නර්තනය

සමස්ත ලංකා නර්තන තරගාවලිය – 2009

රාජකීය විද්‍යාලයීය නර්තන සංගමයේ සහ සිංහල භාෂා හා සාහිත්‍ය ඒකක‍යේ සහෝදරත්වයෙන් යුතුව “අසෙනිය කුසුම” සාහිත්‍ය මංගල්‍යයට සමගාමීව සමස්ත ලංකා අන්තර්පාඨශාලයීය නර්තන තරගාවලිය 2009 ඔක්තෝබර් මස 17 වෙනි දින උදෑසන 8.30ට විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ පැවැත්වීමට නියමිතව ඇත. මේ සඳහා ඔබ පාසලේ සිසුනටද අයදුම් කළ හැක. ඔබගේ අයදුම්පත් 2009 ඔක්තෝබර් මස 09 වෙනි දිනට දිනට පෙර ලැබීමට සලස්වතැයි අපි අපේක්ෂා කරමු.

තරග කොන්දේසි

  • එක් පාසලකින් ඉදිරිපත් කළ හැක්කේ නර්තන කණ්ඩායම් 2ක් පමණි.
  • නර්තන අංගයක් සඳහා සහභාගී විය හැකි උපරිම ළමුන් ගණන 20ක් වන අතර අවමය 12 කි. මෙම සංඛ්‍යාවට ගායකයන් හා වාදකයන් ඇතුළත් විය යුතු ය.
  • ගායනයට සහ වාදනයට ගුරු භවතුන්ට සහභාගී විය හැක.
  • ගායනයට සහභාගී විය හැකි උපරිම සිසුන් ගණන 4කි.
  • වෙනත් ගුරුභවතෙකු වාදනයෙන් සහභාගී වන්නේ නම් එම විද්‍යාලයේ විදුහල්පතිගේ අනුමැතිය සහිත ලිපියක් රැගෙන ආ යුතු ය.
  • එක් නර්තන අංගයකට ලැබෙන උපරිම කාලය විනාඩි 5ත් 7ත් අතර විය යුතු ය.
  • නර්තන අංගයන් සඳහා සාම්ප්‍රදායික හෝ නිර්මාණාත්මක ඇඳුම් භාවිතා කළ හැක.
  • 6-8 වසර දක්වා කණිෂ්ඨ අංශයද, 9-13 වසර දක්වා ජ්‍යේෂ්ඨ අංශයටද නව නිර්මාණ හා ඒකල සඳහා 6-13 වසර දක්වා ද අයත් වේ.
  • සියලු ජයග්‍රාහකයින් හට සහතිකපත් හා කුසලතා පිරිනැමේ.
  • විනිශ්චය මණ්ඩලයේ තීරණය අවසාන තීරණය වේ.

සෑම නර්තන අංගයක් සඳහාම මෙම නිර්ණායක පදනම් කරගෙන ලකුණු පිරිනැමේ

  • සම්ප්‍රදායික බව රැක තිබීම (ඒ ඒ සම්ප්‍රදායෙන් බැහැර නොවීම) – 30
  • නවතාවකින් ඉදිරිපත් කිරීම හා රටා යොදාගැනීම – 30
  • ඇඳුමේ යෝග්‍යතාව – 20
  • ගායනා සහ වාදනා යොදාගැනීමේ යෝග්‍යතාව – 20

මේ අනුව පිරිනැමෙන සමස්ත ලකුණු සංඛ්‍යාව 100ක් වේ.

උපදෙස්

  • සිසුන් ගුරුභවතුන් භාරයේ පැමිණිය යුතු ය.
  • සියලුම සිසුන් පාසල් නිල ඇඳුමෙන් පැමිණිය යුතු ය.
  • පාසලට ඇතුළු වන විට තමාගේ නර්තන කණ්ඩා‍යම නර්තන කණ්ඩායම පැමිණි බවට දොරටුවෙහි ආරක්ෂණ නිලධාරීන්ට දැන්විය යුතු අතර අමතරව පැමිණෙන සියලුදෙනා හට භාරකරු වගකිව යුතු ය.
  • සියලුම සිසු සිසුවියන් විනයානුකූලව හැසිරිය යුතු ය.
  • තරගය සඳහා ඉදිරිපත්වන ළමුන් පිළිබඳ වගකීම අප විසින් බාරගන්නා අතර අනෙක් අය පිළිබඳ වගකීම හා තොරතුරු භාරගන්නා බවට සහතික විය යුතු ය.
  • අයදුම්පත ලැබී දින 7ක් තුළ නැවත ලැබීමට යුහුසුළු වන්න.
  • සංවිධායක කමිටු කාර්යාලයෙන් තම පාසලට අදාළ අංකය හා නර්තන අංගයට අදාළ අංකය ලබාගෙන ලියාපදිංචි විය යුතු ය. (එදින පෙ. ව. 8.30ට පෙර)
  • නර්තන අංගයකට එක බැඟින් අයදුම් පත්‍ර 4ක් පිරවිය යුතු ය.
  • ලියාපදිංචි කිරීමේදී අප විසින් නිකුත් කරන හැඳුනුම්පත් සහභාගීවන්නන් පැළඳ සිටිය යුතුය.
  • ලියාපදිංචි කිරීමේදී නර්තන අංගයකට සහභාගී වන අයගේ හැඳුනුම්පත හෝ පාසල් හැඳුනුම්පත ඉදිරිපත් කළ යුතු ය.

පූර්ණ අනුග්‍රහය

Sponsors

සම අනුග්‍රහය

microsoft