කොළඹ රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකයේ 2010 වර්ෂය සඳහා සාහිත්‍ය ඒකක කමිටුව සඳහා නිලධාරීන් පත් කිරීම පසුගියදා සිදුකෙරිනි. සාහිත්‍ය ඒකකයේ හිටපු සභාපති ලක්පති විජේසේකර සොහොයුරා විසින් නව කමිටුව වාර්ෂික මහා සභා රැස්වීමේදී නිවේදනය කරන ලදී. නව වර්ෂය සඳහා සාහිත්‍ය ඒකක කමිටු නිලධාරීන් මෙසේ වේ.
සභාපති - සුපුන් සුදාරක
ලේකම් - ලහිරු සඳරුවන්
භාණ්ඩාගාරික - තිරංජය බණ්ඩාර
ප්‍රධාන සංවිධායක - වරුණ ඉද්දමල්ගොඩ
උප සභාපති ...
අප භාෂා හා සාහිත්‍ය ඒකකය විසින් සංවිධානය කරන ලද අසෙනිය කුසුම සාහිත්‍ය කලා මහෝත්සවයේ ඡායාරූප අන්තර්ජාලය වෙත නිකුත් කර ඇත. ෆේස්බුක් වෙබ් අඩවියේ පහත යොමු හරහා ඔබට එම ඡායාරූප ලබාගැනීමට හැකියාව ලැබෙනු ඇත.
ඇල්බමය අංක එක - http://www.facebook.com/album.php?aid=187909&id=1118179407
ඇල්බමය අංක දෙක - http://www.facebook.com/album.php?aid=187911&id=1118179407
කොළඹ රාජකීය විද්‍යාලය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය විසින් 2009ක්වූ නොවැම්බර් මස 27වෙනි දින රාජකීය විද්‍යාලයීය නවරඟහල් ශාලාවේ අති උත්කර්ෂවත් අන්දමින් සංවිධානය කරන ලද අසෙනිය කුසුම සාහිත්‍ය කලා මහෝත්සවයෙහි වීඩියෝ දර්ශන මෙසේ අප ඔබ දෑස් මත දිගහරින්නෙමු.
http://www.youtube.com/user/leroyaletv#grid/user/C6B497D484FEF3F3
කොළඹ රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය විසින් සංවිධානය කරනු ලබන අසෙනිය කුසුම සාහිත්‍ය කලා මහෝත්සවය හෙට දින. එනම් 2009ක්වූ නොවැම්බර් මස 27වෙනි දින පස්වරු 2.30ට රාජකීය විද්‍යාලයීය නවරඟහල් ශාලාවේ පැවැත්වෙනු ඇත. ඒ සඳහා සියලු වැඩකටයුතු මේ වන විට කඩිනමින් සූදානම් වෙමින් පවතී.
සිංහල බ්ලොග්කරණ තරගාවලියෙන් ජයග්‍රහණය ලැබූ බ්ලොග්කරුවන්, අන්තර්පාඨශාලයීය භාෂා හා සාහිත්‍ය තරගාවලියෙන් ජයග්‍රහණය ලැබූ සිසු සිසුවියන් සහ විද්‍යාලය ...