සාහිත්‍ය.lk සහ බ්ලොග්කරණ තරගාවලිය පිළිබඳ මාධ්‍ය සාකච්ඡාව දා…
May 24, 2009 · සම්පාදනය සාහිත්‍ය ඒකකය විසිනි
කොළඹ රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන “අසෙනිය කුසුම” සිංහල භාෂා හා සාහිත්‍ය කලා උළෙල හා සමගාමීව පැවැත්වීමට යෙදෙන සිංහල භාෂා හා සාහිත්‍ය තරග අතරට එක්වන සිංහල බ්ලොග්කරණ තරගාවලිය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාව කොළඹ රාජකීය විද්‍යාලයීය සම්මන්ත්‍රණ ශාලාවේ පසුගිය බ්‍රහස්පතින්දා (2009 මැයි මස 21 වැනිදා) උදෑසන 9.30ට පැවැත්විණි.
මෙම අවස්ථාව කොළඹ රාජකීය විද්‍යාලයේ ගරු විදුහල්පති උපාලි ගුණසේකර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් යුතුව පැවැත්වුනු අතර. අනුග්‍රාහක ආයතනය වන ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය නියෝජනය කරමින් එහි සන්නිවේදන හා ජනමාධ්‍ය අංශ වැඩසටහන් ප්‍රධානී අතුල පුෂ්පකුමාර මහතා සහභාගී විය. සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය භාර ආචාරිණී ඉන්ද්‍රා මාදුගොඩ ගුරුතුමියද, කොළඹ රාජකීය විද්‍යාලයීය භාෂා හා සාහිත්‍ය ඒකකය නියෝජනය කරමින් එහි ලේකම් ලහිරු වික්‍රමසිංහ, සභාපති ලක්පති විජේසේකර සහ ව්‍යාපෘති නිලධාරී සුපුන් සුදාරක ද සහභාගී වූහ.
පැමිණ සිටි සම්භාවනීය පිරිස සහ මාධ්‍ය ආයතන නියෝජිතයින් පිළිගනිමින් කොළඹ රාජකීය විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායක පිළිගැනීමේ කතාව සිදුකළ අතර ඉන් අනතුරුව කොළඹ රාජකීය විද්‍යාලයේ ගරු විදුහල්පති උපාලි ගුණසේකර මැතිතුමා මාධ්‍ය ඇමතීය.
ඉන් අනතුරුව මාධ්‍ය වෙත සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකයේ සභාපති ලක්පති විජේසේකර සොහොයුරා සිය අදහස් දැක්වූයේ මේ ආකාරයෙනි.
ඉන් අනතුරුව බ්ලොග්කරණ තරගාවලිය පිළිබඳ මාධ්‍ය දැනුවත් කරමින් ව්‍යාපෘති නිලධාරී සුපුන් සුදාරක මාධ්‍ය ඇමතුවේ මේ ආකාරයෙනි.
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය නියෝජනය කරමින් මාධ්‍ය සාකච්ඡාව සඳහා සහභාගී වූ එහි සන්නිවේදන හා ජනමාධ්‍ය අංශ ප්‍රධානී අතුල පුෂ්පකුමාර මහතා මෙහි අනුග්‍රාහකත්වය ලබාගැනීම පිළිබඳ අදහස් දැක්වූයේ මේ ආකාරයෙනි.
ඉන් අනතුරුව සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය භාර ආචාරිණී ඉන්ද්‍රා මාදුගොඩ ගුරුතුමිය සිය අදහස් දැක්වීම මාධ්‍ය හමුවේ ඉදිරිපත් කරන ලද අතර. ඉන් පසු තොරතුරු තාක්ෂණ ඒකකය වෙනුවෙන් අදහස් දැක්වූ ජූඩ් ඇන්තනී අන්ද්‍රාදි සොහොයුරා මාධ්‍ය අමතමින් ප්‍රකාශ කරන ලද්දේ තොරතුරු තාක්ෂණ ඒකකය මේ සඳහා අවශ්‍ය කරන තාක්ෂණිය සහයෝගය ලබාදෙන බවයි. ඉන් අනතුරුව එළැඹුණේ සංකේතාත්මක අනුග්‍රාහක චෙක්පත ලබාදීමේ අවස්ථාවයි….
ඉන් අනතුරුව සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකයේ ලේකම්, ලහිරු වික්‍රමසිංහ සොහොයුරා සිය ස්තූති කතාව ඉදිරිපත් කරමින් මාධ්‍ය සාකච්ඡාව අවසන් කළේය.
මේ සඳහා මාධ්‍ය ආවරණය ලබාදුන් සියලුම මාධ්‍ය ආයතන වෙතත්. පාසලේ සිසුන් විසින් පවත්වාගෙන යනු ලබන නිදහස් මාධ්‍ය ඒකකය වන LÉ ROYALÉ වෙතත්, මේ සඳහා සහභාගී වූ සියලුම සම්භාවනීය අමුත්තන් වෙතත් අපගේ පූර්ණ කෘතඥතාව හිමි වන බව මෙයින් දන්වා සිටිමු.





Mr Athula Pushpakumara’s first two minutes is very important.
He clearly told that there is a problem with sinhala standard.
This is what I am addressing for the past several years.
Now are we going to solve it or keep it as it is?
SLSI 1134 and sinhala registered in the unicode consortium is not sufficient to represent our language.
Donald Gaminitillake
I set the standard
Next time invite me for a presentation
contact 011-242-1846
Ingrin Institute of Printing and Graphics Sri Lanka Ltd
Donald Gaminitillake
I set the standard
[...] වශයෙන් සාහිත්‍ය.lk අඩෙවියේ මාධ්‍ය හමුව පිළිබඳවත් ඔවුන්ගේ බ්ලොග්කරණ [...]
ඉදිරියේදී පැවැත්වෙන බ්ලොග්කරණ තරඟාවලියට මාගේ බ්ලොග් අඩවියත් එක් කරගන්නා ලෙස ඉල්ලා සිටිමි.මෙ සඳහා වූ සියලුම විස්තර ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි.