සිංහල භාෂාවේ නව මානයන් ‍සොයා දකුණු පළාතට පිවිසි වගයි!

June 28, 2009 · සම්පාදනය සාහිත්‍ය ඒකකය විසිනි

කොළඹ රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ පූර්ණ අනුග්‍රහය යටතේ පැවැත්වීමට යෙදෙන සිංහල බ්ලොග්කරණ තරගාවලිය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළු පසුගිය ජුනි 22වැනි දා සිට 25වැනි දා දක්වා දකුණු පළාතේ ගාල්ල, මාතර, හම්බන්තොට සහ තිස්සමහාරාම ප්‍රදේශ ඉලක්ක කරගනිමින් පැවැත්විණ.

සිංහල භාෂාව, සිංහල සාහිත්‍ය, ජනමාධ්‍යකරණය, අන්තර්ජාලය, දෙවෙනි වෙබ් පරම්පරාව සහ බ්ලොග්කරණය යන මාතෘකාවන් ආවරණය වන පරිදි පුළුල් පරාසයක් දක්වා විහිදී යන පරිදි මෙම වැඩමුළුව සංවිධානය වී පැවතීම සුවිශේෂී ලක්ෂණයක් විය.

පාසල් අතර සුහදතාව, සහසම්බන්ධතාව වර්ධනය වන අයුරින් වෙනස් ආකාරයක දැක්මක් නිර්මාණය කිරීම තුළින් සාහිත්‍යකරණයේ නව මානයක් කරා පාසල් සිසුන් රැගෙන යාම සිංහල භාෂා හා සාහිත්‍ය කණ්ඩායමේ අරමුණ විය.

2009 ජුනි මස 22වැනි සඳුදා දින උදෑසන දකුණු පළාත බලා සිය ගමන් ආරම්භ කරන ලද කොළඹ රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය කණ්ඩායම උදෑසනම කළුතර ප්‍රදේශයට ළඟා වෙමින් කළුතර බෝ සමිඳුන්ව වැඳ පුදා ගත් අතර ඉන් අනතුරුව ගාලු පුරවරය බලා සිය ගමන් ඇරඹීය.

කළුතර

ගාල්ල පැරෑලිය ප්‍රජා සුනාමි පෙර ඇඟවුම් මධ්‍යස්ථානයේදී සිය උදෑසන ආහාරය ලබාගත් සාහිත්‍ය කණ්ඩායම ඉන් අනතුරුව ගාලු දිස්ත්‍රික්කයේ වැඩමුළුව පැවැත්වෙන ගාල්ල ශාන්ත ඇලවීෂියස් විද්‍යාලය බලා පිටත්විය.

සිදුවී ඇති ප්‍රමාද දෝෂයක් හේතුවෙන් ගාලු දිස්ත්‍රික්ක‍යේ පාසල් වෙත ආරාධිත ලිපි නියමිත දිනට‍ නොලැබී යාම හේතුවෙන් එදින ගාල්ල ඇලවීෂියස් විද්‍යාලය වෙත වෙනත් පාසල් වල සහභාගීත්වය අවම වූ නමුත් තෝරාගත් තොරතුරු තාක්ෂණ හදාරන සිසුන් වෙත වැඩමුළුව පැවැත්විණ. සිංහල භාෂා හා සාහිත්‍ය කණ්ඩායම වෙත සිය සහයෝගය ලබා දුන් ශාන්ත ඇලවීෂියස් විද්‍යාලයේ විදුහල්පති තුමා ඇතුළු කාර්ය මණ්ඩලයටත්. ශිෂ්‍ය නායකයින්ටත් අපගේ පූර්ණ කෘතඥතාව හිමිවන බව මෙහිලා සඳහන් කිරීම අත්‍යවශ්‍ය කරුණකි.

එදින ගාල්ල උණවටුන ප්‍ර‍දේශයේ නවාතැන්ගත් සාහිත්‍ය කණ්ඩායම පර්යේෂණාත්මක ඉසව්වක් ලෙසින් LÉ ROYALE වෙබ් නාලිකාව හරහා සාහිත්‍ය කණ්ඩායම අතර පැවතුණු සුහද ක්‍රිකට් තරගය අන්තර්ජාලය හරහා සජීවි ලෙසින් එදින (ජුනි 22) සවස විකාශණය කරන ලදී.

galle-to-tangalle

දකුණු පළාත ආවරණය වන පරිදි පැවැත්වුනු වැඩමුළු මාලාවේ ඊළඟ නවාතැන වූ මාතර සුජාතා විද්‍යාලය වෙත පසුදින (ජුනි 23) ළඟාවූ රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය වෙත අති විශාල සහ‍යෝගයක් මාතර සුජාතා විද්‍යාලයේ විදුහල්පතිතුමිය වෙතින් හිමිවූ බව සඳහන් කළ යුතුම ය. කාන්තා පාසලක් තුළට පිරිමි පාසලක සිසුන් කිසිදු ගැටලුවකින්‍ තොරව ඇතුළත් කරගනිමින් අපගේ වැඩමුළුවේ සාර්ථකත්වය වෙනුවෙන් සහයෝගය දැක්වීම අගය කළයුතු කරුණකි.

