Archive for November, 2010

ආරාධනා: අසෙනිය කුසුම – 2010

11 වෙනිදා මහ වැස්සට සේදී ගිය හදවත් යලිත් එක්වන මේ නොවැම්බර් 29 වෙනිදා සවස 2.30ට රාජකීය විද්‍යාලයීය නවරඟහල් ශාලාවේ රාජකීය විද්‍යාලයීය සාහිත්‍ය කලා මහෝස්ත්සවය “අසෙනිය කුසුම” පැවැත්වෙන බව අපි ඔබට මෙයින් දන්වා සිටිමු. අප සාහිත්‍ය ඒකකය විසින් සංවිධානය කරන ලද සමස්ත ලංකා අන්තර් පාඨශාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය තරගාවලියෙන් ජයග්‍රහණය ලද ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙත ත්‍යාග සහ සහතික පත්‍ර ප්‍රදානය එදින සිදු ...

අසෙනිය කුසුම 29වෙනිදා!

අධික වර්ෂාපතනයත් සමඟ උද්ගතවූ නොවැලැක්විය හැකි හේතූන් මත නොවැම්බර් 11වෙනි දින පැවැත්වීමට නියමිත වූ අසෙනිය කුසුම සාහිත්‍ය කලා මහෝත්සවය නොවැම්බර් 29වෙනි දින දක්වා කල් තැබීමට සිදුවූ බව මෙයින් දන්වා සිටිමු. සිදුවූ අපහසුතාව පිළිබඳ අපගේ කණගාටුව ප්‍රකාශ කරනා අතර වැඩි විස්තර ළඟදීම ඔබ අතට පත්වනු ඇත.

ආරාධනාවයි… අසෙනිය කුසුම – 2010

රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය විසින් සංවිධානය කරනු ලබන අසෙනිය කුසුම සාහිත්‍ය කලා මහෝත්සවය අති උත්කර්ෂවත් අන්දමින් මෙවරත් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන අනුග්‍රහයෙන් රාජකීය විද්‍යාලයීය නවරඟහල් පරිශ්‍රයේ පැවැත්වීමට සියලු කටයුතු සූදානම් වෙමින් පවතී. ලොව දසත විසිරී පැතිරී සිටින සිංහල බ්ලොග්කරුවන්ට සම්මාන ප්‍රදානය කිරීම එදින සිදුකිරිමට නියමිත අතර අප සාහිත්‍ය ඒකකය විසින් සංවිධානය කරන ලද ...

සමස්ත ලංකා අන්තර් පාඨශාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය තරගාවලියේ ප්‍රතිඵල

රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය විසින් සංවිධානය කරන ලද සමස්ත ලංකා අන්තර් පාඨශාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය තරගාවලියේ අවසන් ප්‍රතිඵල මෙසේයි. දිවයින පුරා බොහෝ ප්‍රදේශ නියෝජනය කරමින් අප වෙත නිර්මාණ එවමින් දායකත්වය දැක්වූ ඔබ සියලු දෙනා වෙනුවෙන් සාධාරණය ඉටු කරනු වස් කුසලතා ස්ථාන සැලකිය යුතු ප්‍රමාණයක් තෝරාගැනීමට අපගේ විනිශ්චයට සිදුවිය. 2010ක්වූ නොවැම්බර මස 11 වෙනි දින පැවැත්වෙන "අසෙනිය ...

පූර්ණ අනුග්‍රහය

Sponsors

සම අනුග්‍රහය

microsoft