ආරාධනා: අසෙනිය කුසුම – 2010

November 23, 2010 · සම්පාදනය සාහිත්‍ය ඒකකය විසිනි

11 වෙනිදා මහ වැස්සට සේදී ගිය හදවත් යලිත් එක්වන මේ නොවැම්බර් 29 වෙනිදා සවස 2.30ට රාජකීය විද්‍යාලයීය නවරඟහල් ශාලාවේ රාජකීය විද්‍යාලයීය සාහිත්‍ය කලා මහෝස්ත්සවය “අසෙනිය කුසුම” පැවැත්වෙන බව අපි ඔබට මෙයින් දන්වා සිටිමු.

අප සාහිත්‍ය ඒකකය විසින් සංවිධානය කරන ලද සමස්ත ලංකා අන්තර් පාඨශාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය තරගාවලියෙන් ජයග්‍රහණය ලද ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙත ත්‍යාග සහ සහතික පත්‍ර ප්‍රදානය එදින සිදු කෙරේ.

එමෙන්ම ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ අනුග්‍රාහක දායකත්වයෙන් සහ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සම්පත් දායකත්වයෙන් සංවිධානය කෙරුනු සිංහල බ්ලොග්කරණ තරගාවලියේ ජයග්‍රාහකයන් වෙත සම්මාන ප්‍රදානය කිරීමටද නියමිත වේ.

ප්‍රවීණ ගායන ශිල්පී අමරසිරි පීරිස් ශූරීන් සහභාගී වන මෙවර අසෙනිය කුසුමේ ආරාධිත දේශනය චූලානන්ද සමරනායකයන් විසිනි.

මේ ඔබ සැමට කෙරෙන විවෘත ආරාධනයයි.
ඔබගේ පැමිණීම ෆේස්බුක් පිටුව හරහා තහවුරු කිරීමට http://www.facebook.com/event.php?eid=161956567174521 වෙත පිවිසෙන්න. නැතිනම් 0719531770 අංකයෙන් සුපුන් සුදාරක අමතන්න.

එදිනට හමුවෙමු!



ප්‍රතිචාර 2 to “ආරාධනා: අසෙනිය කුසුම – 2010”
  1. සිංහල බ්ලොග් තරගාවලියේ ජයග්‍රහාකයන් කව්ද කියල කියන්නකෝ.

  2. මම මේ විස්තර දැනගත්තෙ දැන්නෙ….

ඔබේ ප්‍රතිචාරය

පූර්ණ අනුග්‍රහය

Sponsors

සම අනුග්‍රහය

microsoft