අසෙනිය කුසුම – 2010
December 1, 2010 · සම්පාදනය සාහිත්‍ය ඒකකය විසිනි
රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන අසෙනිය කුසුම සාහිත්‍ය කලා මහෝත්සවය මෙවරත් අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වූ බව මෙයින් අපි ඔබට සතුටින් දන්වා සිටිමු. පසුගිය වර්ෂයේ සිරිත් පරිදිම මෙවරත් අසෙනිය කුසුම කුසුම සාහිත්‍ය කලා මහෝත්සවයේදී පාසල අභ්‍යන්තරයේ පැවති සාහිත්‍ය තරගවලින් ජයගත් ශිෂ්‍යයන්ට සහ අප සාහිත්‍ය ඒකකය විසින් සංවිධානය කරන ලද සමස්ත ලංකා සිංහල භාෂා හා සාහිත්‍ය තරගාවලියෙන් ජයග්‍රහණය ලද ශිෂ්‍ය ශිෂ්‍යාවන්ද එදින සහතික පත්‍ර හා ත්‍යාග ප්‍රදානය කරන ලදී. එමෙන්ම ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ අනුග්‍රාහකත්වයෙන් පැවැත්වූ සිංහල බ්ලොග්කරණ තරගාවලියේ ප්‍රතිඵල එදින නිකුත් කරන ලද අතර එහි ප්‍රතිඵල මෙසේයි.
හොඳම පුද්ගලික බ්ලොග් අඩවිය – මාරයාගේ හෝරාව
හොඳම තාක්ෂණිකමය බ්ලොග් අඩවිය – හැකර්.lk
හොඳම අධ්‍යාපනික බ්ලොග් අඩවිය – සංචාරකයාගේ බ්ලොග් සටහන
හොඳම වින්දනාත්මක බ්ලොග් අඩවිය – සයිබර් යාය
හොඳම කාලීන හා සමාජයීය බ්ලොග් අඩවිය – W3Lanka
හොඳම සාහිත්‍යමය බ්ලොග් අඩවිය – ලිෂාන්ගේ බ්ලොග් රෝල
හොඳම සමූහ බ්ලොග් අඩවිය – විද්‍යාව.com
පාසල් අංශයේ හොඳම බ්ලොග් අඩවිය – පිළියන්දල මධ්‍ය විද්‍යාලයීය බ්ලොග් අඩවිය
නැණසල අංශයේ හොඳම බ්ලොග් අඩවිය – අතීතයේ භාරතීය සමාජය පිළිබඳ තොරතුරු බිඳක්
හොඳම බ්ලොග් අඩවිය – One | Zero | Zero
ජූරියේ විශේෂ ඇගයීම් - SkyLK සහ නිකමට වගේ
ඉතින්, ඔබ සැමට ස්තූතියි!



රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකයට විද්‍යාව.com කණ්ඩායමේ ගෞරවනීය ස්තූතිය පිරිනමනවා! ඒ වගේම සිංහල බ්ලොග්කරණ තරගාවලියේ අනෙකුත් ජයග්‍රාහි බ්ලොග් අඩවි වලටත් සුභ පතනවා. අඩුපාඩු හදාගෙන ඉදිරියටත් මේ තරගාවලිය කරගෙන යාමට ශක්තිය ලැබේවා!
ජය ලැබූ සැමට උණුසුම් සුභ පැතුම්
ඔබ සංගමයේ සියළු දෙනාටම මගේ ස්තූතිය…
ලබන සැරෙත් මීට වඩා හොදින් කිරීමට ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා…
29 වැනිදා කොළඔ ඈවිල්ලත් මේ අවස්ථාව මග හැරුනේ හරිම නරක විදිහට….!
ඔබ ගේ සම්මාන නිසා මා ඉතාමත් තෘප්තියෙන්….
සියලු දෙනාට ස්තුතියි!
මෙම අවස්ථාවේ වීඩියෝ එහෙම බලන්න තියෙනවද?
ඔබගේ සම්මානය තව දුරටත් ලිවීමට ලැබුණු දිරියක්. ඔබ සංගමයට සංචාරකයාගේ ස්තුතිය. ඉදිරි වැඩ කටයුතු වලට සුබ පතමි.
[...] සංචාරකයාගේ බ්ලොග් සටහටන ” හොඳම අධ්‍යාපනික බ්ලොග් අඩවිය” ” සම්මානය හිමි වෙලා තියෙනවා කියලා. [...]
නියමයි විද්‍යාව.com
ස්තූතියි! http://vidyawa.com/?p=397
සම්මාන හිමිවූ සියළු සහෝදර බ්ලොග් අඩවි වලට සුබ පැතුම් එක් කරන අතරේ one zero zero වෙනුවෙන් සාහිත්‍ය සංගමයට ස්තූතිය පුදකරනවා…
Ela kiri Wadak
Time 1k Thibunanam Math join wenawa
Digatama karanna Good Luck……….