නාමයෝජනා දැන් භාර ගැනේ…
August 21, 2009 · සම්පාදනය සාහිත්‍ය ඒකකය විසිනි
කොළඹ රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය විසින් වාර්ෂිකව සංවිධානය කෙරෙන සාහිත්‍ය කලා උළෙල මින් පෙර වසර වලදී පැවැත්වූයේ අසෙනිය කුසුම නමින්. 2009, තොරතුරු තාක්ෂණ වසර හා සාහිත්‍ය අනුබද්ධ කරමින් මේ වසරේ පැවැත්වීමට නියමිත සාහිත්‍ය කලා උළෙල පැවැත්වෙන වෙනස් මුහුනුවර නිසාවෙන් නවතාවකින් යුතු නාමයකින් යුතුව සාහිත්‍ය කලා උළෙල පැවැත්වීම මෙවර අපේ අරමුණයි.
මෙවර, අප තුළින්ම නමක් යෝජනා වීම වෙනුවට අන්තර්ජාල අවකාශයේ සැරිසරන සහෘද ඔබගෙන් අපගේ මෙම ඉසව්වට නමක් යෝජනා වනු දැකීම අපේ අරමුණයි. යෝජනා වන වඩාත් අර්ථ සම්පන්න සහ ආකර්ෂණීය නාමය වෙනුවෙන්, ත්‍යාගයකුත් සූදානම්!
ලොව ප්‍රධානතම සිනමා සම්මාන උළෙලක් වන ඔස්කාර් සම්මාන උළෙල වෙත එම නාමය යෝජනා කරන ලද්දේ ප්‍රජාව විසිනුයි. එමෙන්ම අපගේ මෙවර ඉසව්වද ප්‍රජා සහභාගීත්වයේ ඉසව්වක් වන බැවින් නමක් යෝජනා කිරීමේ අයිතියද ඔබ සතුයි!
ඔබේ අර්ථවත් නාම යෝජනාවන් ඔබගේ නම, ලිපිනය සහ දුරකථන අංකය සමඟින් අපගේ විද්‍යුත් තැපැල් ලිපිනය වන info[@]sahithya.lk වෙත යොමු කරන්න. ඕනෑම සංඛ්‍යාවක නාම යෝජනා අපවෙත ඉදිරිපත් කිරීමට ඔබට අවකාශ හිමිවනවා.

mema blog eke..lankawe niramayan gana mage wijarayan atha