“ලංකාක්ෂරය” සිංහල බ්ලොග්කරණ වැඩමුළුව

July 14, 2011 · සම්පාදනය සාහිත්‍යය ඒකකය විසිනි

රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකයේ අපි, වත්මන් සිසු පරපුර තුළ සිංහල භාෂාව හා සාහිත්‍ය පිළිබඳ ව ඇල්මක් ඇතිකිරීමට නවීන තාක්‍ෂණය හා ඒකාබද්ධ ව නිරතුරු ව ම කටයුතු කළෙමු. එමඟින් සිංහල භාෂාව හා සාහිත්‍ය තරුණ පරපුර අතරේ ප‍්‍රචලිත කිරීමටත් ඔවුන් තුළ ලාංකික අභිමානය ගොඩනැගීමටත් අපි සමත් වීමු. එහි තවත් එක් දැවැන්ත පියවරක් ලෙස අන්තර්ජාලය ආශ‍්‍රිත සිංහල සාහිත්‍යකරණය පිළිබඳ වැඩමුළුවක් අප විසින් සංවිධානය කර ඇතග මෙම ”ලංකාක්ෂරය” වැඩමුළුව පාසල් සිසුන් අතර අන්තර්ජාලය හරහා සිංහල භාෂාව හා සාහිත්‍යය ප‍්‍රචලිත කිරීමට බලපෑමක් වනු ඇතැයි අපි අපේක්ෂා කරමු.

මෙම වැඩමුළුව සංවිධානය කරනු ලබනුයේ කොළඹ රාජකීය විද්‍යාලයීය සිංහල භාෂාව හා සාහිත්‍ය ඒකකය මඟිනි. ශ‍්‍රී ලංකා තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන නියෝජිත ආයතනයේ (ICTA) මඟපෙන්වීම හා දායකත්වය සමඟ කොළඹ විශ්ව විද්‍යාලයේ මෙහෙයවීම යටතේ මෙම වැඩමුළුව පැවැත්වේ.

අරමුණු

*සිංහල යුනිකේතය, සිංහල භාෂාව හා සාහිත්‍ය ආශ‍්‍රිත අන්තර්ජාල ලේඛනය හා බ්ලොග්කරණය පිළිබඳ ව හැඳින්වීමක් හා වඩාත් පුළුල් දැනුමක් ලබාදීම.
*තම සාහිත්‍යයමය කුසලතා, පුළුල් පරාසයක පාඨක පිරිසක් අතර පහසුවෙන් විදහා දැක්වීමට මග පෙන්වීම.
*සාහිත්‍ය රසාස්වාදය කෙමෙන් වියැකී යන තරඟකාරී ලෝකයක සාහිත්‍ය පිළිබඳ රුචිකත්‍වයක් ඇති සිසුන් පිරිසක් බිහිකිරීම.
*හෙට ලෝකයට ගැළපෙන පරිදි තම සාහිත්‍ය නිර්මාණ එළිදැක්වීමට ශ‍්‍රී ලාංකික පාසල් ප‍්‍රජාව උනන්‍දු කිරීම.
*අන්තර්ජාලය තුළ සිංහල භාෂාව භාවිත කරන්නන්ගේ පරාසය පුළුල් කිරීම මඟින් ලෝක ප‍්‍රජාව තුළ සිංහල භාෂාව කෙරෙහි පිළිගැනීමක් හා අවධානයක් ඇතිකිරීම.
*නවීන තාක්‍ෂණය හා බැඳුණු තරුණ පරපුර හට සිංහල භාෂාව හා සාහිත්‍යය පිළිබඳ දැනුමක් ලබාදීම මඟින් ඔවුන් තුළින් ගිලිහෙමින් පවතින මවුබස කෙරෙහි අභිමානය වර්ධනය කිරීම.

