මාධ්‍ය සාකාච්ඡාවලට ඩිජිටල් මුද්‍රණ පසු තිර වෙනුවට ප්‍රක්ෂේපණ යන්ත්‍ර

May 22, 2009 · සම්පාදනය සාහිත්‍ය ඒකකය විසිනි

සාමාන්‍යයෙන් ඹ්නෑම මාධ්‍ය සාකච්ඡාවකදී පිටුපස තිරයට ඩිජිටල් ක්‍රමයට මුද්‍රණය කරන පසු තිර භාවිතා කිරීම අනිවාර්ය අංගයක්. කැමරාවල එම මාධ්‍ය සාකච්චාවට අදාල ආයතන වල ලාංඡන සනිටුවන් කරවීමයි මෙමඟින් බලාපොරොත්තු වන්නේ.

www.sahithya.lk වෙබ් අඩවිය, අන්තර්ජාලයට එක් කරමින් පැවැත්වු මාධ්‍ය සාකච්ඡාවේදී අපි පුංචි උත්සාහයක යෙදුනා ඩිජිටල් මුද්‍රණ තාක්ෂණය වෙනුවට විකල්ප තාක්ෂණික ක්‍රමයක් ‍යොදා ගැනීමට.

මේ සඳහා යොදා ගනු ලැබුවේ ඩිජිටල් ප්‍රක්ෂේපණ යන්ත්‍රයක්. කථිකයන් ගේ පිටුපස සුදු තිරයක් යොදා ඩිජිටල් මුද්‍රණ පසු තිරයක් වෙනුවට ත්‍රිමාණ සජීවීකරණ තාක්ෂණය යොදා ගනිමින් අනුග්‍රාහක ආයතන වල ලාංඡන විටින් විට දිස්වීමට ඉඩ සැළස්වුවා

මෙම ක්‍රමයේ සාර්ථක අසාර්ථක භාවය පිළිබදව ඹබගේ අදහස් දැනගැනීමට අප ඉමහත් කැමැත්තකින් යුතුව බලා සිටිනවා.



ප්‍රතිචාර 4 to “මාධ්‍ය සාකාච්ඡාවලට ඩිජිටල් මුද්‍රණ පසු තිර වෙනුවට ප්‍රක්ෂේපණ යන්ත්‍ර”
  1. deeps says:

    බොහොම හොද වැඩක්. සල්ලිත් ඉතුරුයි. ඒ වගේම අලුත් විදියේ දැන්වීම් දානත් පුලුවන්. වීඩියෝ වගේ…

  2. එක අවස්ථාවක ජායාරුපයක් පල කරන්න පුලුවන් නම් හොදයි නේද?නැතුව කියනවන්නාට වැටහිමක් ගන්න අමාරුයි හොදින් දිස් උනාද කියන එක.

  3. deeps says:

    අද Cofee with lahiru and muditha එකෙත් ඔහොම වැඩක් දැක්කා

  4. chinthaka says:

    ආකර්ෂණීයයි

ඔබේ ප්‍රතිචාරය