සමස්ත ලංකා සිංහල භාෂා හා සාහිත්‍ය තරගාවලිය 2011
October 20, 2011 · සම්පාදනය සාහිත්‍යය ඒකකය විසිනි
රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය මගින් ලාංකේය සහෝදර පාසල් සාහිත්‍ය කරුවන්ගේ දක්ෂතා ඇගයීමට ලක් කිරීම උදෙසා වාර්ෂිකව සංවිධානය කරනු ලබන සමස්ත ලංකා සිංහල භාෂා හා සාහිත්‍ය තරගාවලිය මෙවර ජාතික මට්ටමින් පැවැත්වීමට සියලු කටයුතු යොදා ඇතxමෙම තරග ඔක්තෝබර් 26 වන දින රාජකීය විද්‍යාල පරිශ‍්‍රයේදී පැවැත්වීමට නියමිතව ඇති අතර ලිඛිත තරග සඳහා අදාල සියලු නිර්මාණ 2011 ඔක්තෝබර් 26 වන දිනට පෙර අප වෙත ලැබීමට සලස්වන්න.
මෙවර තරග පැවැත්වෙන ක‍්‍රමවේදය හා තරග සම්බන්ධ සියලු විස්තර හා තරග කොන්දේසි මේ සමග අමුණා ඇති අතර සියලු ම තරගවල ජයග‍්‍රාහාකයින්ට ”අසෙනිය කුසුම 2011” රාජකීය විද්‍යාලයීය වාර්ෂික කලා මහෝත්සවයේදී ත්‍යාග හා සහතික පත් පිරිනමනු ලැබේ.
ඉදිරිපත් විය හැකි තරග කාණ්ඩ පහත පරිදි වේ.
- කනිෂ්ඨ අංශය – 6, 7, 8 ශ්‍රේණි
- අන්තර් මධ්‍යම අංශය – 9, 10, 11 ශ්‍රේණි
- ජ්‍යේෂ්ඨ අංශය - 12, 13 ශ්‍රේණි
ලිඛිත තරග සඳහා මාතෘකා හා තරග නීති රීති.
ගද්‍ය රචනා
කනිෂ්ඨ අංශය (වචන 200ට නොඅඩු)
- උස් කඳුගැටයකට නැගුණු මා.
- පෙරදිග මුතු ඇටයයි මේ.
අන්තර් මධ්‍යම අංශය (වචන 350ට නොඅඩු)
- අම්මාවරුන් පමණ ද මතු බුදු වන්නේ.
- සිංහල ගීතයේ අභිමානවත් ගමන් මග.
- රැප් සංගීත රැල්ල හමුවේ උඩු ගං බලා යාම.
ජ්‍යේෂ්ඨ අංශය (වචන 500ට නොඅඩු)
- කුහුඹුවකුට වරදක් නැති වැරදිකාර ලඳුනේ.
- ගතානුගතිකත්වය ද? රැඩිකල් වාදය ද?
- ගලන ගඟකි ජීවිතේ..
පද්‍ය රචනා
කනිෂ්ඨ අංශය
- ශාන්ත මේ රෑ යාමේ.
- කලා වැවේ නිල් දියවර අපෙ අම්මා.
- පියාණන් අද තනි වෙලා.
නිසඳැස් සඳහා උපරිමය පේලි 12 කි.
අන්තර් මධ්‍යම අංශය
- ආදරණීය ගුරුතුමනි.
- නිවහල් යුගයක ඇරඹුම.
- සඳු ද අවදියෙන් තරු ද අවදියෙන් මේ නිශාන්තයේ.
නිසඳැස් සඳහා උපරිමය පේලි 16 කි
ජ්‍යේෂ්ඨ අංශය
- සාගර ජලය මදි හැඬුවා.. ඔබ ගියදා.
- බෝ මළුවේ මල් සුවඳක පැටලී.
- මාගෙ අත්තටු බිඳ පියාසලාලා.
නිසඳැස් සඳහා උපරිමය පේලි 20 කි
ගීත රචනා
- අන්තර්මධ්‍යම හා ජ්‍යේෂ්ඨ අංශ නියෝජනය කරමින් නිර්මාණ ඉදිරිපත් කළ හැක.
- අභිමත මාතෘකාවක් යටතේ ගීත රචනා කළ හැක.
කෙටි කතා
- අභිමත මාතෘකාවක් යටතේ නිර්මාණ ඉදිරිපත් කළ හැක.
