‍රමසිංහ ගායන ශිල්පීන්ටත්, මහචාර්ය සරත් විජේසූරිය ශූරීන්ටත් අපගේ හද පිරි කෘතඥතාව හිමි වන බව මෙහිදී ප්‍රකාශ කළ යුතු ය.
ප්‍රථම වතාවට පැවැත්වූ සිංහල බ්ලොග්කරණ තරගාවලියේ ජයග්‍රාහකයින් සඳහා මයික්‍රෝසොෆ්ට් ආයතනය වෙතින් ලක්ෂ 2ක වටිනාකමකින් යුත් මෘදුකාංග හිමි විය. එම මෘදුකාංග සම්බන්ධ විස්තර ඉදිරි දින කිහිපය ඇතුළත ජයග්‍රාහක පාර්ශව වෙත ලබා දෙනු ඇත. මෙවර පාසල් අංශය නියෝජනය කරමින් බ්ලොග්කරණ තරගාවලිය සඳහා තරගවැදි පාසල් අතර හොඳම පාසලට හිමි සම්මානය හිමි වූයේ නැත. එමෙන්ම නැණසළ අංශය වෙත හිමි සම්මානයද ප්‍රදානය කරන ලද්දේ නැත. බලාපොරොත්තු වූ ශක්‍යතා මට්ටම වෙත සපැමිණීමට නොහැකි වීම එයට හේතුවයි. කෙසේ නමුත් පාසල් අංශයේ තරගවැදි පාසල් අතර අනුශූරතා සම්මානය මෙවර හිමි වූයේ අම්බලන්තොට ථෙරපුත්ත ජාතික පාසලටයි.
සම්මාන ලද බ්ලොග් අඩවි මෙසේය.
හොඳම තාක්ෂණික බ්ලොග් අඩවිය – කාලිංගගේ බ්ලොග් සටහන
හොඳම පුද්ගලික බ්ලොග් අඩවිය – DeepS ගේ අනං මනං ලෝකය
හොඳම සමූහ බ්ලොග් අඩවිය – බයිස්කෝප් සිංහලෙන්
හොඳම කාලීන හා සමාජයීය බ්ලොග් අඩවිය – W3ලංකා
හොඳම වින්දනාත්මක බ්ලොග් අඩවිය – කතන්දර
හොඳම සාහිත්‍ය රසයෙන් යුතු බ්ලොග් අඩවිය – හකාවතී
හොඳම බ්ලොග් අඩවිය – ශාකුන්තලගේ සටහන් පොත
ජූරියේ විශේෂ ඇගයීම්
SKYlk
Photography සිංහලෙන්
උදිතගේ විද්‍යුත් සෙල්ලිපිය
“අසෙනිය කුසුම 2009″ සාහිත්‍ය කලා උළෙලේ ඡායාරූප හා වීඩියෝ දර්ශන ඉදිරියේදී බලාපොරොත්තුවන්න…



කරුණාකරල ජයග්‍රාහී අඩවි වලට ලින්ක් දාන්න. ඒක නැත්තම් අඩුවක්
Microsoft Sucks කියන අයට දෙන තෑගි එයාලා භාරගනීද කියලා බලමුකෝ…
@නිදහස- ඔබගේ ඉල්ලීම පරිදි ජයග්‍රහණය ලද බ්ලොග් අඩවි සඳහා යොමු එකතු කරන ලදී. ප්‍රතිචාරයට ස්තූතියි.
ත්‍යාග ලබපු සහෝදර බ්ලොග් කරුවන් හැමෝටම සුභ පතන්න මම මේක අවස්ථාවක් කර ගන්නවා..
මගෙනුත් හද පිරි සුභ පැතුම්……
ප්‍රීතියි! ප්‍රීතියි!! ප්‍රීතියි!!!
මගේ පාඨක පිරිසටත්, සාහිත්‍ය සංගමයටත්, මේ ව්‍යාපෘතියට සම්බන්ධ සියළු දෙනාටත් ඉතාමත් ස්තුතියි.
කතන්දර කාරයා
මේ තෑගි ගැන මට ප්‍රශ්න කීපයක් තියෙනව.”DeepS ගේ අනං මනං ලෝකය” හා “කාලිංගගේ බ්ලොග් සටහන” කියන බ්ලොග් දෙකේ තරගය තියපු කාලය ඇතුලත බ්ලොග් පෝස්ට් කීයද අලුතින් ලියල තිබුනෙ?මේවට තෑගි දුන්නෙ මේ බ්ලොග් වල තරගය පැවැත්වෙන්න කලින් තිබ්බ පොස්ට් එහෙමත් සලකල බලලද?මේව විනිශ්චය කලේ පාසල් සිසුන් මගින් පමනක්ද?මෙම බ්ලොග් අඩවි තෝර ගන්න කොට යාලු මිත්‍රකම් වලට තෑගි දුන්න බවකුයි ඕන කෙනෙකුට පේන්නෙ.නැත්නම් පොස්ට් 2,3 ලියවෙච්ච බ්ලොග් වලට තෑගි දුන්න එකෙන් පේන්නෙ තරගාවලියට බ්ලොග් ලැබුනෙ ඔය ටික විතරයි කියලයි.අනිත් එක හිතුනෙ නැද්ද ඔය තරගාවලියෙන් වෙන්නෙ සල්ලි නාස්තියක් කියල.ලංකාවෙ ඕන තරම් දුප්පත් පාසල් තියෙද්දි බ්ලොග් වලට තෑගි දෙන්නෙ සල්ලි වැඩි වෙලා නිසාද?අනිත් එක සංගමේ නිලධාරීන් ඉල්ලා අස් වෙලා ආපහු ලැජ්ජාවක් නැතුව තනතුරු ගන්න තැනකින් ලැබෙන සම්මානෙ වටිනාකම මොකක්ද?
