තවත් පාසල් සිසුවෙක් මරු වැළඳ ගනියි! ජනමාධ්‍යකරණයේ නව මානයන් හමුවේ තොරතුරු වසන් කළ හැකිද?
August 18, 2009 · සම්පාදනය සාහිත්‍ය ඒකකය විසිනි
ශ්‍රී ලංකාව තුළ වර්තමාන ජනමාධ්‍ය ක්‍රියාකාරීත්වය සහ සමාජය තුළ පුළුල්ව තොරතුරු ප්‍රචාරණය වන යුගයකි මේ. විශේෂයෙන්ම විවිධ වූ ප්‍රවෘත්ති සමාජය තුළ නිර්මාණය වෙමින් පවතින මෙවන් මොහොතක කොළඹ රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය වශයෙන් නිරතුරුව වෙනස් වන තාක්ෂණික ලෝකයක, ශ්‍රී ලංකාව තුළ තොරතුරු ප්‍රචාරණය වීමේ ප්‍රවනතා පිළිබඳව අපි අවධානය යොමු කළෙමු. එම අවධානය යොමු වීම කෙරෙහි බලපෑ ප්‍රධානතම සාධකය වූයේ මීට දින කිහිපයකට පෙර සිය ටයි පටියෙන්ම ගෙල වැළ ලා ගනිමින් සිය දිවි හානි කරගත් ශිෂ්‍යාවගේ සිදුවීම සහ කනේරු ඇට ගෙන සිය දිවි හානිකරගත් ශිෂ්‍යාවන් දෙදෙනාගේ සිදුවීම ජනමාධ්‍ය හරහා ප්‍රචාරණය වූ ආකාරයයි.
මෙහිදී ශ්‍රී ලංකාව තුළ පොදු ජනයා අතර ප්‍රචලිත ජනමාධ්‍ය උපක්‍රම ලෙසින් භාවිතා වන පුවත්පත්, ගුවන් විදුලි සහ රූපවාහිනී මාධ්‍ය තුළ මෙම සිදුවීම විවිධාකාරයෙන් ප්‍රචාරණය වන ආකාරය අපි දුටුවෙමු. කෙසේ නමුත් කොළඹ ප්‍රධාන පෙළේ පාසලක් තුළ සිදුවූ සිදුවීම වෙත පුළුල් ප්‍රචාරණයක් විවිධ වූ ජනමාධ්‍ය තුළ ප්‍රවෘත්ති විශේෂාංග හරහා හිමි වූ අතර, පොළොන්නරුව වැනි කොළඹින් බැහැර ග්‍රාමීය පාසලක් තුළ සිදුවූ සිදුවීමට ජනමාධ්‍ය හරහා හිමි වූ ප්‍රචාරය අතර ඇත්තේ අහසට පොළව මෙන් වෙනසකි. කෙසේ නමුත්, අන්තර්ජාලය තුළ භාවිතා වන පුළුල් සිවිල් ජනමාධ්‍යකරණ උපක්‍රමයක් වන බ්ලොග් අඩවි හරහා මෙම ප්‍රවෘත්ති පිළිබඳව වඩාත් විවෘත සංවාද ඇතිවනු අපි දුටුවෙමු. නමුත් අප දුටු ප්‍රධානතම කරුණ වූයේ ඉතාමත් අහිතකර අයුරින් මෙම සිද්ධිය පුළුල් සංවාදයකට විවෘත වනු වෙනුවට සත්‍ය වසන් කිරීමට විවිධ පාර්ශව විසින් ලබාගත් උත්සාහය නිසාවෙන් විවිධ කටකතා නිර්මාණය වනු දැකිය හැකි විය. මේ වන විට එම ශිෂ්‍යාවන් චරිතයෙන් දූෂිත චරිතයන් ලෙසින් සමාජය තුළ මතයක් පවතින අතර. අනෙක් පසින් ඔවුන් නිර්දෝෂී චරිතයයන් ලෙසින් මත දෙකක් පවතී. එබැවින් සත්‍ය කුමක්දැයි පිළිබඳ ප්‍රශ්නාර්ථයක් අප ඉදිරියෙන් මතු වෙමින් පවතී. ඒ, කටකතා නිර්මාණය වීම හරහා අනපේක්ෂිත සිදුවීම් රැසක් ඉදිරියේ නිර්මාණය වීමට බොහෝ ඉඩ ඇති නිසාවෙනි.