- සියලු නිර්මාණ ස්වනිර්මාණ වීම අනිවාර්ය වේ.
චිත‍්‍ර
කනිෂ්ඨ අංශය
- පාසල් ජීවිතේ ළපටි අපේ
- දැන් නිවාඩු කාලෙ හින්දා
- ලෝ අඩ නින්දේ මේ ? යාමේ
අන්තර් මධ්‍යම අංශය
- ජාතියේ මුර දේවතා එළි රෑ පුරා දැල්වී තියේ.
- සඳක් බැසගියා අවරගිරෙන්.
- මේ සිංහල අපගෙ රටයි.
ජ්‍යේෂ්ඨ අංශය
- ඉනි වැටෙන් ජීවිත බෙදී
- දේදුනු පාලම
- මංගල ගමනට යන්න අවසරයි
ඕනෑ ම මාධ්‍යක් භාවිතා කළ හැක.
14×12” ප‍්‍රමාණයේ කඩදාසියක නිර්මාණය කළ යුතු ය.
නිර්මාණය ආරක්ෂිතව අප වෙත ලැබීමට සැලැස්වීමට කාරුණිකවන්න.
කොන්දේසි හා නීතී රීති
- සියලු ම නිර්මාණ පැහැදිලි අත් අකුරෙන් තිබිය යුතු ය.
- කිසිදු නිර්මාණයකින් උපුටා ගැනීම් නොකළ යුතු අතර ඉදිරිපත් කරන නිර්මාණ ස්වනිර්මාණ විය යුතු ය.
- සෑම නිර්මාණයක්ම අදාළ පාසලේ විදුහල්පති තුමා විසින් අනුමත කර තිබ්ය යුතුවේ.
- විනිසුරු මඩුල්ලේ තීරණය අවසාන තීරණය වේ.
- ලිඛිත තරග ඉදිරිපත් කළ හැකි අවසාන දිනය වන්නේ 2011 ඔක්තෝබර් 25 වේ.
- ඉහත නීති රීතිවලට එකඟ නොවන නිර්මාණ තරගයෙන් ඉවත් කෙරෙනු ඇත.
ප‍්‍රායෝගික තරග
නර්තන
- අභිමත නර්තනාංගයක් ඉදිරිපත් කළ හැක.
- නර්තනාංගය පෙරදිග ආරකින් යුතු වීම අනිවාර්ය වේ.
- එක් නර්තනාංගයක් සඳහා සහභාගී විය හැකි උපරිම සාමාජික සංඛ්‍යාව 20ක් වේ.
කථීක
- මාතෘකා ලබා දෙන්නේ ක්ෂණික කුසපත් ඇදීමක් මඟිනි.
- කතාව ඉදිරිපත් කිරීම සඳහා කනිෂ්ඨ, අන්තර් මධ්‍යම, ජ්‍යේෂ්ඨ යන අංශවලට පිළිවෙළින් මිනිත්තු 3 , 4, 5 වශයෙන් ලැබාදෙනු ලැබේ.
ගායනා
- ආඝාත්මක හා අනාඝාත්මක ජන කවි දෙකක් හා ගීතයක් ගායනා කළ යුතු ය.
සාහිත්‍ය දැනුම මිනුම
- එක් පාසලක් නියෝජනය කරමින් සිසු සිසුවියන් සිව් දෙනෙකු ගෙන් යුත් කණ්ඩායමක් ඉදිරිපත් විය යුතු වේ.
- සියලු ම සාමාජිකයන් වයස අවුරුදු 16ත් 19ත් අතර විය යුතු ය.
සැලකිය යුතුයි
- ලියාපදිංචි කටයුතුවල පහසුව සඳහා උදෑසන 7.00 ත් 7.30 ත් අතර පැමිණීම බලාපොරොත්තු වන්නෙමු.
- සියලු තරගකරුවන් පාසල් නිල ඇඳුමෙන් පැමිණිය යුතු ය.
කරුණාකර ඔබගේ පැමිණීම පහත සඳහන් දුරකථන අංක මගින් 2011 ඔක්තෝබර් 24 දිනට පෙර තහවුරු කරන්න.
වැඩි විස්තර සඳහා සම්බන්ධ වන්න :-
පිනිල වීරවර්ධන - 0722 943647 හිමාලක කල්හාර - 0712 776606 නිසල් සුබසිංහ - 0779 657547
විද්‍යුත් ලිපිනය - info@sahithya.lk වෙබ් අඩවිය - www.sahithya.lk


