රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය, ශ්‍රී ලාංකීය පාසල් ජාලය තුළ සිංහල භාෂාව හා සාහිත්‍ය වෙනුවෙන් නොයෙකුත් පර්යේෂණ හා නිර්මාණ ඉදිරිපත් කරන සුවිශේෂී පාසල් ඒකකයක්. සංගමයක්. 2011 වර්ෂය වෙනුවෙන් අපගේ කටයුතු ආරම්භ කිරීම සඳහා ඔබේ මූල්‍යමය අනුග්‍රහය අපට ශක්තියක්. මේ වර්ෂයේ අප ඒකකය විසින් සංවිධානය කරනු ලබන සුවිශේෂී සාහිත්‍යමය ඉසව් වෙනුවෙන් ඔබේ අනුග්‍රහය දැක්වීමට කැමතිනම්,
ලියන්න. එහෙමත් නැතිනම් කතා කරන්න ...
අප භාෂා හා සාහිත්‍ය ඒකකය විසින් සංවිධානය කරන ලද අසෙනිය කුසුම 2010 සාහිත්‍ය කලා මහෝත්සවයේ ඡායාරූප අන්තර්ජාලය වෙත නිකුත් කර ඇත. ෆේස්බුක් වෙබ් අඩවියේ පහත යොමු හරහා ඔබට එම ඡායාරූප ලබාගැනීමට හැකියාව ලැබෙනු ඇත.
ෆේස්බුක් ඇල්බමය - http://www.facebook.com/media/set/?set=a.161895493851566.28071.100000933506490
අධික වර්ෂාපතනයත් සමඟ උද්ගතවූ නොවැලැක්විය හැකි හේතූන් මත නොවැම්බර් 11වෙනි දින පැවැත්වීමට නියමිත වූ අසෙනිය කුසුම සාහිත්‍ය කලා මහෝත්සවය නොවැම්බර් 29වෙනි දින දක්වා කල් තැබීමට සිදුවූ බව මෙයින් දන්වා සිටිමු. සිදුවූ අපහසුතාව පිළිබඳ අපගේ කණගාටුව ප්‍රකාශ කරනා අතර වැඩි විස්තර ළඟදීම ඔබ අතට පත්වනු ඇත.
රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය විසින් සංවිධානය කරනු ලබන අසෙනිය කුසුම සාහිත්‍ය කලා මහෝත්සවය අති උත්කර්ෂවත් අන්දමින් මෙවරත් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන අනුග්‍රහයෙන් රාජකීය විද්‍යාලයීය නවරඟහල් පරිශ්‍රයේ පැවැත්වීමට සියලු කටයුතු සූදානම් වෙමින් පවතී. ලොව දසත විසිරී පැතිරී සිටින සිංහල බ්ලොග්කරුවන්ට සම්මාන ප්‍රදානය කිරීම එදින සිදුකිරිමට නියමිත අතර අප සාහිත්‍ය ඒකකය විසින් සංවිධානය කරන ලද ...