මෙම සිදුවීම් අපගේ අවධානයෙන් කෙමෙන් කෙමෙන් ඉවතට යොමු වන මොහොතක මෙම සිදුවීම් නැවතත් හාරා අවුස්සා හදවත් පැරීම අපගේ අරමුණ නොවේ. අප වෙත මෙම සිදුවීම් නැවතත් සිහි ගැන්වූයේ හදීසියේම අප වෙත දැනගැනීමට ලැබුනු තවත් සියදිවි නසාගැනීමේ සිදුවීමක් නිසාවෙනි. කොළඹ ප්‍රධාන පෙලේ බෞද්ධ පිරිමි පාසලක උසස් පෙළ අංශයේ ඉගෙනුම ලබමින් සිටි පාසල් සිසුවෙක් හදිසියේදීම සියදිවි නසාගැනීමේ පුවතක් අප වෙත දැනගැනීමට ලැබුනු අතර, අප පුදුමයට පත් කරමින් පෙර කී සිදුවීම් දෙකට ජනමාධ්‍ය හරහා ලැබුන ප්‍රචාරණය මෙම සිදුවීම වෙත නොලැබුනි. බොහෝ දුරට එම සිදුවීම ජනතාව වෙතට ප්‍රචාරණය වීම කවුරුන් විසින් හෝ වලක්වාලනවා විය හැකි අතර, එසේත් නැතිනම් ජනමාධ්‍ය වගකීමකින් යුතුව ක්‍රියාත්මක වීමට උත්සුක වනවා විය හැක. අප වෙතද මෙම සිදුවීම වාර්තා වනුයේ ෆේස්බුක් සමාජ ජාලය හරහා වන අතර අප දුටුවේ ෆේස්බුක් වෙබ් අඩවිය තුළ එම මිය ගිය සිසුවාද ෆේස්බුක් ගිණුමක් පවත්වාගත් බවයි. ඔහුගේ මිතුරන් සිය මිතුරාගේ වියෝව වෙනුවෙන් කණගාටුව ප්‍රකාශ කරමින් පණිවිඩ හුවමාරු කරගනු අපි දුටුවෙමු.
බොහෝ විට එම මරණයට හේතු සහගත කරුණු එම ගිණුම පරික්ෂා කිරීමෙන් ලබාගත හැකිවනු ඇති බව අපේ විශ්වාසයයි. කෙසේ නමුත් යම් කිසි පුද්ගලයෙකු සතු ෆේස්බුක් හෝ වෙනයම් ගිණුමක්, ඔහුගේ හෝ ඇයගේ අභාවයෙන් පසුව එම ගිණුමේ භාවිතාව සිදුවන්නේ කුමන ආකාරයෙන්දැයි පිළිබඳව ඔබේ අවධානය යොමු කරන මෙන් අපි මෙහිදී ඉල්ලා සිටිමු. ඒ පිළිබඳව සංවාදයට ගැනීම ඔබට භාර කරමින්, මෙම සිදුවීම සම්බන්ධයෙන් ඔබගේ මතවාදයද සංවාදයට බඳුන් කරන ලෙසින් අපි ඔබෙන් ඉල්ලා සිටිමු.
