“සව්‍යපේක්ෂා” විශාකා විද්‍යාලයීය කලා මංගල්‍යය 2009
May 28, 2009 · සම්පාදනය සාහිත්‍ය ඒකකය විසිනි
“කාලයේ දුහුලින් වැසී ගිය ශ්‍රී ලාංකේය චුල සංස්කෘතියේ අක්මුල් සොයා යන්නට” විශාකා විද්‍යාලීය කලා මංගල්‍යය සංවිධානය වී තිබිණි.
“ශ්‍රී සම්බුද්ධ වර්ෂ දෙදහස් පන්සීය පනස් තුනක් වු වෙසක් මස විසි හත් වන බුධ දින. නිසයුරු අවර සොයා දෙහෝරාවක් පියමන් කළ සඳ, සමන් චන්ද්‍රරණසිංහ ඇදුරාණන්ගේ මුලසුන් හෙබවීමෙන් මිගාර මාතා කරළියේ, සකල ප්‍රර්ථනාවෝ අභිනන්දනය කරමින් දොරට වඩින විශාඛා කලා මහෝත්සවයයේ දැහැන් ගත වන්නට” කළ ආරාධනය පිළිගෙන දිවයින පුරා පාසල් රාශියකින් සිසුහූ විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගි වී සිටියෝ ය. පොල්තෙල් පහන දැල්වීමෙන් කටයුතු ආරම්භ කළ විශාඛා විද්‍යාලයීය කලා උළෙලේ ප්‍රථමයෙන්, රණවිරුවන් වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවක් පැවැත්වීය. සාහිත්‍ය සංගමයේ සභාපතිනි ටානියා මහේෂි සොයුරිය පිළිගැනීමේ කතාව ඉදිරිපත් කළ අතර විදුහල්පතිතුමියගේ කතාව අසවන් වූයේ එතුමියගේ දෙනෙතට කදුලක්ද එක් කරමිනි. විචිත්‍ර වත් නර්තන. සංගීතමය හා නාට්‍යමය අංග සඳහා ඉන් අනතුරුව ඉඩ හසර වෙන්විය.
කලා මංගල්‍යයට සමගාමීව පැවැත්වූ සාහිත්‍ය තරගාවලියේ ජයග්‍රහණ රාශියක් මාතර සුජාතා බාලිකා විද්‍යාලයට හිමිවිය . කොළඹ රාජකීය විදුහලේ රජිත ලක්මිණි ජාගොඩආරච්චි කෙටි කථා අංශයේ ප්‍රථම ස්ථානයද ලහිරැ වික්‍රමසිංහ කෙටි නාට්‍ය පිටපත් අංශයේ දෙවන ස්ථානයද චිත්‍ර අංශයේ දෙවන ස්ථානය මලින්ද තාරක සොයුරාද හිමි කරගන්නා ලදී.
පැවැත්වූ ප්‍රසාංගික අංග අතුරෙන් වාඩත් සිත්ගත් නර්තන අංගය ලෙස විවේක කාළය තුල ඉදිරිපත් කළ නර්තන අංගය මේ අවස්ථාවේ සඳහන් කළ යුතුම ය. ආරාධිත අංගය ලෙස මාත්‍රා කණ්ඩායම ඉදිරිපත් කළ තේරවිලි කවි හා වාදන අංගයෙන් විශාකා විද්‍යාලයීය කලා උළෙල අවසානයට පත් විය. විශාකා විද්‍යාලයීය කලා මංගල්‍යය සංවිධානය කළ සිංහල සාහිත්‍ය සංගමය නාට්‍ය සංගමය කථික හා විවාද සංගමය චිත්‍ර කලා සංගමය හා ලලිත කලා සංගමයේ නිලධාරි මඩුල්ල ඇතුල්ව සියලුම සමාජිකයිට අපගේ සුභාසිංශන පිරිනමන අතර, විශාඛා විද්‍යාලයීය කලා මංගල්‍යයට මුල්‍යමය හා තාක්ෂණික වශයෙන් අනුග්‍රහය දැක්වීමට ලැබීම පිළිබඳව අප ඉමහත් සතුටට පත්වන්නෙමු.

> “ජයග්‍රහණ රාශියක් මාතර සුජාතා බාලිකා විද්‍යාලයට හිමිවිය”
මගේ උණුසුම් සුභ පැතුම් ! ඇත්තටම සතුටුයි !!