නීති රීති සහ ‍කොන්දේසි

පොදු නීති රීති

  • බ්ලොග් අඩවිය හරහා වෙනත් පුද්ගලයින්ගේ පුද්ගලික තොරතුරු ඉදිරිපත් නොකළ යුතු ය.
  • බ්ලොග් අඩවිය තුළ අසභ්‍ය වදන්, අසභ්‍ය ඡායාරූප පළකිරීමෙන් වැළකී සිටිය යුතු ය.
  • වෙනත් බ්ලොග් අඩවි, පොත්, පුවත්පත් ලිපි හා වෙනත් ඕනෑම මූලාශ්‍රයකින් සිදු කෙරෙන උපුටා ගැනීමකදී එම මූලාශ්‍රය පිළිබඳව සඳහන් කළ යුතු වේ.
  • වෙනත් පුද්ගලයින්ගේ නිර්මාණ ස්වතන්ත්‍ර නිර්මාණ ලෙසින් ඉදිරිපත් කිරීම එම බ්ලොග් අඩවිය තරගාවලියෙන් ඉවත් කිරීමට ‍හේතු ‍වේ.
  • ඒ ඒ අංශ සඳහා අප විසින් ලබාදෙන බැජ් ඒ ආකාරයෙන්ම බ්ලොග් අඩවියේ තරගය පැවැත්වෙන කාලය තුල ප්‍රදර්ශනය කළ යුතු‍ වේ.
  • ජීවත්වන/ මියගිය කිසිදු පුද්ගලයෙකුට අපහාස වන අයුරින් අපහාසාත්මක බ්ලොග් ලිපි පල කිරීම සපුරා තහනම් වේ.
  • බ්ලොග් අඩවිය සඳහා ලැබෙන ප්‍රතිචාර කළමණාකරණය පිළිබඳ වගකීම ඔබ සතු වේ.

පාසල් අංශය සඳහා විශේෂ වූ නීති රීති

  • පාසල් අංශය සඳහා තරග කිරීමේ සුදුසුකම හිමි වන්නේ ඒ ඒ පාසල් වල සිංහල භාෂා හා සාහිත්‍ය ඒකක (‍හෝ සාහිත්‍ය ඒකකය නියෝජනය කරන එක් කණ්ඩායමක්) සඳහා පමණි.
  • ඔවුන්ට අප විසින් www.sahithya.lk ඩොමේන් නාමය යට‍තේ උප ඩොමේන නාමයක් යටතේ විවෘත කර ලබා‍ දෙන බ්ලොග් අඩවියක් හරහා හෝ ඔවුන්ගේම ස්ථානයක ඔවුන්ගේම නමින් නිර්මාණය කරන ලද බ්ලොග් අඩවියක් තරගය සඳහා එක් කළ හැක.
  • පාසල් සඳහා නිර්මිත වන බ්ලොග් අඩවි ඒ ඒ පාසලේ තොරතුරු තාක්ෂණ ගුරුවරයෙකුගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වීම වැදගත් ‍වේ.
  • පාසල් ශිෂ්‍යයෙකුගේ/ශිෂ්‍යාවකගේ නිර්මාණ පළ කිරීමේදී එක ශිෂ්‍යයාගේ/ශිෂ්‍යාවගේ අයිතිය තහවුරු වන ආකාරයෙන්, එනම්, නිර්මාණකරු‍වාගේ නම සඳහන් වන ආකාරයෙන් ප්‍රකාශයට පත් කළ යුතු ය.

විවෘත අංශය සඳහා විශේෂ වූ නීති රීති

  • මෙම අංශයෙන් තරග කිරීමේ හැකියාව ඇත්තේ අවුරුදු 12න් ඉහළ තරගකරුවන් සදහා පමණි.
  • සමූහ බ්ලොග් අඩවි සඳහා අවම සාමාජිකයන් ගණන 2ක් වන අතර උපරිම සාමාජිකයන් සංඛාවක් නොමැත.

නැණසල අංශය සඳහා විශේෂ වූ නීති රීති

  • එක් නැණසල ආයතනයකට තරගය සඳහා ඉදිරිපත් කළ හැක්කේ එක් බ්ලොග් අඩවියක් පමණි.
  • ඒ ඒ ප්‍රදේශවල නිර්මාණශීලි හැකියාවෙන් යුතු නිර්මාණශීලීන්ගේ නිර්මාණ එකතු කරගනිමින් එම නිර්මාණ බ්ලොග් අඩවියේ පළ කළ යුතු වේ.
  • ඒ ඒ නිර්මාණ පළ කිරීම සිදු කළ යුත්තේ නිර්මාණකරුවාගේ අනන්‍යතාව ප්‍රකාශ වන ආකාරයෙනි.
  • බ්ලොග් අඩවිය පිළිබඳ වගකීම ඒ ඒ නැණසල පරිපාලකයන් සතු වේ.

සැලකිය යුතුයි:-

බ්ලොග්කරණ තරගාවලිය පිළිබඳ අවසන් තීරණය විනිශ්චය මණ්ඩලය සතු වේ.

පූර්ණ අනුග්‍රහය

Sponsors

සම අනුග්‍රහය

microsoft