සිංහල බ්ලොග්කරණ තරගාවලිය ඇරඹේ!
August 16, 2011 · සම්පාදනය සාහිත්‍යය ඒකකය විසිනි
රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය විසින් පසුගිය 2009 වර්ෂයේ ආරම්භ කරන ලද සිංහල බ්ලොග්කරණ තරගාවලියේ තෙවන පියවර පැවැත්විමට සියලු කටයුතු දැන් සූදානම්. සිංහල භාෂාවෙන් බ්ලොග් ලියන්නන්ගේ කැපකිරීම් අගය කරනු වස් පැවැත්වෙනු ලබන මෙම ඉසව්ව සංවිධානය කරන්නේ රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය විසින්. මෙවර සිංහල බ්ලොග්කරණ තරගාවලිය වෙත ඇතුළත්වන බ්ලොග් අඩවි සිංහල බ්ලොග් කියවනයේ තරගාවලිය වෙනුවෙන් වෙන්වූ වෙනම අංශයක ඇතුළත් කෙරෙනු ඇති.
සිංහල බ්ලොග්කරණ තරගාවලිය පිළිබඳ නීති රීති සහ වැඩි විස්තර ලබාගැනීමට http://www.sahithya.lk/sinhala-blogging-competition/ පිවිසෙන්න.



මා පෞද්ගලික බ්ලොග් අඩවියක් පවත්වා ගෙන යන පාසල් සිසුවියක්මි.මා ඉදිරිපත් විය යුත්තෙ පාසල් අංශයෙන්ද නැති නම් විවෘත අංශයෙන්ද?
ඹබ ඉදිරිපත් විය යුත්තේ විවෘත අංශයෙනි.
ජය වේවා!!
උණුසුම් සුභ පැතුම් , නිර්නාමිකත්වය සහ කොන්දේසි වලට අනුකූල නොවීම කියන කාරණා නිසා මම මේ තරඟයට සහභාගි නොවුනත් . මේ වැඩේට මම හදවතින්ම සුභ පතනව .බ්ලොග් කරනය වෙනුවෙන් පාසලක් විදිහට කරන මේ දිරිගැන්වීම ප්‍රශංසනීයයි
මාගේ බ්ලොග් අඩවියේ පුද්ගලික , කාලින. තාක්ශණික, ආදි විවිද වර්ගයේ ලිපි ඇතුලත්ව පවතින නිසා මා එය වෙනත් ලෙස නම් කලා. එය නිවරැදි විය යුතුද?
මාගේ බ්ලොග් අඩවියේ පුද්ගලික , කාලින. තාක්ශණික, ආදි විවිද වර්ගයේ ලිපි ඇතුලත්ව පවතින නිසා මා එය වෙනත් ලෙස නම් කලා. එය නිවරැදි විය යුතුද?
නිවරැදි විය යුතුනම් කෙසේද??
මා සතුව තාක්ෂණිකමය බ්ලොග් අඩවියක් තිබේ මා 9 ශ්‍රේනියේ ඉගෙන ගනිමි මා තරග කල යුත් අංශය කුමක්ද???
ඔබ තරඟ කල යුත්තේ විවෘත අංශයෙන්.
බ්ලොග්කරණය තවමත් ප්‍රසිද්ධ නොවූ සමාජයක, එය ප්‍රසිද්ධ කිරීමට දරන තැතට මාගේ හද පිරි ප්‍රණාමය!!!!!
ජයෙන් ජය වේවා!!!!
එළැ!
නියම වැඩක් !! සිංහල බ්ලොග් ලියන්නන් දිරිමත් කිරීමට මේතරම් හොඳ වැඩක් තවත් නෑ
නියම වැඩක්. අගය කරනවා ගොඩක්. කෙනෙකුගේ සැගවී ඇති දක්ෂතා මතුකරගන්න ලැබෙන හොද අවස්ථාවක් මේක. මොකද පත්තරේකට ලිපියක් ලිවුවත් ඒක හොද නම් විතරනේ පල වෙන්නේ. (ඒ කියන්නේ එයාලට හොදනම් විතරයි) නමුත් බ්ලොග් එකක් කරන කොට අපිට ඊට වඩා යමක් බලාපොරොත්තු වෙන්න පුඵවන්.
මෙවර ඉදිරිපත් නොවීමට සිතා සිටිමි.
ගියවර ලබා දුන් සහයට ස්තූතියි. නවක බ්ලොග් කරුවන්ට ලොකු අත්වැලක් මේක…
මමත් මාර මලයාව අනුගමනය කරමින් ඉදිරිපත් නොවීමට තීරණය කළා …
අනේ මේ ලොකු කමකට එහෙම නෙවෙයි …
මට වඩා හුඟක් දක්ෂයො ඉන්න බව මම දන්න නිසා.
තරඟයට මගෙනුත් සුබ පැතුම් …
මගේ බ්ලොග් අඩවිය සඳහා දින 5 කට පෙර අයදුම්පතක් ඉදිරිපත් කලත් අද වෙනතුරුත් ඒ ගැන කිසිම දැනුම්දීමක් ලැබී නැත. අයදුම්පත් ඉදිරිපත් කල අවථාවේ පැය 24 කින් දැනුම්දෙන වග සඳහන් වුවත් දැන් පැය 100 ත් ඉක්මගොස්ය
අඩවිය තරඟාවලියේ බ්ලොග් ලැයිස්තුවට ඇතුළත්වී නොමැති නම් පමනක් කරුණාකර ඔබගේ බ්ලොග් අඩවිය තරගාවලියට ඇතුළත් කිරීමට නැවත ඉල්ලුම් කරන්න.
සිදුවූ අපහසුතාව වෙනුවෙන් කණගාටුව ප්‍රකාශ කර සිටිමු.
මගේ අයැදුම්පත්‍රය එවා පැය 24 ක් ඉක්ම ගොස් ඇති නමුත්, ඒ ගැන කිසිදු දැනුම්දීමක් නොමැත.
ජය වේවා!!!