සමස්ත ලංකා භාෂා හා සාහිත්‍ය තරගාවලිය දිනය – 2010
October 11, 2010 · සම්පාදනය සාහිත්‍ය ඒකකය විසිනි
රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය විසින් සංවිධානය කරනු ලබන “අසෙනිය කුසුම” කලා උළෙලට සමගාමීව පවත්වනු ලබන සමස්ත ලංකා අන්තර් පාඨශාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය තරගාවලියේ කථික හා පද්‍ය ගායනා තරගාවලිය 2010/10/10 දින රාජකීය විද්‍යාලයීය පරිශ්‍රයේදී අති සාර්ථක අන්දමින් පවත්වන ලදී. දිවයින පුරා සියලුම පළාත් පාහේ නියෝජනය කරමින් පැමිණි ශිෂ්‍ය ශිෂ්‍යාවන් අති දක්ෂ අන්දමින් තරග වදිමින් එකිනෙකා කෙරෙහි වූ මිත්‍රත්වයෙන් හා සහෝදරත්වයෙන් රාජකීය විද්‍යාලයීය සාහිත්‍ය පලිහ වෙනුවෙන් සටන් වදිනු අපි දුටුවෙමු.
උදෑසන 8ට ආරම්භ කරන ලද තරගකරුවන්ගේ ලියාපදිංචි කිරීමෙන් අනතුරුව කථික හා පද්‍ය ගායනා තරග ආරම්භය සිදුකරනු ලැබූ අතර, මූලික වටයෙන් තෝරාගනු ලැබූ ඉහළ ලකුණු ලබාගත් දස දෙනා දෙවෙනි වටය සඳහා යොමු කරනු ලැබින. සියලුම තරගවට අවසානයේ නිල වශයෙන් ප්‍රතිඵල ප්‍රකාශ කිරීම සිදුවිය. (ප්‍රතිඵල ඉදිරියේ වෙබ් අඩවිය හරහාද නිකුත් කෙරෙනු ඇත)
පෙර නොවූ විශාල තරගකරු පිරිසක සහභාගීත්වයක් පෙර දිනයේ දැකගත හැකිවීම අතිශයින්ම සතුටට කරුණකි. තරගාවලිය සංවිධානය කිරීම වෙනුවෙන් අප සාහිත්‍ය ඒකකයේ සාමාජිකයින් විසින් කැප කළ දහඩිය මහන්සිය නොවූයේ නම් මෙතරම් සාර්ථක ඉසව්වක් සංවිධානය කිරීමට නොහැකි වනු නොඅනුමානය.
සැරදේවා!
–
ප. ලි: ලිඛිත තරග සඳහා නිර්මාණ භාරගන්නා අවසානය දිනය 2010/10/22.
තරගාවලි දිනයේ ඡායාරූප ලබාගැනීමට – පිවිසෙන්න


