බ්ලොග්කරණ තරගාවලිය

සිංහල බ්ලොග්කරණ තරගාවලිය 2009 අවසන්!

රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍යය ඒකකය “අසෙනිය කුසුම” නමින් සංවිධානය කරන සාහිත්‍ය උළෙල නිමිත්තෙන් මෙවර අන්තර්ජාලයෙහි පැවැත්වෙන බ්ලොග්කරණ තරගාවලියක් සූදානම් කර තිබේ.

ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ක්‍රියාත්මක වන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) මගින් මේ සඳහා අනුග්‍රහය ලැබෙන අතර 2009 තොරතුරු තාක්ෂණ වසර නිමිති කරගෙන මෙය පැවැත්වෙනු ඇත.

සිංහල බ්ලොග්කරුවන් ඇගයීම, සිංහල බ්ලොග් අවකාශයට තවත් බ්ලොග්කරුවන් හඳුන්වාදීම, සිංහල යුනිකේත හා අන්තර්ජාල ජනමාධ්‍යකරණය සහ සිංහල බ්ලොග්කරණය ප්‍රචලිත කිරීම මෙහි අරමුණු වේ.

දිවයින පුරා පාසල් සිසුන්, පාසැල් සහ නැණසල මධ්‍යස්ථාන සහභාගි කරගනිමින් 2009 ජූනි සිට අගෝස්තු දක්වා මෙම තරගාවලිය පැවැත්වේ. මේ සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම රාජකීය විද්‍යාලයයේ සාහිත්‍ය ඒකකය මගින් සැපයෙනු ඇත. පාසල් සිසුන් වෙනුවෙන් ප්‍රධාන වැඩමුළුවක්ද, අප නියෝජිතයන් විසින් ඒ ඒ පාසල් වල වැඩමුළුද පැවැත්වෙනු ඇත.

පාසල් අංශය

පාසල් අංශයේ තරගය සඳහා ඒ ඒ පාසල් වල පිහිටුවා ඇති සිංහල භාෂා හා සාහිත්‍ය ඒකක සම්බන්ධ කර ගැනේ. ඒ ඒ භාෂා හා සාහිත්‍ය ඒකක සඳහා අප නිල වෙබ් අඩවිය වන www.sahithya.lk හරහා උපඩොමේන නාම යටතේ වෙබ් ඉඩ ලබාදෙනු ලැබේ. එවිට ඒ ඒ භාෂා හා සාහිත්‍ය ඒකක ඔවුන්ගේ වෙබ් අඩවි (බ්ලොග් අඩවි) සිංහල යුනිකේත භාවිතයෙන් පළ කරමින් යාවත්කාල කළ යුතු වේ. මෙහි දී තෝරාගනු ලබන ජයග්‍රාහක පාසල සඳහා සම්මාන සහ විශේෂ ත්‍යාග ලබාදීමට සූදානමින් සිටියි. තනිව පුද්ගලිකව තරග වැදීම සඳහා කැමති පාසල් සිසුන් විවෘත අංශය ඔස්සේ තරගයට එක් විය යුතු ය.

විවෘත අංශය

වයස අවුරුදු 12ට වැඩි ඕනෑම පුද්ගලයෙක් සඳහා මෙම තරග අංශය විවෘත අතර පාසල් බේදයකින් තොරව ඕනෑම පුද්ගලයෙකුට මේ සඳහා තරග වැදීමේ හැකියාව ඇත. පහත දැක්වෙන කාණ්ඩයන් යටතේ විවෘත අංශය යටතේ තරග වදිනා බ්ලොග්කරුවන් ඇගයීමට ලක් කිරීම සඳහා සම්මාන හා ත්‍යාග ප්‍රදානය කරනු ලබයි.
පහත අංශ යටතේ බ්ලොග්කරණ තරගාවලිය පැවැත්වේ.

  • හොඳම බ්ලොග් අඩවිය
  • හොඳම පුද්ගලික බ්ලොග් අඩවිය (පුද්ගලික සිතුම් පැතුම්, එදිනෙදා සිදුවීම් ලියාදැක්වෙන බ්ලොග් අඩවි)
  • හොඳම විනෝදාත්මක බ්ලොග් අඩවිය (හාස්‍ය, උපහාසය උපදවන බ්ලොග් අඩවි)
  • හොඳම වින්දනාත්මක බ්ලොග් අඩවිය
    • සිනමාව
    • පරිගණක ක්‍රීඩා
    • සංගීතය
    • රූපවාහිනී
  • හොඳම තාක්ෂණික බ්ලොග් අඩවිය
  • හොඳම විද්‍යා බ්ලොග් අඩෙවිය
  • හොඳම අධ්‍යාපනික වැදගත්කමකින් යුතු බ්ලොග් අඩවිය
  • හොඳම සාහිත්‍ය රසයකින් යුතු බ්ලොග් අඩවිය
  • නිවැරදි ව්‍යාකරණ අඩංගු බ්ලොග් අඩවිය
  • හොඳම පාඨක ප්‍රතිචාර හිමි බ්ලොග් අඩවිය
  • හොඳම සමූහ බ්ලොග් අඩවිය

නැණසල අංශය

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විසින් දිවයින පුරා පවත්වාගෙන යනු ලබන නැනසල ආයතන සහභාගී කරගනිමින් මෙම තරග ඉසව්ව පැවැත්වේ. ඒ ඒ ප්‍රදේශවල නැනසල සාමාජිකයන් සහභාගී කරගනිමින් පැවැත්වෙන මෙම ඉසව්වේදී එක් නැණසල ආයතනයට එක් බ්ලොග් අඩවියක් වශයෙන් තරගාවලියට එක් කරගනු ලැබේ. මෙහිදී එම නැනසල ආයතනයට අදාල ප්‍රදේශයේ තාක්ෂණික දැනුමක් නොමැති, එහෙත් නිර්මාණශීලි හැකියාවන් ඇති පුද්ගලයින්ගේ නිර්මාණ එම නැණසල බ්ලොග් අඩවි හරහා එළිදක්වනු ලබන අතර. ඒ සඳහා නැණසල පරිපාලකවරුන්ගේ මූලිකත්වය ගත යුතු වේ. ජයග්‍රහණය කරනු ලබන නැනසල ආයතන සඳහා විශේෂ ත්‍යාගයන් ලබාදීමට නියමිත වේ.

මේ සම්බන්ධයෙන් 2009 මැයි මස 21වෙනි දින පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේ මාධ්‍ය නිවේදනය ලබාගැනීමට – පිවිසෙන්න.

මාධ්‍ය සාකච්ඡාව පිළිබඳ විස්තර.

බ්ලොග්කරණ තරගාවලිය පිළිබඳ නීති-රීති සහ කොන්දේසි.

පූර්ණ අනුග්‍රහය

Sponsors

සම අනුග්‍රහය

microsoft