වැඩමුළුවේ අන්තර්ගතය

*සිංහල භාෂාව හා සාහිත්‍ය පිළිබඳ හැඳින්වීමක් ලබාදීම.
*සිංහල යුනිකේත භාවිතය හා බ්ලොග්කරණය පිළිබඳ පුළුල් දැනුමක් ලබාදීම.
*අන්තර්ජාලය ආශ‍්‍රිත සාහිත්‍යයකරණයට සිසුන් යොමු කිරීම.
*එක් එක් සිසුන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම සඳහා සහභාගී වන සියලූ සිසුන් කණ්ඩායම් වශයෙන් වෙන් කොට සාමූහික ක‍්‍රියාකාරකම්වල යොදවනු ලැබේ.
*වැඩමුළුවට සහභාගීවන සියලූ සිසුන්ට තමාගේ ම බ්ලොග් අඩවියක් හරහා තම සාහිත්‍යය නිර්මාණ එළිදැක්වීමට මඟ පෙන්වීම.

සියලූ ම දේශන මෙහෙයවීම කොළඹ විශ්ව විද්‍යාලයේ පූර්ණ අනුග‍්‍රහය යටතේ සිදු කෙරේ.
දේශන මෙහෙයවීම
*කොළඹ විශ්ව විද්‍යාලයේ ජේ්‍යෂ්ඨ කථීකාචාර්ය මහාචාර්ය ජේ. බී. දිසානායක මහතා.
*කොළඹ විශ්ව විද්‍යාලයේ ජේ්‍යෂ්ඨ කථීකාචාර්ය ආචාර්ය රුවන් වීරසිංහ මහතා.
*කොළඹ විශ්ව විද්‍යාලයේ ජේ්‍යෂ්ඨ කථීකාචාර්ය හර්ෂ විජේවර්ධන මහතා.
සමඟ කොළඹ විශ්ව විද්‍යාලයීය භාෂා තාක්‍ෂණ පර්යේෂණාගාරය මගිනි.

සහභාගි වන සියලූ සිසුන්ට පරිගණක හා අන්තර්ජාල භාවිතයේදී අවශ්‍යවන සියලූ මෘදුකාංග ඇතුළත් සංයුක්ත තැටි හා පරිගණක සිංහල අක්‍ෂර නිර්මාණය සඳහා මගපෙන්වන ග‍්‍රන්ථ හා ඒ ආශ‍්‍රිතව වැදගත් වන ලිපි ලේඛන නොමිලයේ සපයනු ලැබේ.
මීට අමතරව ලියාපදිංචි කරන ලද අව්‍යාජ Microsoft සිංහල පරිගණක අතුරු මුහුණතක් ද (interface) නොමිලයේ ලබා දීමට ද අපි බලාපොරොත්තු වෙමු.

මෙම ”ලංකාක්ෂරය” වැඩමුළුව,
දිනය : 2011 ජූලි මස 21 වන බ‍්‍රහස්පතින්දා දින
වේලාව : උදෑසන 7:45 සිට පස්වරු 4:00 දක්වා
ස්ථානය : කොළඹ රාජකීය විද්‍යාලයීය නවර`ගහලේදී පැවැත්වේ.

”ලංකාක්ෂරය” වැඩමුළුව සඳහා ඔබ විද්‍යාලය හා සිංහල භාෂා හා සාහිත්‍ය සංගමය නියෝජනය කරමින් නවීන තාක්‍ෂණය හා සිංහල භාෂාව කෙරෙහි උනන්‍දුවක් දක්වන සිසුන් 10 දෙනෙකුට හා එක් ගුරු භවතෙකුට සහභාගීවීමට අවස්ථාව සලසා ඇතග සීමිත පාසල් ප‍්‍රමාණයකට පමණක් අවස්ථාව ලබා දී ඇති අතර මේ සඳහා ඔබගේ සහභාගීත්වය අපි බලාපොරොත්තු වෙමු.



එක් ප්‍රතිචාරයක් to ““ලංකාක්ෂරය” සිංහල බ්ලොග්කරණ වැඩමුළුව”
  1. Piumi de Alwiz says:

    it was great and we all have our own blogs after your ‘Sinhalaksharaya’. it should be really appreciated because you guys done this with your sinhala society. actually even literary also must go with da technology unfortunately it isn’t much populer in SL schools. You took the 1 st step and many congradz to all af ya

ඔබේ ප්‍රතිචාරය

පූර්ණ අනුග්‍රහය

Sponsors

සම අනුග්‍රහය

microsoft