matara-workshop2matara-workshop3matara-workshop4

matara-workshopmatara-workshop5matara-workshop6

මාතර දිස්ත්‍රික්කය වෙනුවෙන් පැවැත්වුනු වැඩමුළුව මෙම වැඩමුළු මාලාවේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරන ලද වැඩමුළුවක් බව මෙහි සඳහන් කළයුතුම ය. මෙම වැඩමුළුව සඳහා මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාසල් රැසක් සහභාගී වූ අතර ඒ ඒ පාසල් අතර ඇති විවිධ වූ පරතරයන් හඳුනා ගැනීමට අප කණ්ඩායමට හැකියාව හා ඉඩ ප්‍රස්ථාව හිමි විය. ඒ ප්‍රදේශ වල පාසල් සිසුන‍්ගේ තොරතුරු තාක්ෂණ දැනුම  කුමන මට්ටම් වලට සිමාවී ඇත්දැයි තේරුම් ගැනීමට අප හට අවකාශය හිමි විය. නගරබද පාසල් සහ ග්‍රාමීය මට්ටමේ පාසල් අතර පවතින පවතින සුවිශාල දැනුම පරතරය තේරුම්ගැනීමට අප කණ්ඩායමට අවකාශය හිමි විය. කොළඹ රාජකීය විද්‍යාලය සිය “සැමට සහෝදර‍යෝ” ප්‍රතිපත්තිය ක්‍රියාවට නංවමින් මෙම ග්‍රාමීය පාසල් වෙත සිය සහෝදරත්වයේ දෑත් දිගු කිරීමට ඉදිරිපත් වෙමින් එම පැමිණ සිටි පාසල් තුළ ඇති විවිධ වූ ගැටලු නිරාකරණය වෙනුවෙන් සහයෝගය දැක්වීමට ඉදිරිපත් විය.

matara-workshop7matara-workshop8matara-workshop9matara-workshop10matara-workshop11matara-workshop12

අප සමඟින් සිය තාක්ෂණික ගැටලු පිළිබඳ සංවාදගත වූ මාතර පුහුල්වැල්ල මධ්‍ය මහා විද්‍යාලය නැරඹීමට ක්ෂණික ක්ෂේත්‍ර චාරිකාවක් සංවිධානය කරන ලද අප සාහිත්‍ය කණ්ඩායම ඔවුන්ගේ පාසලේ තොරතුරු තාක්ෂණ විද්‍යාගාරය වෙත පිවිස ඔවුන්ගේ අපහසුතා සොයා බලා ඒ සඳහා පිළියමක් යෙදීමට පාසලක් වශයෙන් ඉදිරිපත් වුණෙමු.

එදින තංගල්ල ප්‍රදේශයේ නවාතැන්ගත් අප කණ්ඩායම, අපගේ වැඩමුළුවේ ඊළඟ නවාතැන වූ අම්බලන්තොට ථෙරපුත්ත ජාතික පාසලයි. එහිදී දක්නට ලැබුනු සුවිශේෂීත්වය වූයේ එම පාසලේ පැවැත්වුනු එම වැඩමුළුවේ පැවැත්වුණු සුහද ක්‍රියාකාරකම් වෙනුවෙන් සිසුවියන්ගේ ඉදිරිපත් වීමේ ප්‍රමාණයේ ඉහළ බවයි. එය අප අන් කවර වැඩමුළුවකදී වුව නුදුටු කරුණක් විය. කොළඹින්, ගාල්ල, මාතර, ප්‍රදේශ වලින් බැහැරට වන්නට තොරතුරු තාක්ෂණය පිළිබඳ දැනුවත් බවේ ඌණතාව තේරුම්ගත් අපි වඩාත් තාක්ෂණික කරුණු වලින් බැහැරව එම ක්ෂේත්‍රයන් පිළිබඳ උනන්දුවක් ඇතිවන අයුරින් ඔවුන්ව දැනුවත් කිරීමට උත්සාහ ගත්තෙමු.

