“අසෙනිය කුසුම” 2009

November 12, 2009 · සම්පාදනය සාහිත්‍ය ඒකකය විසිනි

කොළඹ රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය විසින් වාර්ෂිකව සංවිධානය කෙරෙන “අසෙනිය කුසුම” සාහිත්‍ය කලා මහෝත්සවය උත්සවාකාරයෙන් පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම් වෙමින් පවතී. බාධක බැමි බිඳහෙලමින් කඩිනමින් සංවිධානය වන මෙම “අසෙනිය කුසුම” සාහිත්‍ය කලා මහෝත්සවය ‍නූතන සාහිත්‍ය සහ අනාගත සාහිත්‍ය කඩඉම් මං සලකුණු සොයා යමින් ඒ පිළිබඳව ...

කොළඹ රාජකීය විද්යාලය ලෝකයේ වඩාත් නව්යකරණය වූ පාසලක් ලෙස මයික්රොසොෆ්ට් ආයතනය මගින් තෝරා ගෙන ඇත

November 5, 2009 · සම්පාදනය සාහිත්‍ය ඒකකය විසිනි

කොළඹ රාජකීය විද්‍යාලය ලෝකයේ වඩාත් නව්‍යකරණය වූ පාසලක් ලෙස මයික්රොසෙෆ්ට් ආයතනය මගින් තෝරාගෙන ඇත රාජකීය විදුහලේ විදුහල්පති උපාලි ගුණසේකර මහතා නොවැම්බර් මස 9 වන දා පැවැත්වෙන ලෝක නව්‍ය පාසල් සංසදයේ දී මේ සදහා  වන සම්මානය ලබාගැනීම සදහා  බ්‍රසීලය වෙත පිටත්ව ගොස් ඇත.

සිංහල භාෂා හා සාහිත්‍ය තරගාවලි දිනය 2009

November 1, 2009 · සම්පාදනය සාහිත්‍ය ඒකකය විසිනි

රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය විසින් සංවිධානය කෙරෙන අන්තර් පාඨශාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය තරගාවලි දිනය මෙවර 2009 ඔක්තෝබර් මස 31වෙනි සෙනසුරාදා දින රාජකීය විද්‍යාලයීය භූමියේදී පැවැත්වින. ඒ සඳහා දිවයින පුරා විවිධ ප්‍රදේශ වල පාසල් නියෝජනය කරමින් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහභාගි විය. එදින තරග අවසානයේ විද්‍යාලයේ නවරඟහල වෙත රැස්වූ ...

භාෂිත සිංහල යුනිකේත අනුගත අක්ෂරය මුදා හැරේ!

September 3, 2009 · සම්පාදනය සාහිත්‍ය ඒකකය විසිනි

සිංහල යුනිකේත සම්මතයේ ඉදිරිගම‍නේ සංධිස්ථානයක් සනිටුහන් කරමින් අද දින, එනම් වර්ෂ දෙදහස් නවයක්වූ සැප්තැම්බර මස තුන්වන බ්‍රහස්පතින්දා දින යුනිකේත අනුගත අක්ෂර වර්ගයක් වන භාෂිත අක්ෂර වර්ගය පොදු භාවිතය සඳහා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය විසින් මුදා හරින ලදී. සිංහල යුනිකේත භාවිතාකරුවන් අතර වර්තමානය වන විට භාවිතා වන්නේ ඉතාමත් සීමිත ...