ඔබේ අනුග්‍රහය අවශ්‍යයි!
August 22, 2010 · සම්පාදනය සාහිත්‍ය ඒකකය විසිනි
රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය, ශ්‍රී ලාංකීය පාසල් ජාලය තුළ සිංහල භාෂාව හා සාහිත්‍ය වෙනුවෙන් නොයෙකුත් පර්යේෂණ හා නිර්මාණ ඉදිරිපත් කරන සුවිශේෂී පාසල් ඒකකයක්. සංගමයක්. 2010 වර්ෂය වෙනුවෙන් අපගේ කටයුතු ආරම්භ කිරීම සඳහා ඔබේ මූල්‍යමය අනුග්‍රහය අපට ශක්තියක්. මේ වර්ෂයේ අප ඒකකය විසින් සංවිධානය කරනු ලබන සුවිශේෂී සාහිත්‍යමය ඉසව් වෙනුවෙන් ඔබේ අනුග්‍රහය දැක්වීමට කැමතිනම්,
ලියන්න. එහෙමත් නැතිනම් කතා කරන්න භාෂා හා සාහිත්‍ය ඒකකයේ සුපුන් සුදාරකට.
විද්‍යුත් තැපැල් ලිපිනය: sudaraka[@]sahithya.lk
ජංගම දුරකථන අංකය: 0718064010
පසුගිය වර්ෂයේ ආරම්භ කරන ලද සිංහල බ්ලොග්කරණ තරගාවලියේ දෙවෙනි අදියර වඩාත් සංවිධානාත්මකව, පැවති ගැටලු හඳුනාගනිමින් ඉදිරිපත් කිරීමට අපි බලාපොරොත්තු වනවා වාගේම ශ්‍රී ලංකාව පුරා පාසල් සියල්ලම එකම ජාලයකට සම්බන්ධ කරගනිමින් සිංහල සාහිත්‍ය ක්ෂේත්‍රයේ ශිෂ්‍ය නියෝජනය ඉහළ නැංවීමටයි අපේ සූදානම.
ඒ සඳහා ඔබේ අනුග්‍රහය අවශ්‍යයි!
පසුගිය වර්ෂයේ පැවති අසෙනිය කුසුම කලා උළෙල නරඹන්න
–
අර්බුද, බාධක, කම්කටොළු මැදින් ජයග්‍රහණය කරා ගමන ඇරඹෙනු ඇත.



වෑජබේවා :]
Good Lk!