ආයුබෝවන්
May 22, 2009 · සම්පාදනය සාහිත්‍ය ඒකකය විසිනි

සාහිත්‍ය.lk, කොළඹ රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකයේ නිල වෙබ් අඩවියයි. භාවිතයෙන් තොරව අභාවයට යමින් පවතින සිංහල භාෂාව තොරතුරු තාක්ෂණයේ බල ගැන්වීමෙන් ඉදිරියට ගෙන ඒම අපගේ අරමුණයි. ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ක්‍රියාත්මක ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ පූර්ණ අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක වන මෙම වෙබ් අඩවිය හරහා අප ඉදිරියේදී පැවැත්වීමට නියමිත සිංහල බ්ලොග්කරණ තරඟාවලිය පිළිබඳ තොරතුරු ඔබට ලබාගැනීමේ හැකියාව ඇති අතර. එමෙන්ම; සාහිත්‍යකරණය, තොරතුරු තාක්ෂණය, අන්තර්ජාල ජනමාධ්‍යකරණය හා සිංහල බ්ලොග්කරණ පිළිබඳ ලිපි මෙම වෙබ් අඩවිය හරහා ඔබට ඉදිරිපත් කිරීම අපගේ අරමුණයි.
සූදානමින් සිටින්න. එක්වන්න කොළඹ රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය සමඟින්…