ambalantotaambalantota2ambalantota3

ambalantota5ambalantota6ambalantota7

ambalantota8ambalantota9ambalantota10ambalantota11ambalantota11ambalantota12ambalantota13ambalantota14ambalantota15ambalantota16ambalantota17ambalantota18ambalantota19ambalantota20ambalantota21ambalantota22ambalantota23ambalantota24ambalantota25ambalantota26ambalantota27

ambalantota29ambalantota30ambalantota31

එදින රාත්‍රියේ කිරින්ද ප්‍රදේශයේ නවාතැන් ගත් අප කණ්ඩායම අප සාහිත්‍ය වැඩමුළුවේ ඊළඟ නවාතැන වූ දෙබරවැව මධ්‍ය මහා විද්‍යාලය වෙතට පිවිසුනෙමු. තිස්සමහාරාම ප්‍රදේශයේ පාසල් ආවරණය ක‍ර‍මින් පැවැත්වුනු මෙම වැඩමුළුවටද ඉතා ඉහළ ශිෂ්‍ය ප්‍රතිචාරයක් හිමි විය.

tissa1tissa2tissa3

tissa4tissa4tissa5tissa6tissa7tissa8tissa9tissa10tissa12tissa11tissa13tissa14tissa15tissa16tissa18

වැඩමුළුව අවසානයේ සවස් යාමයේ දෙබරවැව මහජන ක්‍රීඩාංගනයට එක්වූ සාහිත්‍ය කණ්ඩායම සහ දෙබරවැව මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් අතර පැවැති සුහද ක්‍රිකට් තරගයෙන් රාජකීය විද්‍යාලයේ සිංහල භාෂා හා සාහිත්‍ය ඒකක ක්‍රිකට් කණ්ඩායමට ජය හිමි විය.

පෙර සූදානම් කරගත් පරිදි තිස්සමහාරාම වැඩමුළුවෙන් පසු දකුණු පළාතේ පැවැත්වීමට නියමිත වැඩමුළු ප්‍රමාණය අවසන් වූ නමුත්, පැවැත්වුනු වැඩමුළුවන්හී සාර්ථකත්වය මත මාකඳුර මධ්‍ය මහා විද්‍යාලයේ ආරාධනය පරිදි පසුගිය සිකුරාදා දිනයේ අප විසින් වැඩමුළුවක් සංවිධානය කෙරෙන ලදී. මෙම වැඩමුළුව පැවැත්වූයේ මාකඳුර මහා විද්‍යාලයේ සිසු සිසුවියන් සඳහා පමණකි.

makandura0makandura2makanduramakandura4makandura6makandura7makandura8makandura9makandura11makandura17makandura18makandura19makandura21makandura20makandura22makandura23makandura24makandura25

මෙම වැඩමුළුවෙන් පසු අප එම පාසලෙන් පිටත්වීමට ප්‍රථම, අප සඳහා එම පාසලේ භෝජන සංග්‍රහයක්ද සූදානම් කර තිබිණි. කෙසෙල් කිරිබත් වලින් පිරි කෑම මේසය අප කණ්ඩායමේ සිත් ගත් බව නොරහසකි.

makandura26makandura27makandura29makandura30makandura31makandura32makandura33makandura34makandura35

මාකඳුර මධ්‍ය මහා විද්‍යාලයට අපගේ ස්තූතිය පුදකරමින් ඔවුන්ගෙන් වෙන් වූ අපි නැවතත් කොළඹ බලා පැමිණියෙමු.

අපගේ වැඩමුළු වෙත සහභාගී වූ සියලුම පාසල් වල සිසු සිසුවියන්ටත්, ගුරු භවතුන්ටත්,  විදුහල්පති වරුන්ටත් අපගේ හද පිරි ස්තූතිය පුදකිරීමට මෙය අවස්ථාවක් කරගැනීමට අපි කැමැත්තෙමු. එමෙන්ම අප සමඟ නිරතුරුව සිටිමින්. රියදුරෙකු ලෙස පමණක් නොව අප මිතුරෙකු, මඟ පෙන්වන්නෙකු, උපදේශකයෙකු, වැඩිහිටියෙකු, ආරක්ෂකයෙකු, ගුරුවරයෙකු වශයෙන් අප හට සහයෝගය දැක්වූ රාජකීය විද්‍යාල නිල රථයේ රියැදුරු සේන සොයුරාටත් අපගේ පූර්ණ ස්තූතිය හිමි වේ. මෙම ව්‍යාපෘතිය සාර්ථක කරගැනීමට අපට පූර්ණ අනුග්‍රාහකත්වය ලබා දෙන ශ්‍රී ලංකා ‍තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායනයට අපගේ පූර්ණ කෘතඥතාව හිමි වේ. එමෙන්ම අපව දිරිගන්වමින්. නිරතුරු අපගේ සුව දුක් විමසමින් ගතින් නොව හදවතින් අප සමඟ නිරතුරුව සිටි ගරු විදුහල්පති තුමාටත්, ක්‍රීඩා හා සංගම් භාර ආචාර්යවරයාටත්, සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකට භාර ආචාරිනියටත් අපි අපගේ කෘතඥතාව පුදකරන්නෙමු.