අන් කවරදාක නොවූ විරූ ලෙසක අන්තර්ජාලය හරහා පුරවැසි සන්නිවේදනය ඉතාමත් පුළුල් පරාසයක් තුළ සිදුවන අයුරු අපි අත්විඳිමින් සිටිමු. බ්ලොග් අඩවි හරහා විවිධාකාර පුළුල් සංවාද නිර්මාණය වන අතර ඉතාමත් ක්ෂණික ආකාරයෙන් විවිධ සිදුවීම් ෆේස්බුක්, ට්වීටර් සමාජ ජාල හරහා ප්‍රචාරණය වන බව ඔබගේ අවධානයට යොමු කරනු කැමැත්තෙමු. ට්වීටර් තුළ ලබාදෙන අකුරු 140ක ඉඩ තුළ පවා ඉතාමත් ගැඹුරු ප්‍රචාරණයක් ඕනෑම සිදුවීමකට හිමිවනු අප දුටු අතර එය සන්නිවේදන තාක්ෂණයේ පුළුල් විහිදීමක් සනිටුහන් කරනු ලබන ලක්ෂණයකි. විප්ලවකාරී සංධිස්ථානයකි. ඕනෑම දෙයක හොඳ හා නරක පැති ඇතිවාක්ම මෙන්, මෙහිදීද හොඳ සහ නරක පැතිකඩ පිළිබඳ සංවාදයක් නිර්මාණය වීම වටිනා කරුණකි. සමාජ ජාල හා අන්තර්ජාලය ඉදිරි වසර කිහිපය තුළදී ඉතාමත් බැරෑරුම් සහගත ලෙසින් සාමාන්‍යකරණය වන බව අපගේ මතවාදයයි.
අප අතරින් වියෝවූ එම සහෝදර ශිෂ්‍යයාට නිවන් සුව අපි ප්‍රාර්ථනා කරමු.
කොළඹ රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය.


ඇත්තටම ෆේස්බුක් මගේද ප්‍රධානතම ප්‍රවෘත්ති මාධ්‍යක් වී ඇත. යුද්ධය තුබූ කල පමණක් නොව අද පවා බොහෝ හදිසි පුවත් දැනගන්නේ ෆේස්බුක් වලට පින්සිදුවන්නටය.
මෙම පාසල් සිසුවාගේ මරණය මට අසන්නට ලැබුනේ ඊයේ දිනයේ කටකතාවක් ඇසුරිනි. මට දැනගන්නට වූ පරිදි මේවන තෙක්ම මේ පිළිබඳව කිසිඳු මාධ්‍යයක ප්‍රචාරය වී නැත. සිදුවිය යුත්තේ මේවා වසන් කිරීම නොව අසත්‍ය කටකතා දක්වා වර්ධනය වීමට ප්‍රථම, ජනතාව වෙත සත්‍ය ඉදිරිපත් කිරීමයි.
මෙවන් අකල් මරණ නිසා ලංකාවේ සහෝදර සහෝදරියන්‍ගේ අනාගතය පිළිබඳව මට ඇතිවන්නේ දුක මුසු බියකි.
ඇත්තෙන්ම මේ වනතෙක් කිසිදු රූපවාහිනී හෝ ගුවන්විදුලි මාධ්‍යයක මෙම පුවත විකාශනය වනු මට ඇසුනේ නැහැ. මේ පිළිබඳ මටත් අහන්නට ලැබුනේ Twitter හරහා.
[said]
බොහෝ විට එම මරණයට හේතු සහගත කරුණු එම ගිණුම පරික්ෂා කිරීමෙන් ලබාගත හැකිවනු ඇති බව අපේ විශ්වාසයයි. කෙසේ නමුත් යම් කිසි පුද්ගලයෙකු සතු ෆේස්බුක් හෝ වෙනයම් ගිණුමක්, ඔහුගේ හෝ ඇයගේ අභාවයෙන් පසුව එම ගිණුමේ භාවිතාව සිදුවන්නේ කුමන ආකාරයෙන්දැයි පිළිබඳව ඔබේ අවධානය යොමු කරන මෙන් අපි මෙහිදී ඉල්ලා සිටිමු.
[/said]
සදාචාරාත්මක අතින් මෙය සිදු නොකළ යුත්තක් වන අතර, මරණය සම්බන්‍ධ පරීක්‍ෂණ වලදී නීතිමය අවැසිතාවක් මතු වුවහොත් මෙය කළ යුතු වනු ඇත.