මීට vks සීයා
දිනපු අයට සහ ඉදිරිපත් උන හැම බ්ලොග් කරුවෙකුටම මගෙන් සුභ පැතුම්
අපිට සම්මාන එපා කියලා පොර ටෝක් දීපු බූන්දි සෙට් එකේ බ්ලොග් එකක් වන “හකාවතී” ඔය දිනල තියෙන්නෙ
බලමු ලැජ්ජාවක් තියේද කියලා ඇවිත් සම්මානෙ ගන්න !
මං නං හිතන්නෙ ඇවිත් සම්මානෙ ගනීවි. මොකද ලැජ්ජාවක් කියල එකක් තියෙන සත්ව කොට්ටාසයක්යැ !
හක-හකා,
sahodaraya,
oya apita mail ekak ewanna oyage real add eken.
ethakota ape sathwa bashawen pilithuru denna pahasuyi.
Rajakeeya sahodarayan wetha,
Karunakara, Boondiya sambandawa obe parshwayen udgatha wu thathwaya sambandawa pahadili danuwath kireemak obe web adawiye palakaranna.
mokada eka eka ponnayange ponna katha walata public replies liyanna apata uwamanawak ho kaalayak naha.
Sthuthiyi.
තරගාවලි මගින් යම් උත්තේජනයක් ලැබෙනවා තමයි.. නමුත් එකක සදහන් ආකාරයට මේ යාලු මිත්‍රකම් වලට නම් ලැබිල තියෙන්නේ… මේකත් පවතින කුණුගොඩේම එකක් විදියටත් දාන්න වේවි.. එහෙම තරග නම් වැඩක් නැහ.. එයින් ආයෙත් බිහි කරන්නේ කල්ලි සහ බිය පමණයි.. එහෙම නොවන තෑගි තියෙනවනම් සුබපැතුම් සහ අනාගතය වෙනුවෙන් ශක්තිය ප්‍රාර්ථනා කරනවා…
පුංචි ඔබ කළ මේ ලොකු කාර්යය විද්‍යා හා තාක්ෂණ ඇමති මහාචාර්යවරයා ඇතුළු මහජන මුදලින් පඩි කන රජයේ නිලධාරීන්ට ආදර්ශයක් වේවා!
රාජකීය සොයුරන් වෙත,
ඔබගේ සාහිත්‍ය සම්මාන තරගයෙන් මාගේ හකාවතී බ්ලොග් අඩවිය ද සමමානිත වී ඇති බව දනිමි. ඒ ගැන මගේ පෞද්ගලික සතුට ප්‍රකාෂ කරමි.
එනමුදු මෙම තරගාවලියේ අන්ත අසාධාරණයකට පත් වූ බූන්දි බ්ලොග් අඩවිය වරක් තරගයෙන් ඉවත් කිරීම ද දෙවනුව එයට සුදුසු ඇගයීම නොකළ බව ද මා නිරීක්ෂණය කරන ලද්දෙන් මෙම තරගයේ බලාධිකාරී මඩුල්ල වෙත මගේ පිළිකුල දක්වා සිටිනු වස් මෙම සාහිත්‍ය සම්මානය සහ එම ත්‍යාග ප්‍රතික්ෂේප කරන්නට මා තීරණය කර ඇති වග දන්වන්නේ කනගාටුවෙනි.
වඩාත් සාධාරණ තරගාවලියකින් ලබන ජයක් හැර මෙබඳු දුර්වල පෞරුෂයකින් මඩනා ලද තරගාවලියකින් ජය ලබා ගැනුම මට තරම් නොවන වග ඉඳුරා පවසා සිටිමි.
මෙම සාහිත්‍ය කමිටුවේ ප්‍රගතිශීලි පාර්ශවයන් නියෝජනය කළ සිසු දරුවන්ට මගේ ප්‍රණාමයත් ගෞරවයත් පුද කර සිටිමි.
dinuwa hamotama suba pathanawaa.
congrats to all the winners and proud to be a Royalist!!!
Keep up the good work.
anee…memokada oya gollo web adawiyath pora pitiyak kara ganna hadanne? saamaya, samagiya, samaadaanaya kiyana wachana wala therum amathaka welaada? web awakaashaya anantha apramaana wanna wagema oya gollange ediri waadu kam walath kelawarak naha neda? oya golloth deshpalakayange thathwayata path weema gana athishayinma kanagaatui.
swaadenawa hithanawa kiyanne pil bedena eka newei ne. gurukula hadaa nogena blog tharanga karanna barida?
කරුණු දෙකක්
1. ඔබ විසින් සංවිධානය කළ තරඟය හා උත්සවය ආදිය ගැන සතුටුයි. පාසල් වියේ දී ඇති සීමාවන් තරමක් දුරට හෝ කැඩුවා යයි සිතෙයි.
2. හකාවතී ඔහු/ඇය නිර්භීතව හේතු සහිතව තිළිණය ප්‍රතික්ෂේප කිරීම. මෙයින් සංවිධායකයින් අධෛර්යමත් නොවිය යුතුය. ඊ ළඟ අවස්ථාවේදී මෙහි වූ සීමාවන් ජය ගන්නට පැහැදිලි ‘නිර්ණායක’ හඳුනා ගත යුතුය.
ජය..!
උත්සවයේ ඡායාරූප දෙස බලන කල ඇතැම් සම්මාන අංශ සඳහා අනු-ශූරතා ද තිබූ බව පෙනේ.
ඒවා දිනාගත් උදවිය ගැන මෙහි සඳහනක් නැත්තේ ඇයි?
[...] කියන්නෙ, පුතේ කලා උළෙල නං හොඳයි… දැං ඉතින් තමන්ට වැඩක් [...]