මාර්ටින් වික්‍රමසිංහ නම් විද්‍යාධරයා
May 29, 2009 · සම්පාදනය සාහිත්‍ය ඒකකය විසිනි

හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන් ශ්‍රී ලංකා ධරණි තලය මත පහළවූ ශ්‍රේෂ්ඨතම සාහිත්‍යධරයකු බව අප සියල්ලන්ම දන්නා කරුණකි. තොරතුරු තාක්ෂණය ප්‍රවර්ධනය වෙනුවෙන් කැපවුනු මෙවන් වසරක මේ අපගේ උත්සාහය සාහිත්‍යධරයා සහ විද්‍යාධරයා අතර වර්තමානයේ පවතින දුරස්ථභාවය පිළිබඳව සංවාදයට ගැනීමටයි. ඒ, අදට යෙදෙන එතුමාගේ 119වෙනි ජන්ම දිනය වෙනුවෙනි.
මාර්ටින් වික්‍රමසිංහ යනු හුදෙක් සාහිත්‍යධරයෙක් පමණක් නොව ශ්‍රේෂ්ඨ විද්‍යාධරයෙකුද වන බවට මනා සාක්ෂියකි, “ග්‍රාමීය විද්‍යා ප්‍රවේශය”. තත්කාලීන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා යමින් රචිත මෙම ග්‍රන්ථය ලක්දිව උපන් ළමයෙකුගේ නැණ කැකුළු පොබයන්නට හිරු රැස් කළඹක් වැනියැයි විකුම්‍සිහයෝම ග්‍රාමීය විද්‍යා ප්‍රවේශයේ ප්‍රස්තවනාවෙන් පවසති
පරිච්ඡේද 22 ක් යටතේ ගොනු කොට ඇති මෙම ග්‍රන්ථය විද්‍යාව පිළිබද මුලික සංකල්පයන් ගෙන් ඇරඹී වෛද්‍ය විද්‍යාවේ වැදගත් සංකල්පයක් දක්වා විකාශනය වන්නකි.
“බාහිර ලෝකයේ නොහොත්හොත් පරිවෙෂ්ටනයෙහි යෙහි තත්වය පොත් පත් මඟින්ද නිරීක්ෂණයෙන් හා අන්වේක්ෂණයෙන්ද උගැන්මත්, ඒ උගැන්ම යථාභිවෘද්ධිය පිණිස යොදා ගැනීමත්” අරබයා රචිත මෙම ග්‍රන්ථය විද්‍යාවේ අරුණළු හෙළ බසින් ගම් දනව් කරා රැගෙන යාමට පුරෝගාමී මෙහෙවරක් ඉටුකළ බව නිසැකය.
මාර්ටින් වික්‍රමසිංහයෝ එවන් විශිෂ්ට විද්‍යාධරයෙකි. එවන් විශිෂ්ට සාහිත්‍යධරයෙකි. සාහිත්‍ය හා විද්‍යාව එක් වූ තැන බිහිවන්නේ විශිෂ්ට ඥාන ප්‍රදීපයකි. වර්තමාන අධ්‍යාපන ක්‍රමය තුළ සාහිත්‍ය හා විද්‍යාව යන විෂයන් එකිනෙකට වෙන්කරමින් බෙදුම් රේඛාවක් හරහා විභේදනයට ලක් කරමින් සාහිත්‍ය දැනුමකින් තොර විද්‍යාධරයෙකුද, විද්‍යා දැනුමකින් තොර සාහිත්‍යධරයෙකු බිහි කිරීම තුළින් වත්මන් සමාජය තුළ දක්නට ලැබෙන අර්බුද ඇති වූවාට කිසිදු සැකයක් නැත. සිසුවාගේ අධ්‍යයන කාලය තුළ විවිධ විවිධ විෂයන් පිළිබඳව සිසුවාගේ කුතුහලය ඉස්මතු වන ආකාරයෙන් නොයෙකුත් අංශයන් කෙරේ දැනුමින් සන්නද්ධ වූ ශ්‍රම බලකායක් බිහි කිරීමට අධ්‍යාපන ක්‍රමය සමත් වූයේ නම් වත්මන් ශ්‍රී ලංකාව භෞතික හා අධ්‍යාත්මික වශයෙන් සුඛිත මුදිත දේශයක් වනවාට කිසිදු සැකයක් නොමැත.
පවතින සම්මත අධ්‍යාපන රටාවට ඔබ්බෙන් යමින් පොත් පත් පරිශීලනයෙන් සිය දැනුම ස්ව අධ්‍යයනය හරහා සොයාගිය මාර්ටින් වික්‍රමසිංහයෝ වර්තමාන සිසුන්ට ලබාදෙන ආදර්ශයේ වටිනාකමෙහි අඩුවක් නම් නොවන්නේම ය.
–
යොමුවීම් – මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලය



මාර්ටින් වික්‍රමසිංහ විද්‍යාව ගැන දැන සිටි මඟුලක් නැත. ඔහු ලියූ ‘විද්‍යා’ පතපොත ඉංගිරිසි ග්‍රන්ථයන්ගේ ගෙඩි පිටින් පරිවර්තන බැව් මීට පෙර පෙන්වාදුන් අවස්ථා තිබේ. එසේම ඒවායේ ඇති පරිවර්තන වැරදිද පෙන්නා දී ඇත. ඒවා පරිශීලනය කිරීමකින් තොරව හුදෙක් මතුපිටින් පමණක් අතගා පොර ටෝක් දීමෙන් වළකින්න. එසේම වියරණය ගැන සැලකිළිමත් වන්න. ඉහත ඡේද කීපයේ පමණක් අක්ෂර වින්‍යාස හා වියරණ වැරදි ගණනාවක් තිබේ.