නමුත්, කැකිල්ලේ තීන්‍දු දෙන්නට චිරප්‍රසිද්ධ මෙම රජය, යම් හෙයකින් අදාළ Facebook ගිණුම පරීක්‍ෂා කොට, මරණයට හේතුව Facebook ගිණුම බව තීරණය කොට ලංකාව තුළ Facebook වාරණය කළ හොත් ? රජයේ පසුගිය ක්‍රියාකාරකම් දෙස බලද්දී මෙය නොසිදුවිය හැක්කක් නොවේ !
මේ විදිහට සියදිවි නසාගන්නවා නම් ඒකෙ වැරැද්ද මොබයිල් පෝන් එක නෙවෙයි.
නිවැරදි අධ්‍යාපන කමයක් නැති කම….ඒකට මේ ආණ්ඩුවට දොස් කියලා වැඩක් නැහැ කලින් ආණ්ඩු වලිනුත් වැඩක් වුනේ නැහැ…..
දරැවන්ට ජීවිකේට මුහුණදේනනෙ කොහොමද කියලා කියලා නෙවා මිසක් වීජීය සමීකරණ වලින් ජිවිතේ අභියෝගවලට මුහුණ දෙන්න බැහැ.
වැරදි 80ක් නැත=ව පශ්න පත්තරයක් හදාගන්න බැරි ගරැවරැන්ට එක එක අයට බැන බැන කෑ ගහන්න මේක ලොක අවස්ථාවක්.
දැන්වත් පශ්න වලට විසදුම් හොයනව මිසක් වෙනෙ වෙන අවශ්‍යතාවලට කෑගහන් ඕනෙ නැහැ.
අපිට රටට – අපේ රටට හොදක්ම වේවා
ඇත්තෙන්ම මෙහි කතා කරන මෙම මාතෘකාවේ මා සිත් ගත් කරුණ නම් ඒ සදහා විකල්ප ඉදිරිපත් කිරීමයි. සිදු විය යුත්තේද එයයි. අපි ගැටළුවක් ගෙන විවේචනය කරනවා වෙනුවට කල යුත්තේ ඒ සදහා ගත යුතු ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කිරීමයි. දරුවන් වෙනුවෙන් කෙරෙන අධ්‍යාපනයේ සැබවින්ම විශාල අඩුවක් ඇත. දැනුමින් පමණක් මොල පෝෂණය කරනු ලබන අතර සාර ධර්ම හා සංස්කෘතික අංගයන් දළුලන්නට ඔවුන්ට කාලයක් ලබා දී නැත. එසේ ම සමාජය මහත් බිහිසුනු රකුසු ස්භාවයක් ගනු ලබන අතර එයට මුහුණ දීමට දරුවන් පුහුණු නොකෙරේ එවිට සිදුවන්නේ මානසික විකෘති තාවයෙන් පෙලෙන අනාගත පරපුරකට දොරවිවර වීම පමණකැයි පෙනේ..
එබැවින් පාසල් අධ්‍යාපනය තවදුරටත් විදිමත් කොට පෞරුස වර්ධනය පිළිබද උපදේශන සේවාවක් 7. 8 වසර වල සිටම දරුවන්ගේ සිත් තුල රෝපනය කරනු ලබන්නේ නම් ඔවුන් යහපත් සිසු දරුවන් වනවා පමණක් නොව සාමාජයට මහත් ප්‍රයෝජනවත් සාමාජිකයින් බවටද පත් වෙනු ඇත.
මනස විකෘති වීමක් නෙවෙයි මෙතන තියෙන පශ්නෙ… මේ රටේ නිවැරදි අධ්‍යාපන ක%මයක් නැහැ. විකල්ප වෙනුවට සාර්ථක විසදුම ඕනෙ…ඒක මේ ආණ්ඩුවේ වැරද්දක් නෙවෙයි කවදත් වුනේ මේක….ඊනියා බුද්ධිමත=න් වෙනුවට සැබැ බුද්ධිමත=න්ගේ අදහස් සොයා ඒවාට ගරැකරමු.