සිංහල බ්ලොග්කරණ තරගාවලිය ඇරඹේ!

June 1, 2009 · සම්පාදනය සාහිත්‍ය ඒකකය විසිනි

කොළඹ රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය විසින් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායනයේ පූර්ණ අනුග්‍රහය යටතේ පවත්වනු ලබන සිංහල බ්ලොග්කරණ තරගාවලිය මෙසේ ඇරඹෙන වගයි! 2009 ජුනි මස පළමුවන දා සිට අගෝස්තු මස 30වෙනි දින දක්වා පැවැත්වෙන අතර සැප්තැම්බර් මස පැවැත්වීමට නියමිත “අසෙනිය කුසුම” සිංහල භාෂා හා කලා ...

මාර්ටින් වික්‍රමසිංහ නම් විද්‍යාධරයා

May 29, 2009 · සම්පාදනය සාහිත්‍ය ඒකකය විසිනි

හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන් ශ්‍රී ලංකා ධරණි තලය මත පහළවූ ශ්‍රේෂ්ඨතම සාහිත්‍යධරයකු බව අප සියල්ලන්ම දන්නා කරුණකි. තොරතුරු තාක්ෂණය ප්‍රවර්ධනය වෙනුවෙන් කැපවුනු මෙවන් වසරක මේ අපගේ උත්සාහය සාහිත්‍යධරයා සහ විද්‍යාධරයා අතර වර්තමානයේ පවතින දුරස්ථභාවය පිළිබඳව සංවාදයට ගැනීමටයි. ඒ, අදට යෙදෙන එතුමාගේ 119වෙනි ජන්ම දිනය වෙනුවෙනි. මාර්ටින් වික්‍රමසිංහ යනු හුදෙක් සාහිත්‍යධරයෙක් ...

“සව්‍යපේක්ෂා” විශාකා විද්‍යාලයීය කලා මංගල්‍යය 2009

May 28, 2009 · සම්පාදනය සාහිත්‍ය ඒකකය විසිනි

"කාලයේ දුහුලින් වැසී ගිය ශ්‍රී ලාංකේය චුල සංස්කෘතියේ අක්මුල් සොයා යන්නට" විශාකා විද්‍යාලීය කලා මංගල්‍යය සංවිධානය වී තිබිණි. "ශ්‍රී සම්බුද්ධ වර්ෂ දෙදහස් පන්සීය පනස් තුනක් වු වෙසක් මස විසි හත් වන බුධ දින. නිසයුරු අවර සොයා දෙහෝරාවක් පියමන් කළ සඳ, සමන් චන්ද්‍රරණසිංහ ඇදුරාණන්ගේ මුලසුන් හෙබවීමෙන් මිගාර මාතා කරළියේ, සකල ප්‍රර්ථනාවෝ අභිනන්දනය ...

සාහිත්‍ය.lk සහ බ්ලොග්කරණ තරගාවලිය පිළිබඳ මාධ්‍ය සාකච්ඡාව දා…

May 24, 2009 · සම්පාදනය සාහිත්‍ය ඒකකය විසිනි

කොළඹ රාජකීය විද්‍යාල‍යීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන “අසෙනිය කුසුම” සිංහල භාෂා හා සාහිත්‍ය කලා උළෙල හා සමගාමීව පැවැත්වීමට යෙදෙන සිංහල භාෂා හා සාහිත්‍ය තරග අතරට එක්වන සිංහල බ්ලොග්කරණ තරගාවලිය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාව කොළඹ රාජකීය විද්‍යාලයීය සම්මන්ත්‍රණ ශාලාවේ පසුගිය බ්‍රහස්පතින්දා (2009 මැයි ...