කොළඹින් බැහැරව පූර්ණ කණ්ඩායම් සහයෝගීතාවෙන් යුතුව කටයුතු සංවිධානය කරන ලද අප වෙත සියලුම පාසල්‍ වෙතින් පැසසුම් හිමි වීම සතුටට කරුණකි. ශිෂ්‍යයින් වශයෙන්, ශිෂ්‍යයින් විසින්ම පමණක් මෙවැනි වැඩමුළු සංවිධානය කිරීම අපට මහත් අභියෝගයක් වූ නමුත් විප්ලවකාරී ශිෂ්‍ය එකමුතුවක් ලෙසින් සංවිධානය වූ අප කණ්ඩායම විවිධ වූ බාධක වැට කඩොළු බිඳ හෙලමින් ඒවාට මුහුණ දෙමින් කණ්ඩායමක් වශයෙන් අපි සියලුම දෙනා ක්‍රියාත්මක වුණෙමු… ඉදිරියටද කණ්ඩායමක් ලෙසින් මෙම ජාතික ව්‍යාපෘතියේ උන්නතිය වෙනුවෙන් කටයුතු කිරීම අපගේ අරමුණයි.

දිගු ගමනක ආරම්භක පියවරේ අවසානය එසේ සනිටුහන් විය…

-

සම්පාදනය – සුපුන් සුදාරක



ප්‍රතිචාර 5 to “සිංහල භාෂාවේ නව මානයන් ‍සොයා දකුණු පළාතට පිවිසි වගයි!”
  1. සංඛ says:

    නියමයි මල්ලි, කියලා වැඩක් නැහැ.දිගටම ඔහොම කරගෙන යන්න. විශේෂයෙන් මතක තියාගන්න ඔයාලා පාසැලෙන් ඉවත් වුනාමත් මේක පවත්වගෙන යන්න පුළුවන් හැකියාවක්, ධෛර්යයක් තියෙන පිරිසක් දැන්ම ඉදන්ම පුහුණු කරන්න. නැත්තම් ඔයාලගේ ඔය උත්සාහය ගිලින්න බහිරවයෝ ටිකක් සෙට්වෙයි.
    “විප්ලවකාරී ශිෂ්‍ය එකමුතුවක් ලෙසින් සංවිධානය වූ අප කණ්ඩායම විවිධ වූ බාධක වැට කඩොළු බිඳ හෙලමින් ඒවාට මුහුණ දෙමින් කණ්ඩායමක් වශයෙන් අපි සියලුම දෙනා ක්‍රියාත්මක වුණෙමු…”
    මේ කතාව නම් සම්පූර්ණ ඇත්ත මල්ලි,ඔය බාධකය බිද දැම්මොත් තමයි ඔයාලට ඇත්තටම දෙයක් කරන්න වෙන්නේ.මං හිතන්නෙ ඔයාලා දැනටමත් ඒක කරලා.

  2. Yaluwek says:

    Dear Friends

    Marai….niyamai….kiyala wadak na….

    Thank UUUUU thank UUUUU

    Yaluwa

  3. දකුණු පළාතට ඇවිල්ලා දැනුවත් කිරීම පිළබද ස්තුතිය පළ කරමි. නැණසල තනාපතිවරුන් දැනුවත් කිරීමට ICTA ආයතනයට පැමිනි දින මා හට සිංහළ බ්ලොග් කරණය පිළිබද ඔබගේ උනන්දුව පිළිබද වැටහීමක් ඇති උනෙමි. මා දෙබරවැව ජාතික පාසලේ ආදි සිසුවෙක් වෙමි. ප්‍රදේශයේ සිසු සිසුවියන් දැනුවත් කිරීමේදි මා හට ඔබට ඇවැසි සහය ලබා දීමට අවස්ථාවක් උදා වුයේ නම් එය ඔබගේ ගමන් මගට රුකුලක් වනු ඇතැයි අනුමාන කරමි. තවත් ඉදිරියට යන්න සුභ පතමි. ඉදිරි දැනුවත් කිරීම් වලදී අදාල ප්‍රදේශයන් හි පිහිටි නැණසල මධ්‍යස්ථාන හා සම්බන්ධ වන්න.

    නැණසල – තිස්සමහාරාම
    ආසිරි අයි. ටී. සෙන්ටර්.

  4. [...] කිරීමේ වැඩසටහනකට පසුගිය දවස්වල දකුණු පාළාතපුරාම ඇවිදලය [...]

  5. [...] here, you might want to subscribe to the RSS feed for updates on this topic.Powered by WP Greet Boxවැඩමුළු අතර අත්විඳි අත්දැකීම් කිහිපයක්. [...]

ඔබේ ප්‍රතිචාරය